
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ බොහෝ ෆේස්බුක් පරිශීලකයින් නොමග යනු ලබන්නේ ඒවා සත්‍ය ඡායාරූප බවට උපකල්පනය කරමින්. එලෙසින් නොමග යන සුළු ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන්:
“අනේ ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න…🌼🥺 නොදැක්කා වගෙ යන්න එපා” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
එම ඡායාරූපයෙන් දැක්වුණේ, කුඩා හාමුදුරු නමක් විසින් අඹ ගසකට නැග සිටි අවස්ථාවක දිමියන් විසින් එම ස්වාමින්වහන්සේව ග්‍රහණය කර සිටින අයුරුයි.

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
මෙම ඡායාරූපය බැලූ බැල්මට සත්‍ය ඡායාරූපයක් බව ට දැක ගැන්මට නොවන බැවින් අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී දැක ගන්නට ලැබුණේ කාම්බෝජියාවේ භාෂාවෙන් (Khmer) ෆේස්බුක් හි පළ වූ මෙම ඡායාරූපය ද, ඇතුළත් තවත් මෙවැනි නිර්මාණය කරන ලද ඡායාරූප ඇතුළත් ඡායාරූප ගොනුවකි.

එසේම ඉහත ඡායාරූප AI (Artificial Intelligence) කෘතීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කළ බවට එහි නිර්මාණකරු සනාථ කර තිබු අතර, අප ඒ පිළිබඳව සිදුකළ වැඩිපුර විමර්ශනයේදී ද ඒ බව තවදුරටත් තහවුරු වුණා. එවැනි එක් මෙවලමක් ලබාදුන් ප්‍රතිඵලයක් පහතින්.

කෙසේ වෙතත් මෙම ඡායාරූප සත්‍ය ඡායාරූපයක් බවට උපකල්පනය කරමින් බොහෝ ෆේස්බුක් පරිශීලකයින් එම ඡායාරූපයේ දැක්වූ කුඩා ස්වාමින්වහන්සේ නමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබුණා.
එමෙන් ම පසුගිය කාලයේදී AI ඔස්සේ කුඩා සාමනේරුවරුන්ගේ ඡායාරූප නිර්මාණය කර තිබූ අතර එම ඡායාරූප ෆේස්බුක් පරිශීලකයින් අතර ජනප්‍රිය වී තිබුණා. එවැනි ඡායාරූප ඇතුළත් ඇල්බම් කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link| Archived Link| Archived Link
Also Read: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක්කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරූපයේ ඇත්ත කතාව!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කුඩා සාමනේර නමක් අඹ ගසක නැග සිටියදී දිමියන්ගේ ග්‍රහණයට හසු වූ බවට හඟවමින් පළ වූ ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් නොව AI (Artificial Intelligence) තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයකි.

Title:කුඩා ස්වාමින් වහන්සේ නමකගේ සත්‍ය ඡායාරූපයක් ද?
Written By: Pavithra SandamaliResult: Misleading
