පාර්ලිමේන්තුවට 3/2ක බලයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා ද?

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහන් අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව අප විසින් විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

මැතිවරණය පැවැත්වුණු දිනයේ (14) ජනාධිපති අනුර කුමාර විසින් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණා. මෙම සටහන තුළ ජනාධිපතිවරයා මැතිවරණය පෙර සිදු කළ ප්‍රකාශයක් මැතිවරණ දිනයේදී සිදුකළ මෙම ප්‍රකාශ සමඟ සංසන්දනය කරමිනුයි මෙම සටහන හුවමාරු වී තිබුණේ.

ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ තවත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.

Fb|Fb

ජනාධිපති අනුර කුමාර විසින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළා ද? අප මේ පිළිබඳව සොයා බැලීමක් සිදුකළේ මේ අයුරිනි.

කරුණු විමසා බැලීම  (Explainer) :

2024.11.14 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානයක පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිතා කරනු ලැබීය. ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ජනාධිපතිවරයා අදහස් දැක්වීමක් සිදු කරනු ලැබී ය. 

එහිදී මාධ්‍යවේදියෙක් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්නයක් වූයේ, ඔබ තුමාලට අවශ්‍ය බලය 2/3 ක් ද? යනුවෙනි. එහිදී ජනාධිපතිවරයා පිළිතුර ලබාදෙමින් පවසන්නේ, ආණ්ඩුවට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ප්‍රමාණවත් බවයි. හැමදාම 2/3 ක බලයක් අපේක්ෂා කරන්නේ ජනතාවට එරෙහි නීති සම්පාදනය කිරීමට බවත්, 2/3 ක තීරණාත්මක වන්නේ එවැනි දේශපාලන කඳවුරුවලට බවත් ය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හිරු 6.55 ප්‍රවෘත්ති විකාශය තුළ වාර්තා කරනු ලැබුවේ, “මහ මැතිවරණයේදී අති බහුතර බලයක් ලබා ගැනීම අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර පවසනවා” යනුවෙනි. එය තිරයේ දිස් වුණේ, “ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් එපා” යනුවෙනි.

නමුත් වෙනත් නාලිකා තුළ මෙම සිදුවීම වාර්තා කිරීමේදී එලෙස ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට දක්වමින් වාර්තා කර තිබුණේ නැත. මෙම පුවතම වෙනත් නාලිකා කිහිපයක වාර්තා කිරීම් සිදුකර තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරින්.

ඒ අනුව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලබන්නේ මීට පෙර පැවති ආණ්ඩු තුනෙන් දෙකක බලයක් අපේක්ෂා කළේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් විනා ජනතාව වෙනුවෙන් නොවන බවයි. එවන් බල කඳවුරු වලට තුනෙන් දෙකක බලය තීරණාත්මක වුවත් නව ආණ්ඩුවට අවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක් බවයි ජනාධිපතිවරයා අදහස් කරනු ලබන්නේ. එනම් ‘ශක්තිමත් බලයක්’ යන්න ජනාධිපතිවරයා අර්ථකතනය කරන්නේ තුනෙන් දෙකක බලයක් නොවන බව මෙම ප්‍රකාශය මඟින් පෙනී යනවා. නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවේ යනුවෙන් ප්‍රකාශ කිරීමක් ද මෙහිදී සිදු නොකරයි. 

තුනෙන් දෙකේ අධික බලය දූෂණවලට හේතුවක් බව 2020 වසරේ ත්, අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

Archived Link

පහුගිය ජනාධිපතිවරණයෙ දි අනුර කුමාර දිසානායක මහතා දුන් පොරොන්දු 

අතර රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, රට නිවැරදි සංවර්ධන මාවතකට ගෙන ඒම. දේශපාලකයන් හොරකම් කළ ධනය නැවත අය කරගැනීම හා හොරුන්ට දඬුවම් ලබාදීම ගැන ප්‍රකාශ කරනු ලැබුවා.

නමුත් පිටරට හංගපු මුදල් නැවත ලංකාවට ගෙන ඒමට නීති නොමැති බව ත්, ඒ සල්ලි නැවත ලංකාවට ගේන්න ජාත්‍යන්තර නීතියට ගැළපෙන විදියට අලුත් නීති සම්පාදනය කළ යුතු බව ත්, පෙන්වා දුන්නා. මේවා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අලුතින් නීති විශාල ප්‍රමාණයක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් පාර්ලිමේන්තුවේ සුලු බහුතරයකින් නීති සම්මත කර ගැනීමේ ගැටලුවක් මතු වන නිසා මේ කරුණු ඉටුකරන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම පාර්ලිමේන්තුව තුළ ජාතික ජන බලවේගයේ නියෝජනය වැඩි කර ගැනීමට සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේදී වරින් වර අදහස් දැක්වූවා. 

මීට පෙර 2010 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවෙන් 2/3 බලයක් ලැබුණු අතර ඉන් අවුරුදු 5කට පසුව ඔවුන් පරාජයට පත්වුණ. 2020දී ගොඨාභය රාපක්ෂ මහතාට 2/3ක බලයක් ලැබුණු අතර අවුරුදු දෙක හමාරකින් ජනාධිපති ධුරය හැර දා යෑමට සිදු වුණා. බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් කුමන පක්ෂයකට හෝ ලබා දීම තුළින් රට විනාශයට තල්ලුවනවා මෙන් ම ඒකාධිපති පාලනයක් නිර්මාණය වැළැක්වීම නැවැත්විය නොහැකි බවයි.

Also Read : පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ද?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:පාර්ලිමේන්තුවට 3/2ක බලයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා ද?

Fact Check By: Fact Crescendo Team 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *