දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගය සහ බුදු දහම සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නොමග යවන සුළු අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1:

“බුදු දහම පවත්වාගෙන යන්න මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය දෙනේනේ නෑ"යනුවෙන් සඳහන් කරමින් මාලිමාවේ මුදල් ඇමති හඳුන්නෙත්ති කියයි යනුවෙන් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact-Check:

සැබවින් ම සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බවට පුවත් පතක පළ වී ඇත්දැයි යන්න අප පළමුවෙන් ම පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් පුවත්පතක ප්‍රධාන පිටුවක පළ වූ ලිපියක් බවට දක්වා තිබුණ ත්, එවැනි පුවත් වාර්තාවක් අපට දැක ගන්නට නොලැබිණි.

එමෙන් ම සුනිල් හඳුන්නෙත්ති මහතා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, ඔහු සහභාගි වූ වැඩසටහන් සහ රැළි වලද, අවධානය යොමු කරමින් පරීක්ෂා කළ ත්, එලෙසින් ප්‍රකාශයක් සිදු කළ බව ට දැක ගන්නට නොලැබුණි.

තව ද, මීට පෙර අවස්ථාවන් වලදී ද, මෙම ලිපි ආකෘතියෙන් ව්‍යාජ ලෙසින් සැකසූ ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් ද, අප අනාවරණය කළ අතර මෙම සටහන ද, එම ආකෘතියෙන් ම සැකසූ ව්‍යාජ ලිපි බව ට දැක ගන්නට ලැබුණා.

එම කරුණු විමර්ශන වාර්තාව මෙතනින්: ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ?

එමෙන් ම අප මෙම සටහන් සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ, තමන් බුදු දහමට මාලිමාවේ ආණ්ඩුවකින් අනුග්‍රහය ලබා නොදෙන බවට කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව ත්, මෙය අසත්‍ය තොරතුරුක් බව ත් ය.

මාලිමාවේ ආණ්ඩුවක් යටතේ සිටින අමාත්‍යවරුන් කවුරුන් යන්න පිළිබඳ මෙතෙක් නිල තීරණයක්, ගෙන නොමැති බව ත්, මේ හේතුවෙන් ඉහත සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කළ බව ට තව දුරටත් පැහැදිලි වන බවයි ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

Claim 2:

ව්‍යවස්තාවෙන් බුදු දහමට ඇති ප්‍රමුඛතාව අපි අවසන් කරනවා යනුවෙන් සඳහන් කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් වැඩසටහනකදී ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් වීඩියෝවක් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook

Fact-Check:

මෙහිදී ව්‍යවස්තාවෙන් බුදු දහමට ඇති ප්‍රමුඛතාව අපි අවසන් කරනවා යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළ බව ට දක්වා තිබුණද, එම වීඩියෝවේ ඔහු විසින් කිසිදු ආගමක නමක් සඳහන් නොකරන බවට දැක ගන්නට ලැබෙනවා.

මේ හේතුවෙන් මෙහි සම්පූර්ණ වීඩියෝව කුමක් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර මෙම වීඩියෝව 2023 වසරේ මැයි 30 වන දා “ආගමික සංහිදියාවට සිදුකෙරෙන හානිය ඉදිරියේදී කෙසේ බලපායිද ?” යන මාතෘකාව යටතේ සිදු කළ ‘දෙරණ’ නාලිකාවේ ‘වාද පිටිය’ වැඩසටහනින් කොටසක් බව ට අප කළ නිරීක්ෂණයේදී අනාවරණය වුණා.

මෙම අවස්ථාවේදී එම වැඩසටහන මෙහෙය වන මාධ්‍යවේදී චතුර අල්විස් විසින් “මෙරට ඇති බයිබල් ආගම්, ජෙරමි විසින් මෙහයෙවන ආගම් වැනි තව ත් ආගම් විසින් අධිරාජිවාදී කුමන්ත්‍රණ විදෙස් රටවල උපකාර අරගෙන ‍මෙරට සංස්කෘතිය විනාශ කරන්න කටයුතු කරනවාද, එවැනි කල්ලි කණ්ඩායම් ඉන්නවා ද ගම්වලට එනවාද” යනුවෙන් පැනයක් හඳුන්නෙත්ති මහතාට යොමු කරනු ලබනවා.

මීට පිළිතුරු ලබා දෙමින් ඔහු සදහන් කරන්නේ, දේශපාලනය කිරීමේදී ආගම්, ජාතිය ගාව ගත යුතු නොවන බවයි. ආගම් දේශපාලනී කරණය නොකළ යුතු බවයි. රජයන් ආගම් වල ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බව ත්, රජය විසින් ආගම ස්වාධීනව නිදහසේ තිබිය යුතු බව ත් ය. එම කොටස මෙතනින්. Archived Link

දේශපාලනය කරදිදී, ආගම, ජාතිය පාවිච්චි කරන්න කියලා අපිට ත් මිනිසුන් කියනවා. හිතවත් හාමදුරුවරුත් කියනවා. ඒ වැඩ සටහන් වලට සහභාගි වෙන්න කියලා. අපි ඒවා උපේක්ෂා ශීලිව බැහැර කරනවා. අපි ඒකෙන් දේශපාලනය කරන්නේ නෑ. දේශපාලනයේදී අපි ස්ථාවරයක ඉන්නවා. ආගම් කියන්නේ මිනිසුන්ගේ විශ්වාසයක්. හැම ආගමකට හැම කෙකෙනෙකුටම විශ්වසායන් තියෙනවා. ඒ විශ්වාසයන්ට අප ගරු කරන්න ඕනා. අපි ඒක දේශපාලනිය කරණය කරන්න හොඳ නැහැ. දේශපාලනය බලය ලබා ගැනීම ‍වෙනුවෙන් ව්‍යාපෘතියකට ගන්න හොඳම නැහැ. හැමතිස්සේ ම රජය කියන එක ආගමේ ස්වාධීනත්වය කියන එක ආරක්ෂා කරන්න ඕනා. රජය ආගමින් අයින් ‍වෙන්න ඕනා. ආගම ආගමේ කටයුතු කරන් යන්න ඕනා. රජයේ කටයුත්තක් නෙමේ ආගම පවත්වගෙන යන්න ඕන කියන එක. ඒක නිදහස් කරන්න ඕනා. ස්වාධීන කරන්න ඕනා.

ඒ අනුව මෙහිදී බෞද්ධ ආගම සම්බන්ධයෙන් හෝ ඒ හා සම්බන්ධයෙන් ව්‍යවස්ථාව වෙනස් කරන බවට හෝ ප්‍රකාශයක් සිදු නොකරන බව තහවුරු වේ.

Claim 3:

දළදා මාළිගාවේ සහ කතරගම දේවාලයේ පිං කැට රජයට පවරා ගැනීමෙන් පමණක් බදු බර 1%කින් අඩු කළ හැකි බව කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් කළ ප්‍රකාශයක් පුවත් පතක පළ වූ බවට දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact-Check:

අප මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන මාධ්‍ය ධාරාවක කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බව ට පුවතක් පළ කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළ අතර අප කළ නිරීක්ෂණයේදී එවැනි පුවත් ලිපියක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ඔහු විසින් වෙනත් ස්ථානයකදී හෝ මෙලෙසින් ප්‍රකාශයක් සඳහන් කර තිබුණේ ද, යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළ අතර එ් ආකරයෙන් ප්‍රකාශයක් කළ බව ට ද, කිසිදු සාක්ෂියක් හමු නොවුණි.

අප මේ පිළිබඳව වැඩි දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සදහා ලාල්කාන්ත මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ, එම සටහන් ව්‍යාජ බව ත්, තමන් එලෙසින් ප්‍රකාශයක් සිදු නොකළ බව ත් ය.

නමුත්, 2022 වසරේ පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක සඳහන් වී තිබුණේ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනතාව සතු රත්‍රන් සංචිත මෙන්ම දළදා මාලිගාව, සහ කතරගම මහ දේවාලය සන්තකයේ පවතින රත්‍රන් රජයට භාරදිය යුතු බව ට ප්‍රකාශයක් සිදු කර තිබූ බවයි. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:NPPය සහ බුදු දහම අළලා පළ වන අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False