
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
කොළඹ දිස්ත්‍රික්කයේ , මීපේ ප්‍රදේශයේ පිහිටි හයිඩ්රාමනි ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණය පසුගිය දින කිහිපයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිර ගිය අතර ඉන් එක් සටහන් පෙළකින් කියවුනේ ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට බලය හිමිව පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සමුපකාර ආයතනයක් වන මහව සමුපකාර සමිතිය විසින්, මෙසේ වසා දැමීමට තීරණය කර තිබුණු මෙම මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව මිලදී ගත් බවක්. මෙහි සත්‍යතාව පිළිබඳව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීම පහතින්.
සමාජ ජාලා සටහන්
ජවිපෙ බලය හිමිව පවතින මහව සමුපකාර සමිතිය මගින් වසා දමන්නට තීරණය කළ මීපේ හයිඩ්රමනි කර්මාන්තශාලාව මිලට ගත් බවත්, එම කර්මාන්තශාලාව වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමට මහව සමුපකාරයේ නිලධාරින් තීරණය කළ බවත් සඳහන් කළ ෆේස්බුක් සටහනක් බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

ඒ සම්බන්ධයෙන් පැතිර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම සොයා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් මගින් මෙවන් පුවතක් වාර්තා කර ඇතිද යන්න පිලිබදවයි. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.
ඉන් අනතුරුව අප මෙම කර්මාන්තශාලාව වසා දැමීම සම්බන්ධයෙන් හයිඩ්රාමනි ආයතනය මගින් දක්වා ඇති නිල ප්‍රතිචාර පිලිබදව අපගේ අවධානය යොමු කළා. කර්මාන්තශාලාව වසා දැමීමට ගත් තීරණය පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් ආයතනයේ කළමනාකාරිත්වය අවධාරණය කරන්නේ ගෝලීය වශයෙන් නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම මේ වන විට යම් තාක් දුරකට අඩුව පැවතීම මෙම කර්මාන්තශාලාව වසා දැමීමට බලපෑ ප්‍රධාන සාධකය බවයි. නමුත් ගෝලීයව පවතින මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් වනු ඇති බවත් ඔවුන් පවසනවා.
තවද කර්මාන්තශාලාවේ සේවකයින්ට දිවයිනේ වෙනත් ප්‍රදේශවල පිහිටි සිය ආයතනයටම අයත් වෙනත් කර්මාන්ශාලාවල සේවය සදහා එක්වීමට, ඔවුන් කැමතිනම් ඉඩකඩ ලබාදී ඇති බවත් පවසන හයිඩ්රමනි ආයතනය, සිය නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිසේත්ම පියවර ගන්නේ නැති බවයි. ඉදිරියටත් ආයෝජන සහ ව්‍යවසාය පුළුල් කිරීම මගින් ලංකාවේ ඇගලුම් කාර්යාලයේ උන්නතියට දායකවීමට අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සදහන්. එම නිවේදනය පහතින්.

එසේම දැනට ජනතා විමුක්ති පෙරමුණේ බලය පවතින මහව සමුපකාරයේ සභාපති චන්ද්‍රරත්න බණ්ඩාරගෙන් අප මේ පිලිබදව විමසා බැලු විට ඔහු පැවසුවේ ද මහව සමුපකාරය මගින් මීපේ කර්මාන්තශාලාව මිලදීගැනීමට තීරණය කරන ලද බවට පළවන සමාජ ජාලා සටහන් සම්පුර්ණ අසත්‍ය බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයද එම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු ප්‍රතික්ෂේප කරනවා.
වසා දැමීමට තීරණය කරන ලද කර්මාන්තශාලාවට , එහි භූමියට සිදුකරන්නේ කුමක්ද යන්න පිලිබදව ඉදිරියේදී තීරණය කරන බවත්, මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, හයිඩ්රමනි ආයතනයේ ඉහළ නිලධාරියෙක් අප විසින් සිදුකරන ලද විමසීමේදී පැවසුවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion ( අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ ජවිපෙ මාධ්‍ය අංශය මෙන්ම දැනට ජනතා විමුක්ති පෙරමුණේ බලය පවතින මහව සමුපකාරයේ සභාපති ද, මහව සමුපකාරය මගින් මීපේ කර්මාන්තශාලාව මිලදීගැනීමට තීරණය කරන ලද බවට පළවන සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු කර සිටින බවයි. හයිඩ්රමනි ආයතනයේ ඉහළ නිලධාරියෙක් ද පවසා සිටියේ වසා දැමීමට තීරණය කරන ලද කර්මාන්තශාලාවට , එහි භූමියට සිදුකරන්නේ කුමක්ද යන්න පිලිබදව ඉදිරියේදී තීරණය කරන බවත් මෙතෙක් තීරණය කොට නොමැති බවයි.

Title:වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගත්තාද ?
Written By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,