මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර සිරින්ජරය ලකුණින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී තිබුණි. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ දින (22) පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබුණි.

ඡන්දය සඳහා ඉදිරිපත් වීමට නාම යෝජනා ලබා දී ඇති අවස්ථාවක, අපේක්ෂකයෙකු මිය යාමෙන් ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වනවාද, මිය ගිය අපේක්ෂකයෙකු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් වීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳව අප මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම් හා පර්යේෂණ) චන්න පී. ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කලහ.

ඔහු ප්‍රකාශ කර සිටියේ, මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බවත්, පසුගිය දා ජීවිතක්ෂයකට පත් ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම ද එම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බවයි. කෙසේවෙතත්, මිය ගිය අපේක්ෂකයෙකු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කළහොත් ඒ සඳහා හැකියාවාක් පවතින බවත් චන්න පී. ද සිල්වා වැඩිදුරටත් පවසා සිටී.

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් ප්‍රකාශ කර සිටියේ, මිය ගිය අපේක්ෂකයෙකු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු ඒ සළකුණින් ඉදිරිපත් විය හැකි බවත් ය. මෙතනින්.

මීට පෙර මෙවැනි අවස්ථාවක් සිදු වී තිබුණාද?

1994 ජනාධිපතිවරණයේදී, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගාමිණි දිසානායක මහතා 1994 ඔක්තෝබර් මස 24 වැනිදා කොළඹ තොටළඟ පැවති දේශපාලන රැස්වීමක් අතරතුර දී බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක ඝාතනය වීමත් සමඟ ජනාධිපතිවරණයට ඉතාමත් ආසන්නව සිදු වූ මෙම ඝාතනය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල අර්බුදයකට මුහුණ පන අතර විවිධ සාකච්ජා ගැටළු හා අර්බුද හමුවේ අවසානයේ දී පක්ෂයේ විකල්ප අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වෙන්නේ ගාමිණි දිසානායකගේ බිරිඳ වන වජිරා ශ්‍රීමති දිසානායක යි.

මෙවැනි අවස්ථාවක මියගිය අපේක්ෂකයා වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමේදී, ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වූ කාර්යය පටිපාටිය දක්වා ඇත්තේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පනතෙහිය.

ඒම පනතෙහි 22 වගන්තිය මගින් “නාමයෝජනා භාරදීමෙන් පසු යම් අපේක්ෂකයකු හෝ අපේක්ෂකයන් මියයාම” සිදුවුවහොත් කටයුතු කළ යුතු ආකාරය දක්වා තිබේ. මේ සඳහා බලාත්මක වන්නේ 1981 අංක15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පනතට ගෙන ආ 1988 අංක 16 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම (සංශෝධන) පනතයි මගින් දක්වා ඇත.