දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල බහුලව සංසරණය වන සමහර සමාජ ජාලා සටහන් පෙළක සඳහන් වන්නේ, තම නගරයේ පිරිමින් ඉතා අවම සංඛ්‍යාවක් ජීවත්වීම හේතුවෙන්, විවාහ වීම සදහා පිරිමින් නොමැතිව අසරණ භාවයට පත් බ්‍රසීල ජාතික කාන්තාවන් බහුල ව ජීවත්වන, බ්‍රසීල නගරයක් පිළිබඳවයි. මෙම සටහන්වල දැක්වෙන කරුණු සත්‍යද යන්න විමසා බැලීමට අප තීරණය කළා.

සමාජ ජාලා සටහන්

සමාජ ජාලා සටහන්හි දැක්වෙන්නේ බ්‍රසීලයේ පිහිටා ඇති Noiva Da Cordeiro නම් නගරයේ පිරිමින්ගේ හිඟතාවයක් ඇති බවයි. එබැවින් කාන්තාවන්ට විවාහ වීමට පිරිමින් නොමැතිවීම නිසා ඔවුන් විවාහ වීම සදහා පිරිමින් සොයන බව මෙම සමාජ ජාලා සටහන්වල දැක්වෙනවා.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙවැනි සටහන් පෙළක් ම ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී දැකගන්නට ලැබුණේ 2014 වසරේ මැද භාගයේදී ඇතැම් වෙබ් අඩවි සහ පුවත්පත් මගින් මෙවැනි පුවතක් මුලින්ම වාර්තා කර ඇති බවයි. ඒවායේ දක්නට ලැබුණේ Noiva Da Cordeiro නම් බ්‍රසීල නගරයේ 600 ක පමණ කාන්තාවන් පිරිසක් සිටින බවත්, විවාහ වීම සදහා නගරයේ පිරිමින් අඩුවීම නිසා ඔවුන් තමන්ව විවාහ කරගන්නා ලෙස නගරයෙන් පිටත ජීවත්වෙන පිරිමින්ගෙන් ආයාචනය කරන බවයි. එවැනි පුවත් වාර්තා කිහිපයකට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින් .Archived & Archived

කෙසේ වෙතත් එම වාර්තා පළ වීමෙන් අනතුරුව BBC Brazil සේවය විසින් එම ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් සිදුකර තිබෙනවා. එහිදී ඔවුන් සොයාගත් කරුණුවලට අනුව සැබැවින්ම මෙම Noiva Da Cordeiro ප්‍රදේශය නගරයකට වඩා කුඩා ගම්මානයක්. එසේම මෙහි පිරිමින් සහ කාන්තාවන් යන දෙපාර්ශවයම සිටින්නේ 350 ක් වැනි සුළු පිරිසක්.

එමෙන්ම ඉහත වාර්තාවලට ඡායාරුප තුළ දැක්වෙන සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් බව පැවසූ කාන්තාවක් ද BBC වෙත පවසන්නේ තමන් එවැනි ආකාරයේ කරුණු ලබාදීමක් කිසිවිටෙකත් සිදුනොකළ බවයි. එසේම තම ගම්මානය පිරිමි හිඟයකින් පෙළෙන බවට වන සඳහන ද, ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.

BBC Brazil වෙත අදහස් දක්වන කාන්තාවන් පවසන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සතියේ දිනවල අසල පිහිටි නගරයක කර්මාන්තශාලාවල සේවය සදහා යන බවත් , එම හේතුව නිසා කාන්තාවන් පමණක් බොහෝ දිනවල සිටින නිසා කාන්තාවන් අතර සහයෝගිතාවයක් ඇතිකර ගැනීම සඳහා ඇතැම් කාන්තා සමිතියක් ගමේ පිහිටුවා ඇති බවයි. එම සමිතිය මගින් පැවැත්වූ ඇදුම් විලාසිතා තරගයක සේයාරූ එහි ෆේස්බුක් පිටුව ඔස්සේ ලබාගත් කණ්ඩායමක් ,ඒවාද උපයෝගී කරගෙන ජාත්‍යන්තර වශයෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත් ඔවුන් BBC Brazil වෙත පවසා තිබුණා.

මෙම නගරයේ කාන්තාවන් ජීවන වෘත්තීන් ලෙස බොහෝ විට සිදුකරන්නේ සත්ව පාලනය සහ කෘෂිකර්මාන්තයයි. ඔවුන් පිහිටුවා ගෙන ඇති සමිතිය මගින් එම වෘත්තීන් වල නියැලීම සඳහා මහත් පිටුබලයක් ලැබෙනවා. ඔවුන් තවදුරටත් තොරතුරු තහවුරු කරමින් සඳහන් කර තිබුණේ, එම ගම්මානය පිරිමි හිඟයකින් නොපෙළෙන බවත් විවාහවීම සඳහා පිරිමින් අපේක්ෂා කරමින් කාලය ගතකරන බවට සමාජ ජාලා වල පළවන අසත්‍ය ප්‍රචාර තම ගම්මානයට අපහාසයක් බවයි. මේ සම්බන්ධ වන BBC Brazil වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived

එසේම ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙම නගරයේ කාන්තාවන්ගේ ඡායාරූපය, 2016 වසරේ දී Noiva do Cordeiro නම් මෙම නගරයේ තොරතුරු පළවන ෆේස්බුක් පිටුවක පළ වී තිබු අතර එම ෆේස්බුක් පිටුවේ ඡායාරුප පරික්ෂා කිරීමේ දී තම ස්වාමිපුරුෂයන් සහ දරුවන් සමඟ මෙම කාන්තාවන් උත්සව ආදියට සහභාගී වන අයුරු ද දැක ගන්නට පුළුවන්.

එසේම මෙවැනි නොමඟ යවන සුළු සටහන් පසුගිය වසර කිහිපය පුරාවටම ලොව විවිධ ප්‍රදේශවල හුවමාරු වී තිබු අතර මේ සම්බන්ධයෙන් 2014 වසරේදී බ්‍රසීල කරුණු විමර්ශන කණ්ඩායමක් මගින් සිදුකරන ලද කරුණු විමසුමකට පිවිසිය හැකියි මෙතනින් ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනයක් මෙතනින්

National Geographic වෙබ් අඩවියේ මේ පිළිබඳව වාර්තා කර තිබු විශ්ලේෂණාත්මක වාර්තාවක් මෙතනින් .

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ පිරිමින් නොමැති කම නිසා සහකරුවෙක් සොයාගැනීමට අපහසුව දැඩි පිඩාවට පත්ව සිටින කාන්තාවන් බහුතරයකින් සැදුම්ලත් Noiva Da Cordeiro නම් බ්‍රසීල නගරයක් පිළිබඳව පලවූ සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි.

අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කිහිපයක්ම පළකර තිබු නොමඟ යවන සුළු වාර්තා මෙම සටහන් සඳහා මුල් වී තිබුණ ද සැබැවින්ම මෙම කුඩා ගම්මානයේ සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයට විවාහවීමට පිරිමින් නොහැකිව සිටින කාන්තාවන් රැසක් නොමැති අතර පිරිමින්ගේ හිගයක්ද එහි නැත.

Avatar

Title:පිරිමින්ගේ හිඟතාවක් නිසා විවාහවීමට පිරිමින් සොයන කාන්තාවන් බහුල බ්‍රසීල නගරයක් පිලිබදව වන සමාජ ජාලා සටහන් අසත්‍යයි!

Written By: Fact Crescendo Team

Result: False