දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය වකවාණුවේදී ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වී තිබූ අතර දෙමව්පියන් මෙන් ම දරුවන් ද, තැති ගැනීමකට ලක් වී තිබුණා. නමුත් පොලීසිය මේ පිළිබඳ සිදු කරන ලද විමර්ශන වලින් තහවුරු කළේ, මෙම පුවත් වල සත්‍යතාවයක් නොමැති බවයි. Fact Crescendo අප කණ්ඩායම ද, නොමග යවන සුළු අසත්‍ය සටහන් කිහිපයක්ම සම්බන්ධයෙන් කරුණු විමර්ශනයන් සිදු කොට දුස් තොරතුරු අවම කිරීමට සහය දක්වනු ලැබුවා.

ළමුන් පැහැර ගැනීම් සම්බන්ධ සිදුවීම් සම්බන්ධ අවධානය පහව යන්නට පෙර නැවතත් දරුවෙකු අතුරුදන් ලෙස සඳහන් කරමින් තවත් සමාජ මාධ්‍ය සටහන් මේ දිනවල බහුලව සංසරණය වුණා. එහි නිරවද්‍යතාව සොයා අප මේ පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1:

අවුරුදු 04 යි මාස 08ක දරුවෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් දැනුවත් කරමින් එම දරුවා සොයා ගැනීමට සහය පතා එම දරුවාගේ පියා සහ ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් මහ ජනතාවගෙන් කළ ඉල්ලීමක් සමාජ මාධ්‍ය ඔස්සේ එම දරුවාගේ ඡායාරූප සමගින් සටහනක් මේ දිනවල සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ප්‍රථමයෙන් ම අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගැනීමට ලැබුණේ ඉහත දක්වා ඇති දරුවා සොයා දෙන ලෙසට පළ වූ සටහන් පෙළක් 2022 වර්ෂයේ ඔක්තෝබර් , නොවැම්බර් මාසවල සිට ප්‍රථම වරට සංසරණය වී ඇති බවයි.

කොච්චිකඩේ සාන්ත මේරි පාර් සිටී දික්වැල්ල සෞම්‍යා ලූඩ්ස් විතාන නම් කාන්තාව සහ එම දරුවා ආගිය අතක් නොමැති බවත්, දරුවා සොයා ගැනීම සඳහා නිවැරදි තොරතුරක් ලබා දෙන අයට මුදල් ත්‍යාග ලබා දීමට පියා සූදානම් බවට එම සටහන් වල වැඩි දුරටත් දක්නට ලැබෙනවා.

Facebook | Archived Link

එම වකවාණුවේ ඉහත සටහන් සංසරණය වී තිබූ අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එම සටහන් වල ටී. සංජීව නමැති දරුවාගේ පියා ලෙස සඳහන් කර තිබූ දුරකතන අංකයට අප ඇමතුමක් ලබා ගත් අතර මේ පිළිබඳ අප විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, පසුගිය වසරේ තම දරුවා අතුරුදන් වූ අවස්ථාවේ පළ කළ සමාජ මාධ්‍ය සටහන් නැවතත් ඇතැම් ෆේස්බුක් හරහා නැවත පළ කර ඇති බවත්, එම දරුවා පසුගිය පෙබරවාරි 21 වන දා හමු වූ බව ත් , මේ වන විට ඒ සඳහා අධිකරණයේ නඩුවක් ද, පවතින බවයි. එමෙන් ම දරුවා හමු වූ හෙයින් මෙම සටහන් ඉවත් කර ගන්නා ලෙස සියලු ෆේස්බුක් ඇඩ්මින්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා ළමා හා කාන්තා කාර්‍යාංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් ඒ පිළිබඳ කළ සොයා බැලීමෙන් අනතුරුව අප වෙත සඳහන් කළේ, එම දරුවා පසුගිය වසරේ අතුරුදන් වීමත් සමග ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් පොලීසිය වෙත කළ දැනුම්දීමෙන් පසු එම පාර්ශවයන් සියල්ලේම සහය ඇතිව එම දරුවා සොයා ගැනීමට සමත් වූ බවයි.

Claim 2:

මෙම දරුවා අතුරුදහන් වී ඇත සොයා දෙන්න යනුවෙන් සඳහන් කරමින් දුරකතන අංක ඇතුළත් කරමින් මෑතකදී සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

අප මේ පිළිබඳ විමර්ශනය කිරීම ට මෙම සටහනේ දක්වා ඇති දුරකතන අංක වලට ඇමතුමක් ලබා ගත් අතර එහිදී මෙලෙසින් අතුරුන් වූ බවට පවසන දරුවාගේ නැන්දණිය විසින් එම ඇමතුම ලබා ගන්නා ලදී.

ඇය පවසා සිටියේ මෙම දරුවා අතුරුදන් වූයේ මීට වසර 4කට පමණ පෙර බව ත්, එවකට එම දරුවා 7 වසරේ ඉගෙනුම ලැබූ අතර මේ වන විට මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවෙකු බව ත්, එවකට මෙම දරුවා අතුරුදන් වීම හේතුවෙන් ඔහු සොයා ගැනීමට උදව් උපකාර ඉල්ලා සමාජ මාධ්‍ය සටහන් වල සංසරණය වූ පෝස්ටුවක් නැවත නැවත හුවමාරු වන බව ත් සඳහන් කළා.

කෙසේ වෙතත් එම දිනවල දරුවා මෙම පෝස්ටු මගින් කළ දැනුවත් වීම් වලින් දරුවා සොයා ගැනීමට හැකියාව ලැබුණු අතර මෙම සටහන් නැවත හුවමාරු කර නොගන්නා ලෙස ඇය ඉල්ලීමක් ද, සිදු කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:මෑතකදී අතුරුදන් වූ දරුවෙකු ලෙස හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

Written By: Pavithra Sandamali

Result: Misleading