
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීමේදී බොහෝ ලෙසින් නොමග යවන සුළු අර්ථකථනයන් සමග පළ කිරීම සුලභව දක්නට ලැබෙන කරුණක්. එලෙස, ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් සංසරණය වූ අතර ඒ පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි, මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“නමක් දන්නෑ දිවුලපිටියෙමෙ වලිගය දඬු ලේනෙකුගෙ වගෙ හොම්බ අලියෙකුගෙ වගේ. පැටවුනුත් ඉන්නව පිටසක්වල ජීවියෙක්ද?” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.
මෙම වීඩියෝව දිවුලපිටියේ පටිගත කළ අවස්ථාවක් බවට දක්වමින් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

නිට්ටඹුවේදී මෙම සත්ත්වයා දැක ගත් අවස්ථාවක් ලෙස යූටියුබ් හි වීඩියෝවක් පළ වී තිබුණේ මෙලෙසින්.
එමෙන්ම මෙම වීඩියෝව සහ මෙම වීඩියෝවේ ඡායාරූප අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් ද, පළ වී තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්. Archived Link | Archived Link
මෙම සත්ත්වයා කවුරුන්ද යන්න මෙන් ම මෙම සත්ත්වයා ශ්‍රී ලංකාවේ සිටිනවා ද යන්න පිළිබඳ හා මෙම වීඩියෝව මෙරට පටිගත කරන ලද වීඩියෝවක් ද, යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබූ බැවින් මේ පිළිබඳ නිවැරදි කරුණු සෙවීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝව Invid තාක්ෂණය ඔස්සේ ලබා ගත් රූපරාමු ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව දැක ගන්නට ලැබුණේ, අද්විතීය සතෙකුගේ බව කියමින් මෙම වීඩියෝව මැලේසියාවේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති බවත්, ඒ පිළිබඳව එරට Sarawak Forestry Corporation (SFC) විසින් පැහැදිලි කර තිබුණේ, මෙම වීඩියෝව එරට වීඩියෝවක් නොව වෙනත් රටක වීඩියෝවක් බවයි.
ඉන්දුනීසියාවේ ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති අතර ඉන්දුනීසියානු බලධාරීන් ද එය ඉන්දුනිසීයාවේ සිදුවීමක් නොවන බවට පවසා තිබුණා. ඒ පිළිබඳ පළ වූ පුවතක් මෙතනින්. Archived Link
එමෙන්ම මෙම වීඩියෝ බ්‍රසීලයේ බව ට දක්වමින් ද, ටික්ටොක් ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා.
මෙම සත්ත්වයාගේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී මෙම සත්ත්වයා Myrmecophaga tridactyla කියන විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ ඇන්ටීටර් (Giant anteaters) වර්ගය , දකුණු ඇමරිකාවේ, දකුණු බෙලීස් සහ ග්වාටමාලාවේ සිට උතුරු ආර්ජන්ටිනාවේ දැක ගන්නට ලැබෙන සත්ත්වයෙක් බවට අනාවරණය වුණා. මෙම සත්ත්වයා පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. වීඩියෝවක් මෙතනින්. IUCN

මෙම විශාල Ant Eaters වර්ගය ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ!
එහෙත් ලංකාවේ ද Ant Eaters වර්ගයක් දක්නට ලැබෙන අතර ඒ කබැල්ලෑවා නැතහොත් Indian Pangolin (Manis crassicaudata) නමින් හැඳින්වෙන සත්වයා යි. ඉන්දියාවේ සහ ලංකාවේ දක්නට ලැබෙන මෙම සත්ව විශේෂයේ ගහණය ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්වයෙකු ලෙස රතු දත්ත පොතෙහි වර්ග කර තිබෙන්නේ මෙලෙසින් . කබැල්ලෑවා පිලිබඳ තවත් විස්තර මෙතනින්

සිරුරේ කොරපොතු පිහිටි කබැල්ලෑවා පිලිබඳ අධ්‍යයන කිහිපයක් ම සිදුකර තිබෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා පවසන්නේ, රාත්‍රී කාලයේ දී වඩා සක්‍රීය වන මෙම දුර්ලභ සත්වයා, වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත කොට තිබෙන සත්වයෙකු වුවද, ලංකාවේ දී මස් පිණිස දඩයමට ද ලක්වෙන අතර නීති විරෝධී ජාත්‍යන්තර වෙළඳාම හේතුවෙන් ද මෙම සත්ව කොට්ඨාශයේ ගහණය අඩුවෙමින් පවතින බවයි. වාර්තාවක් මෙතනින් සහ මෙතනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දිවුලපිටියේ සිටින අමුතු සත්ත්වයෙකු ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට වීඩියෝවක් නොවේ. එමෙන්ම මෙම සත්ත්වයා Myrmecophaga tridactyla කියන විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ ඇන්ටීටර්( Giant anteaters) වර්ගයට අයත් මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ, දකුණු බෙලීස් සහ ග්වාටමාලාවේ සිට උතුරු ආර්ජන්ටිනාවේ දැක ගන්නට ලැබෙන සත්ත්ව කොට්ඨාශයකි.

Title:දිවුලපිටියේ සිටින අමුතු සත්ත්වයෙකුගේ වීඩියෝවක්? (Video)
Fact Check By: Pavithra SandamaliResult: False