
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
අවාසනාවකට, තරඟ විභාග සහ රැකියා යනාදිය ඉලක්ක කරගනිමින් නොමඟ යවන ගූගල් පෝරම, ව්‍යාජ යෙදුම් මෙන් ම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන්, බොහෝ දෙනෙකු නොමග යන අවස්ථා බහුලව දැක ගන්න ට ලැබෙනවා. එවන් නොමග යන සුළු සටහනක් සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
2024 සඳහා වන කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා වන පූර්ව සමීක්ෂණය බවත්, එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වන සමීක්ෂණයක් බවත් දක්වමින්, පූර්ව සමීක්ෂණයක් සඳහා විභාග අපේක්ෂිත අයැදුම්කරුවන් තොරතුරු ලබා දීම අනිවාර්ය බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වූයේ මෙලෙසින්.

මෙම ෆෝරමය සම්බන්ධ තොරතුරු බහලුව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසා අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳව අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
කොරියානු රැකියා අවස්ථා සඳහා අයැදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන් අතර දැඩි තරඟයක් පවතින අතර ඒ සඳහා මූලික සුදුසුකමක් වන්නේ කොරියානු භාෂා විභාගය සමත් වීමයි.
එවන් පසුබිමක, මෙවැනි සමීක්ෂණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්දීමක් සිදුකර තිබිය යුතු බැවින් අප ඒ පිළිබඳව ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එවැනි තොරතුරක් පිළිබඳව නිල මාධ්‍ය ප්‍රචාරයක් හෝ නිල සටහනක් අපට දැක ගන්නට නොලැබුණි.
ඒ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළ කරන ලද නිල සටහනක දක්වා තිබුණේ, ඉහත අයදුම්පත්‍රය ව්‍යාජ බවත්, එය කොරියානු භාෂා විභාගයට සම්බන්ධ නොවන බවත් ය.
එමෙන්ම ඉහත ව්‍යාජ සටහන්හි දක්වා තිබූ ගුගල් පෝරමයේ සබැඳිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත්, මෙවැනි වංචනික සටහන් සඳහා නොරැවටෙන ලෙසත්, ඔවුන් වැඩි දුරට ත් එහි සඳහන් කර තිබුණේ මෙලෙසින්.
කොරියානු HRDK ආයතනය (කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවය) විසින් ද ඉහත ගූගල් පෝරමයක ස්වරූපයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා අයදුම්පත ව්‍යාජ බවත්, එය, HRDK ආයතනයේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිත කර තොරතුරු එක් රැස් කරන මෙවන් වංචනික පාර්ශවයන්ගේ ක්‍රියාකාරකම් වලට නොරැවටෙන ලෙස ඔවුන් ද, සටහනක් එක් කර තිබුණා.
2024 කොරියානු විභාගය සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති උපදෙස් වෙත යොමු විය යුතු අතර, එම විභාගය සඳහා නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා www.slbfe.lk වෙබ් අඩවියෙන් පමණක් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා අයදුම්කරුවන්ට 1989 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ හැකියාවක් පවතී.
මෙවැනි වංචනික උත්සාහයන් හඳුනා ගැනීම සහ මෙම ව්‍යාජ අයදුම්පත්‍ර හරහා පුද්ගලික තොරතුරු සැපයීමෙන් වැළකී සිටීම ට සියලුදෙනා දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2024 සඳහා වන කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත් වන පූර්ව සමීක්ෂණයක් බවට දක්වමින් සහ ඒ සඳහා තොරතුරු ලබා දීම අනිවාර්ය බවට දක්වමින් පළ වූ ගූගල් ෆෝරමය ව්‍යාජ බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද දැනුම් දෙන්නේ මෙවැනි ෆෝර්මයක් එම කාර්යාංශය විසින් නිකුත් කර නොමැති බවත්, සෑම විටම එම කාර්යාංශ නිල වෙබ්අඩවියේ දැක්වෙන තොරතුරු හා පියවරයන් අනුගමනය කරන ලෙසත්, මෙවැනි වංචනික ක්‍රියාවන් සඳහා හසු නොවන ලෙසයි.

Title:ව්‍යාජ කොරියානු භාෂා විභාග අයදුම්පත් ගූගල් පෝරමය ගැන ප්‍රවේසම් වන්න!
Fact Check By: Pavithra SandamaliResult: False
