
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණා. සුපුරුදු පරිදි තැපැල් ඡන්ද ප්‍රතිඵල මුලින්ම නිකුත් කිරීම ආරම්භ කළ අතර පසුගිය ජනපතිපතිවරණ මැතිවරණයේ මෙන්ම මෙවර ද තැපැල් ඡන්ද බොහොමයක්ම වාගේ ජාතික ජන බලවේගය ජයගෙන ඇති බව දැක්වෙන ප්‍රතිථල නිකුත් වීමත් සමඟ, ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලේම තැපැල් ඡන්ද ජය මාලිමාව ලැබුණු බව දැක්වෙන සටහන් පෙළක් හුවමාරු වුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
නව වාර්තාවක් ලෙස දක්වමින් මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුනේ ලංකා ඉතිහාසයේ පළමු වරට එකම පක්ෂයක් දිස්ත්‍රික්ක සියල්ලෙහිම තැපැල් ඡන්ද ජයග්‍රහණය කර ඇති බවයි. එම සටහන මෙසේයි.
Fact Checked (කරුණු විමර්ශණය) :
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ලැබීම, ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලැබීමත් සමඟ ආරම්භ වූ අතර මේ වන විට සියලුම තැපැල් ඡන්ද ප්‍රතිඵල ලැබී අවසන්. එමෙන් ම මේ වන විට දිස්ත්‍රික්ක වශයනේ අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත්ව ඇති අතර එහිදී ඇති බහුතර බලයක් ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ දැනට දිවයිනේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයන් දක්වා තිබුණේ මේ අයුරිනි.
ශ්‍රී ලංකාවේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද සියලු දිස්ත්‍රික්කයන්හි එක් පක්ෂයක් ජයග්‍රහණය කළ බවට පළ වන සටහන් අසත්‍ය බව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල විමසීමේදී පෙනී යනවා. එනම් මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 5,236ක් හිමි කරගනිමි ඉලකෛ තමිල් අරසු කච්චි පක්ෂය (ITAK) ජයග්‍රහණය කර තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 38.41% ක් වනවා.
එම දිස්ත්‍රික්කයේ දෙවැනියට වැඩිම තැපැල් ඡන්ද ප්‍රමාණයක් හිමි කරගෙන ඇත්තේ ජාතික ජන බලවේගයයි. ඒ තැපැල් ඡන්ද 3412ක් හිමි කර ගනිමිනි. එය ප්‍රතිශතයක් ලෙස 25.03% ක් වනවා.
ඉන් පසු වැඩිම තැපැල් ඡන්ද හිමි කරගෙන ඇත්තේ Thamil Makkal Viduthalai Pulikal පක්ෂයයි. ඒ තැපැල් ඡන්ද 1,383 ක් හිමි කරගනිමින් ය. එය ප්‍රතිශතයක් ලෙස 10.15%ක් වනවා.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කය වැඩිම තැපැල් ඡන්ද හිමි කරගනිමින් ඉලකෛ තමිල් අරසු කච්චි පක්ෂය ජයග්‍රහණය කර ඇති බව පැහැදිලියි.
මෙම සියලු නිවැරදි නිල ඡන්ද ප්‍රතිඵලයන් ඔබට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි ය. මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ පිටපත මෙතනින් ඔබට බාගත කළ හැකිය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ සටහන් වී තිබුණේ මේ අයුරිනි.
කෙසේවෙතත් අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා. Manthri.lk වෙබ් අඩවියේ තැපැල් ඡන්ද සියල්ලම විශ්ලේෂණ කර තිබෙන අතර එහි දී ද පැහැදිලි වන්නේ මඩකලපු දිස්ත්‍රික්කය හැර ඉතිරි සෑම දිස්ත්‍රික්කයකම (21ක) තැපැල් ඡන්ද ජය ජාතික ජන බලවේගය ලබාගෙන ඇති බවයි.
එසේම ජාතික ජන බලවේගය තැපැල් ඡන්ද ජයග්‍රණය කර තිබෙන දිස්ත්‍රික්ක 21න් ද 19කම , එනම් යාපනය හා වන්නි හැරුණු කොට ඉතිරි දිස්ත්‍රික්ක සියල්ලේ ම ඡන්දවලින් 50% කට වඩා තැපැල් ඡන්ද ජයගෙන තිබීම ද විශේෂත්වයකි.

තැපැල් ඡන්ද මෙන්ම, ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමේ අවසන් ඡන්ද ප්‍රතිඵලය පරික්ෂා කිරමේ දී ද පැහැදිලි වන්නේ, මඩකලපුව හැර ඉතිරි සියල්ලේ ම ජයග්‍රණය ලබාගෙන ඇත්තේ ද ජාතික ජන බලවේගය බවයි.

Also Read – 2024 පාර්ලිමේන්තු මැතිවරණය සමස්තයක් ලෙස සාමකාමියි- මැතිවරන කොමිසම
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ජයග්‍රහණය කර ඇති බවට පළවන සටහන් අසත්‍ය බව පැහැදිලි වනවා. මඩකලපුව දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කය පමණක් තැපැල් ඡන්ද ඉලකෛ තමිල් අරසු කච්චි පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

Title:ජාතික ජන බලවේගය ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තැපැල් ඡන්ද ජයග්‍රහණය කළා ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
