දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දිනෙන් දින උණුසුම් වන මැතිවරණ සමයේ, මැතිවරණ ප්‍රචාරණයට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ අතර අසත්‍ය තොරතුරු ද, බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අහසේ පාවෙන බැලූනයක් උපයෝගී කර ගනිමින් මාලිමාවේ මැතිවරණ ප්‍රචාරණයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූපය සංසරණය වූ තව ත් අවස්ථාවක් මෙතනින්. Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම ඡායාරූපය හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ අප විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ජාතික ජන බලවේගයෙන් මෙලෙසින් මැතිවරණ ප්‍රචාරණයක් දියත් කර තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා නිල ගිණුම් හරහා නිරීක්ෂණය කළා. නමුත් අපට ඉහත සටහන් වල දැක්වෙන ලෙස ඡායාරූපයක් දැක ගැනීමට නොලැබුණි.

ඒ හේතුවෙන් මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ඉහත ඡායාරූපය සංස්කරණය කර ඇති බවකි. එලෙස සංස්කරණය කිරීමට හේතු පාදක වූ “lightroom editing වැඩ්ඩො” නමින් තිබූ ෆේස්බුක් සමූහයක තිබූ ෆේස්බුක් සටහනක් වෙත අපගේ අවධානය යොමු වූයේ මෙලෙසින්.

ඉහත ඡායාරූපය සංස්කරණය කිරීමට පෙර තිබූ සත්‍ය ඡායාරූපය දක්වමින් ඉන් සඳහන් කර තිබුණේ, එම ඡායාරූපය සංස්කරණය කරන ලෙසටයි.

Facebook | Archived Link

මේ සඳහා බොහෝ දෙනෙකු කලාත්මකව මෙන්ම උපහාසාත්මක කෝණයෙන් මෙම ඡායාරූපය සංස්කරණය කර තිබුණේ අපට දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

මේ අතර තිබූ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය ද සංස්කරණය කර තිබුණේ මෙලෙසින්.

මේ අනුව මේ ආකාරයට සංස්කරණය කරන ලද ඡායාරූපයක් භාවිත කරමින් ජාතික ජන බලවේගය විසින් සිදුකරන ලද ප්‍රචාරණ වැඩසටහනක් ලෙස නොමග යන සුළු සටහන් සංසරණය වී ඇති බවට පැවසිය හැක.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ, මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් ද, අප කළ විමසීමේදී ඔහු තහවුරු කළේ, මාලිමාවෙන් ඉහත ඡායාරූපයේ දැක්වෙන ලෙස මැතිවරණ ව්‍යාපාරයක් දියත් කර නොමැති බවයි.

Sri Lanka Balloon ආයතනය ද මෙවැනි ප්‍රවර්ධන කටයුත්තක් සිදුනොකළ බව තහවුරු කර සිටිනවා

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මේ ආකාරයේ බැලුන් සේවාවන් ලබා දෙන Hot Air Balloon නියෝජිතායතනයක් වන Sri Lanka Balloon ආයතනයෙන් විමසීමක් කළේ, මේ ඔවුන්ගේ බැලුනයක් ද සහ ඔවුන් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණයක් බැලුනයක් එම පක්ෂයේ සන්නාම සලකුණු සමඟ යොදා ගත්තේ ද , යන්නයි.

ඔවුන් සඳහන් කළේ, එම බැලුනය තමන් යොදාගන්නා වර්ගයේ තම ආයතනෙය් බැලුනයක් බවත්, ඔවුන්ට එලෙසින් මැතිවරණ ප්‍රචාරණය සඳහා මෙම බැලුන යොදා ගැනීමේ ගණුදෙණුවක් සිදු වී නොමැති බවත්, ඕනෑම පාරිභෝගියෙකුගේ අවශ්‍යතාව පරිදි බැනරයක් ගසන්නේ නම්, ඒ බැලුනය මත නොව ඔවුන් ගෙන යන කූඩය වටා එල්ලීම පමණක් සිදු කරන බවයි. එසේම මෙම බැලුනය මත කිසිදු අයුරකින් ස්ටිකර් ඇලවීම වැනි කටයුතු සිදු නොවන බවත්, එසේ සිදු කරනවා නම්, බැලුනය නැවත මසා නිම කිරීම සිදු කිරීමට අවශ්‍ය බවයි.

නමුත් ඉහත ඡායාරූපය සංස්කරණය කළ ඡායාරූපයක් බවත්, Hot Air Balloon සේවාව මැතිවරණ ප්‍රචාරණයක් සඳහා යොදා ගැනීමට, එවැනි ගණුදෙණු කරුවෙක් මෙතෙක් නොපැමිණි බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:බැලුනයක් මඟින් මාලිමාව සිදුකරන නවතම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්?

Fact Check By: Pavithra Sandamali

Result: False