දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති ‘ලිබර්ටි ප්‍රතිමාව’ නැත්නම් ‘නිදහසේ ප්‍රතිමාව’ යන අරුත් ගැන්වෙන ප්‍රතිමාව අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සලකනු ලබයි. අමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇති වූ මිතුදම සංකේතවත් කිරීම සඳහා 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් අමෙරිකාවට මෙය ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රතිමාවේ ජීවමාන රූපය කාගේද යන්න පිළිබඳ බොහෝ දෙනෙකු එදා සිට විමසිලිමත් වූ අතර මෙම රුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

ලිබර්ටි ප්‍රතිමාවෙන් දැක්වෙන්නේ, සිංගර් මහන මැෂින් නිර්මාතෘගේ බිරිඳ වන ඉසබෙලා බෝයර් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

ලිබර්ටි ප්‍රතිමාවේ මුහුණත

🌺🌺🌺🌺🌺

සිංගර් මහන මැෂින් නිර්මාතෘගේ වැන්දඹුව ලිබර්ටි ප්‍රතිමාවට ඇගේ මුහුණ දුන්නේ කෙසේද?

ඉසබෙලා බෝයර්ගේ ජීවිතය ත්‍රාසජනක නවකතාවක් බඳුය. ඇය අප්‍රිකානු පේස්ට්‍රි චෙෆ් පියෙකුගේ සහ ඉංග්‍රීසි මවකගේ පවුලක පැරිසියේ උපත ලැබුවාය. ඇගේ නම ඉසබෙලා, සුන්දර ඉරණමක පදනම විය යුතු ලස්සන නමකි. සොබාදහම ඉසබෙලාට විශේෂ අලංකාරයක් ලබා දුන් බව ඉක්මනින් පැහැදිලි විය.

වයස අවුරුදු 20 දී ඇය මහන මැෂින් නිෂ්පාදකයෙකු වන 50 හැවිරිදි අයිසැක් සිංගර් සමඟ විවාහ වන අතර ඔහුගේ මරණයෙන් පසු රටේ ධනවත්ම කාන්තාව බවට පත් වේ. ලිබර්ටි ප්‍රතිමාවේ නිරූපිකාව ලෙස ඇය තෝරා ගැනීම පුදුමයක් නොවේ, මන්ද ඇය ඇමරිකානු සිහිනය සැබෑ කර ගන්නා බැවිනි. වැන්දඹුවක් බවට පත්වීමෙන් පසු, ඉසබෙලා නව දැනුම සහ උද්යෝගිමත් අභියෝග සොයමින් ලොව පුරා සංචාරය කිරීමට පටන් ගත්තාය, ශෝක ඇඳුම් යට වැළලීමට නොහැකි තරම් තරුණ විය.

ඇය ලන්දේසි වයලීන වාදකයෙකු වන වික්ටර් රොබ්ස්ටෙට් සමඟ නැවත විවාහ වූවාය, ඔහු ලෝක කීර්තිමත් සහ අර්ල් කෙනෙක්, එබැවින් ඉසබෙලා ද ගණිකාවක් බවට පත් වේ. වැඩි කල් නොගොස් ඉසබෙලා ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රදර්ශනාගාරවල තරුව බවට පත්වන අතර සියලුම ලෝක සිදුවීම් සඳහා ආරාධනා කරනු ලැබේ. ඉන් එකකදී ඇයට ප්‍රසිද්ධ ප්‍රංශ මූර්ති ශිල්පී ෆ්‍රෙඩ්රික් බාර්ටෝල්ඩි හමුවිය. එකල, බාර්ටෝල්ඩි එක්සත් ජනපදයට ඔහුගේ සංචාරය, රටේ විශාලත්වය, එහි ස්වාභාවික සම්පත්, එහි ජනගහනයෙන් දැඩි ලෙස පැහැදී සිටි අතර, එක්සත් ජනපදයේ ස්වාධීනත්වය සංකේතවත් කරන ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ යෝජනාව දැනටමත් පිළිගෙන තිබුණි. .

මෙම මූර්තිය රටේ නිදහසේ 100 වැනි සංවත්සරයට ගෞරවයක් වශයෙන් ප්‍රංශයෙන් තෑග්ගක් විය යුතුව තිබුණි. මේ අනුව එක් අතකින් පන්දමක් සහ අනෙක් අතින් තහඩු අල්ලාගෙන සිටින කාන්තාවක් නිරූපණය කරන යෝධ ප්‍රතිමාවක් පිළිබඳ අදහස උපත ලැබුවේ එක්සත් ජනපදයේ නිදහස් ප්‍රකාශය සම්මත වූ දිනයත් සමඟ ය.

බාර්ටෝල්ඩි ඉසබෙලාගේ මුහුණ ගැන කොතරම් පැහැදුණාද යත් එය ඔහුගේ මූර්ති සඳහා ආදර්ශයක් ලෙස භාවිතා කිරීමට තීරණය කළේය. එබැවින්, නිව් යෝර්ක් බොක්කෙහි බෙඩ්ලෝ දූපතේ, ලිබර්ටි ප්‍රතිමාව ඉදිකරන ලද්දේ පුරාණ දේවතාවියකගේ රූපය සමඟ නමුත් ඉසබෙලා බෝයර්ගේ මුහුණෙනි.

ඉසබෙලා තෙවැනි වරටත් විවාහ වන්නේ, වයස අවුරුදු 50 දී, ප්‍රසිද්ධ කලා එකතු කරන්නෙකු වන පෝල් සොහේගේ සමඟ ය.

ඇය වයස අවුරුදු 62 දී 1904 දී පැරිසියේදී මිය ගියාය. ඇයගේ සිරුර පස්සි සුසාන භූමියේ තැන්පත් කර ඇත.

නමුත් ඇයගේ මුහුණ සහිත ප්‍රතිමාව ඇමරිකාවේ පළමු අභිමානය වන නිදහස සංකේතවත් කරමින් බෙඩ්ලෝ දූපතට ඉහළින් නැඟී සිටියි.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව බොහෝ දෙනෙකු අපගෙන් විමසා තිබූ අතර එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

1886 දී ලිබර්ටි ප්‍රතිමාව ප්‍රථම වරට ලොවට නිරාවරණය කරන විට, ඇයගේ රුව කාට සමාන වේද යන්න පිළිබඳව බොහෝ මතභේද ඇති විය. ඇතැමුන් එය කීර්තිමත් පුද්ගලයින් හෝ වෙනත් කලා කෘති වල පැමිණෙන නොයෙක් පිරිස් පිළිබඳ අදහස් දැරූ අතර තවත් සමහරු ඇය සත්‍ය වශයෙන් ම පිරිමියෙකු ලෙස පෙනෙන බව පවසා තිබුණා. ඊට හේතු වූයේ ඇගේ මුහුණේ ඇති ශක්තිමත් හකු සහ බැරෑරුම් ප්‍රකාශනය සහ අධිෂ්ඨානශීලී බවයි. එම ප්‍රතිමාවේ දැක්වෙන ආර්යාවගේ ඇස්වල දිලිසෙන සිනහවක් හෝ හුරුපුරුදු වෙනත් බොහෝ කාන්තා පිළිම මෙන් ආකර්ෂණීය ලෙස දැක ගන්නට නොලැබෙන්නේ එම ප්‍රතිමාවෙන් පෙනෙන ඇගේ දරුණු ප්‍රකාශනය සහ ඇගේ මුහුණේ සන්සුන් හැසිරීම නිදහසේ දිගු හා දුෂ්කර ගමන නියෝජනය කරන බවයි බොහෝ මිනිසුන්ගේ අදහස වන්නේ.

කෙසේ වෙතත් මෙම ප්‍රතිමාවේ දැක්වෙන්නේ සිංගර් මහන මැෂින් නිර්මාතෘගේ බිරිඳ වන ඉසබෙලා බෝයර් බවට කිසිදු අයුරකින් පිළිගත හැකි තොරතුරක් මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් දක්වා ඇති ඉතිහාස තොරතුරු වල එයට නිශ්චිතවම සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් තවමත් හමු වී නොමැත. 1875 දී සිංගර් මිය යන තුරුම බොයර්-සිංගර් විවාහ වූයේ සිංගර් මැහුම් යන්ත්‍රයේ නිර්මාතෘ අයිසැක් මෙරිට් සිංගර් සමඟ ය. පසුව කටකතාවලට අනුව බෝයර්-සිංගර් මෙම ප්‍රතිමාව නිර්මාණය කළ බර්තොල්ඩි මුණගැසී විවාහ වී තිබේ. මූර්ති මෙම ප්‍රකාශවල යම් සත්‍යතාවක් තිබිය හැකි වුවද, ඉහත ප්‍රදර්ශනය කර ඇති රූපය නිසැකවම බෝයර්-සිංගර්ගේ ඡායාරූපයක් නොවේ. Isabella Eugenie Singer (Boyer)ගේ අන්තර්ජාලය තුළ පවතින ඡායාරූප ද, විවිධ හැඩරුව ගන්නා අතර එම ඡායාරූප හා ලිබර්ටි ප්‍රතිමාවේ මුහුණු හැඩය ද, සමාන කම් දැක ගන්නට නොලැබේ.

findagrave

ලිබර්ටි ප්‍රතිමාමේ දැක්වෙන්නේ කලාකරුවාගේ මවගේ මුහුණු වරද?

ලිබර්ටි ප්‍රතිමාව වඩාත් සමීපව සමාන වන එක් පුද්ගලයෙකු පමණක් සිටින බව පෙනී යන අතර ප්‍රතිමාව නිර්මාණය කළ මූර්ති ශිල්පියා වන ෆ්‍රෙඩ්රික් ඔගස්ටේ බර්තොල්ඩිගේ මව වන ඔගස්ටා චාලට් සහ ලිබර්ටි ප්‍රතිමාවේ මුහුණ අතර සැලකිය යුතු සමානකමක් ඇති බව බොහෝ අය හඳුනා ගෙන තිබේ.

https://twitter.com/StatueEllisNPS/status/613400646578892800

Archived Link

ප්‍රතිමාවේ මුහුණ හා සසඳන විට, චාලට් බර්තොල්ඩිගේ (ඉහත පෙනෙන) චිත්‍රයක් බොහෝ දුරට සමාන ය. ඔවුන් දෙදෙනා අතර ඇති දැඩි ඇස්, දිගු නාසය සහ දැඩි හකු මනාව පැහැදිලි වන්නේ ෆ්‍රෙඩ්රික්ගේ යටි සිතින් වුවද ඇය නිර්මාණයට යම් බලපෑමක් ඇති කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඇති වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

කෙසේ වෙතත් ෆ්‍රෙඩ්රික් ඔගස්ටේ බර්තොල්ඩි විසින් එය කිසි විටෙක විධිමත් ලෙස තහවුරු නොකර තිබේ.

AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්

මේ හේතුවෙන් ඉහත දක්වා ඇති ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, පරිගණක ග්‍රැෆික්ස්, ත්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ ප්‍රයෝග පිළිබඳ පසුබිමක් ඇති ඇම්ස්ටර්ඩෑම් හි ඡායාරූප ශිල්පියෙකු වන Bas Uterwijk විසින් ඉතිහාසගත පුද්ගලයින්ගේ AI (කෘතිම බුද්ධි) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප මාලාවක කොටසක් ලෙස ලිබර්ටි ප්‍රතිමාවේ ඉහත ඡායාරූපය ද, ඇතුළත් කරන ලද ඡායාරූප එකතුවක් 2021 දී නිර්මාණය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළවූ වාර්තාව මෙතනින්. Archived Link

basuterwijk.photoshelter.com

රෝමානු දෙවඟන Libertas

මෙම ප්‍රතිමාව ප්‍රංශ මූර්ති ශිල්පී ෆ්‍රෙඩ්රික් ඔගස්ටේ බර්තොල්ඩි (Frédéric Auguste Bartholdi) විසින් නිර්මාණය කරන ලද අතර එය ගොඩනගනු ලැබුවේ ගුස්ටාව් අයිෆල්(Gustave Eiffel) විසිනි. මෙම ප්‍රතිමාවෙන් දැක්වෙන්නේ, රෝමානු දෙවඟන වන ලිබර්ටාස්(Libertas) කාන්තා රූපමය රූපයක් බවයි මේ සම්බන්ධයෙන් ඇති නිල තොරතුරු වලින් පෙන්වා දෙන්නේ.

1800 ගණන්වල අගභාගයේදී, අමෙරිකානු සංස්කෘතියේ වඩාත්ම වැදගත් කාන්තා නිරූපකයන්ගෙන් එකක් වූයේ රෝම දේවතාවිය වන ලිබර්ටාස්, කාන්තා රූපයයි. පුරාණ රෝමයේ, ඇය නිදහසේ දේවතාවිය ලෙස, විශේෂයෙන්ම වහලුන් අතර නමස්කාර කරන ලදී. 19 වන ශතවර්ෂයේදී පවා, අමෙරිකානු කාසිවල, ජනප්‍රිය සංස්කෘතියේ සහ සිවිල් කලාවේ ඇයගේ අනුරුව සොයාගත හැකිය. ඇයගේ නිරූපණය කලාකරුවන් විසින් සංකේතාත්මකව භාවිතා කරන ලද බවට දැක්වේ. එම නිල වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

ලිබර්ටි ප්‍රතිමාවේ රුව සත්‍ය වශයෙන් පෙනෙන්නේ කෙසේද?

ලිබර්ටි ප්‍රතිමාව සැබෑ ජීවිතයේදී පෙනෙන්නේ කෙසේදැයි සිතීම අපහසුය. නමුත් එය ෆොටෝෂොප් හරහා නිර්මාණකරුවෙකු විසින් ඇය ජීවමාන රූපයක් නිර්මාණය කර තිබුණේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=xrGwjo7p80Q&t=183s

මේ සම්බන්ධයෙන් ස්නෝප්ස් කරුණු විමර්ශන කණ්ඩායම සිදු කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්. රොයිටර්ස් කරුණු පරීක්ෂණ වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලිබර්ටි ප්‍රතිමාවෙන් දැක්වෙන රූපය, සිංගර් මහන මැෂින් නිර්මාතෘගේ බිරිඳ වන ඉසබෙලා බෝයර් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහන ඉසබෙලා බෝයර්ගේ නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ලිබර්ටි ප්‍රතිමාවේ ඡායාරූපයක් බවයි.

රෝමානු දෙවඟන Libertas ලෙස පැවසෙන ලිබර්ටි ප්‍රතිමාවේ සත්‍ය වශයෙන් ම අඹන ලද අනුරුව කාගේ ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත මූලාශ්‍ර වලින් දක්වා නොමැත. එය බොහෝ විට එම ප්‍රතිමාව නිර්මාණය කළ ප්‍රංශ මූර්ති ශිල්පී ෆ්‍රෙඩ්රික් ඔගස්ටේ බර්තොල්ඩිගේ මවගේ රුවට සමාන බව කියවේ.

Avatar

Title:ලිබර්ටි ප්‍රතිමාවේ මුහුණතේ අයිතිකාරියගේ සත්‍ය ඡායාරූපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: False