
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට කතිකාවට භාජනය වන තිලිණි ෂැල්වින් ගුරුවරිය හා සම්බන්ධව මේ දිනවල පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයන් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“චන්ද්‍රයාන් ව්‍යාපෘතියේ සිටි ඉන්දීය විද්‍යාඥවරියන් ඉතා පසුගාමී ගෝත්‍රික සංස්කෘතික ආකල්ප වලින් යුත් සාරිය ඇඳ සිටියා. ඇයි ඔවුනට සැහැල්ලු ඇඳුමක් අඳින්න බැරි. ස්වාධීනත්වයක් නැති ඔවුන් නූතන ලෝකයට ගැලපෙන අය නොවේ” – තිලිණි ෂැල්වින් නමැති ගුරුවරිය විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් “අපේ රට” ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක් ලෙසට හඟවමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබූ මෙම සටහන්හි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරිනි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
තිලිණි ෂැල්වින් ගුරුවරිය විසින් සිදු කළ බව කියන ඉහත ප්‍රකාශය “අපේ රට” ෆේස්බුක් පිටුවේ පළ වී ඇත් ද යන්න අප පරීක්ෂාවක් සිදු කළා. එවැනි සටහනක් එහි පළ වී නොතිබුණු බැවින් අප එම පිටුවේ ඇඩ්මින්ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එවැනි ප්‍රකාශයක් ඇතුළත් සටහනක් ප්‍රකාශය “අපේ රට” ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බවත්, එය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.
ඔහු විසින් මෙය සංස්කරණය කරන ලද්දක් බවට ඉහත සටහනක ද, ප්‍රතිචාර දක්වා ඇති බවට ද, අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

එමෙන්ම ඉහත සටහනේ ඡායාරූපය සඳහා යොදාගෙන තිබුණේ, තිලිණි ෂැල්වින්ගේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව ට ද, අප දැක ගන්නට ලැබුණා.
පසුගිය වසරේ මුහුණ දීමට සිදු වූ බරපතල ආර්ථික තත්ත්වය යටතේ පාසලට සාරිය ඇඳගෙන පැමිණීමට වෙනුවට පාසලට සුදුසු අයුරින් සාමාන්‍ය, සැහැල්ලු ඇඳුමකින් සැරසී පැමිණීමේ මූලික පියවර ගැනීමක් වශයෙන් තිලිණි ෂැල්වින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ඡායාරූපය සංස්කරණය කරමින් මෙම අවස්ථාවට යොදා ගෙන තිබුණා. එම සත්‍ය ඡායාරූපය අයත් 2022 නොවැම්බර් මස පළවූ සටහනක් පහතින්.
ඉන් අනතුරුව අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමට තිලිණි ෂැල්වින් ගුරුවරියගෙන් ද විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.
ඇය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහන පහතින්.

කෙසේ වෙතත් තිලිණි ෂැල්වින් පාසලට සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් පැමිණීම වැනි හේතුන් නිසා ඉන්දියාවේ සඳ මතට පා තැබීමේ චන්ද්‍රයන්-3 මෙහෙයුම සඳහා කැපවුණු ඉන්දීය විද්‍යාඥවරියන් ද, සාරියෙන් සැරසී සිටින අයුරු දැකගන්නට ලැබෙන වීඩියෝ මාධ්‍ය හරහා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණ හෙයින්, එය ප්‍රයෝජනයට ගෙන උපහාසාත්මක කෝණයෙන් මෙලෙසින් අසත්‍ය සටහන් නිර්මාණය වී ඇති බව අනුමාන කළ හැක.
Also Read: සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?
තිලිණි ෂැල්වින් ගුරුවරිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රථමයෙන් ම වඩාත් අවධානයට ලක් වූයේ ඇය ඉගැන්වීම් කටයුතු සිදු කරන දුෂ්කර පාසලක් වන උඩුදුම්බර, කහටලියද්ද චූලාභය ද්විතීයය පාසලේ දරුවන්ගේ ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා අවශ්‍ය ජලනල පද්ධතියක් පාසල තුළ ස්ථාපිත කිරීම සහ එහි දරුවන්ට අවශ්‍ය අනෙකුත් බොහෝ උදවු උපකාර කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ව්‍යාපෘතියක් සිදු කිරීමයි. මේ සඳහා 2016 වසරේදී තිලිණි ෂැල්වින් දෙරණ ටී. වී. ශ්‍රී ලන්කන් ඔෆ් ද ඉයර් 2016 සම්මානය ද හිමි වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, තිලිණි ෂැල්වින් ගුරුවරිය විසින් “චන්ද්‍රයාන් ව්‍යාපෘතියේ සිටි ඉන්දීය විද්‍යාඥවරියන් ඉතා පසුගාමී ගෝත්‍රික සංස්කෘතික ආකල්ප වලින් යුත් සාරිය ඇඳ සිටියා. ඇයි ඔවුනට සැහැල්ලු ඇඳුමක් අඳින්න බැරි. ස්වාධීනත්වයක් නැති ඔවුන් නූතන ලෝකයට ගැලපෙන අය නොවේ” යනුවෙන් සඳහන් කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බවයි. ඇය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර එම සටහන සඳහා යොදාගෙන ඇති ඡායාරූපය ද, ඇයගේ සත්‍ය ඡායාරූපයක් සංස්කරණය ට භාජනය කර පළ කර ඇති අවස්ථාවකි.

Title:චන්ද්‍රයාන්-3 ව්‍යාපෘතියේ සිටි ඉන්දීය විද්‍යාඥවරියන් සම්බන්ධයෙන් තිලිණි ෂැල්වින් ප්‍රකාශයක් සිදු කළා ද?
Written By: Pavithra SandamaliResult: False
