රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව නිවාඩු ලබාදීම කටයුකු කළ යුුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටිනවා.
මේ පිළිබඳප නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, ඇතැම් බැංකු හා වෙනත් මුල්‍ය ආයතන වල සේවකයන්ට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ අනුව සියළුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා වෙනත් මුල්‍ය ආයතනයන්හි සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට මෙම ඡන්ද විමසීමේ දී ස්වකීය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලට යෑමට ප්‍රමාණවත්වන සේ වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීමට ක්‍රියා කරන ලෙස අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇති බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරනු ලබනවා.
සේවා නියුක්තිකයෙකුට මෙම කාර්ය සඳහා දෙනු ලබන නිවාඩු කාල සීමාව, එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානයේ සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය. මෙහිදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙස සලකා ආයතන ප්‍රධානීන් විසින් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් තීරණය ගත යුතුය.
ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය | ලබා දිය යුතු අවම නිවාඩු කාල සීමාව |
කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම් | දින භාග යයි (1/2) |
කිලෝමීටර් 40 ත් කිලෝමීටර් 100ත් අතර නම් | දින එකයි (1) |
කිලෝ මීටර් 100 ත් කිලෝමීටර් 150ත් අතර නම් | දින 1 1/2 යි |
කිලෝමීටර් 150 ට වැඩි නම් | දින 2 යි |
මැතිවරණ කොමිසමේ සභාපති විසින් මේ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසින්.
ඡන්දය ලබා දීම සඳහා නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදන මෙතනින් සහ මෙතනින්.
