ජාතික ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් කවුද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය බොහෝදෙනෙක්ගේ අවදානයට ලක් වූ මාතෘකාවක්. කාලයක් පුරා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධව විවිධ කතිකාවත් පැවති නමුත් එය මෙවර පාර්ලිමේන්තුවේ යතාර්ථයක් වී ඇති බව පෙනෙනවා. මේ අතර මෙම කාන්තා නියෝජනය සම්බන්ධව මේ දිනවල බොහෝදෙනා හුවමාරු කරගන්නා සටහනක් අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳව අපි කරුණු විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

“දියවන්නා යන අපේ කාන්තා නියෝජනයන්” ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඡායාරූපයක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි. එම ඡායාරූපය පළ කරමින් වැඩි දුරටත් දක්වා තිබුණේ ‘වෙනස් පාර්ලිමේන්තුවක් – වැඩිම කාන්තා නියෝජනයක්’ යනුවෙනි.

Fb| Archive

තවත් බොහෝදෙනෙක් පාර්ලිමේතුව නියෝජනය කරන කාන්තාවන් බව දක්වමින් මෙම ඡායාරූපය ම හුවමාරු කරගෙන තිබුණේ මේ අයුරිනි.

Fb|Fb|Fb|Fb|Fb|Fb

10 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් බව දක්වමින් හුවමාරුවන මෙම ඡායාරූපයේ සිටින කාන්තාවන් සියල්ල මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා ද? මෙම ඡායාරූපයට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන කරන්නේ කාන්තා මත්‍රීවරියන් 12ක් පමණයක් ද? අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරිනි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වුණු අතර එහි තුනෙන් දෙකක බලයක් හිමි කරගනිමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනු ලැබුවා. මෙම මැතිවරණය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කරන අතර මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ද ඉතිහාසගතවන එක් සන්ධිස්ථානයක් වනවා.

කාලයක් පුරා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ ම මෙන් ම ඉන් පරිබාහිර පාර්ශව විසින් ද කතා බහ කළ මාතෘකාවක් වූ අතර මෙවර මහ මැතිවරණයේදී ද කාන්තාවන්ට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් කතා බහක් ඇති විය.

ඒ අනුව 1989 සිට 2024 පාර්ලිමේන්තු මැතිවරණය තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තා ප්‍රතිශතය 6% ඉක්මවා ගොස් තිබුණේ නෑ. 

නමුත් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ කාන්තාවන් ගණන 21ක් වන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පාර්ලිමේන්තු සාමජිකයින්ගේ ලැයිස්තුව සහ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් ගැසට් නිවේදනය පරීක්ෂා කිරීමේදී අපට නිරීක්ෂණය වුණා.

මෙම ගැසට් නිවේදනයට අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් 19 ක් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වී ඇති අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් දෙදෙනෙක් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව තිබෙනවා.

මීට අමතරව ජාතික ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් ද එක් මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තු වරම් හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව 10 වන පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ සමස්ත මන්ත්‍රීවරියන් ගණන 20ක් වනවා.

එම මන්ත්‍රීවරියන් මෙසේ ය.

මන්ත්‍රීවරියගේ නම්පක්ෂයමැතිවරණය සඳහා තරඟ කළ දිස්ත්‍රික්කය 
1.හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයකොළඹ
2.කෞෂල්‍යා ආරියරත්නජාතික ජන බලවේගයකොළඹ
3.සමන්මලී ගුණසිංහජාතික ජන බලවේගයකොළඹ
4.හේමාලි සුජීවාජාතික ජන බලවේගයගම්පහ
5.නිලන්ති කොට්ටහච්චිජාතික ජන බලවේගයකළුතර
6.ඔෂානි උමංගාජාතික ජන බලවේගයකළුතර
7.තුෂාරි ජයසිංහජාතික ජන බලවේගයමහනුවර
8.දීප්ති නිරංජනී වාසලගේජාතික ජන බලවේගයමාතලේ
9.අනුෂ්කා දර්ශණීජාතික ජන බලවේගයනුවර එළිය
10.හසාරා නයනතාරාජාතික ජන බලවේගයගාල්ල
11.සරෝජා සාවිත්‍රි පෝල් රාජාජාතික ජන බලවේගයමාතර
12මුතුමැණිකේ රත්වත්තේජාතික ජන බලවේගයදිගාමඩුල්ල
13.ගීතා රත්න කුමාරිජාතික ජන බලවේගයකුරුණෑගල
14.හිරුණි මධූෂාජාතික ජන බලවේගයපුත්තලම
15.සාමිවේල් අම්බිකජාතික ජන බලවේගයබදුල්ල
16.නිලූෂා ලක්මාලිජාතික ජන බලවේගයරතනපුර
17.සාගරිකා ගංගානී අතාවුල්ලාජාතික ජන බලවේගයකෑගල්ල
18.චතුරාණී ගංගානීජාතික ජන බලවේගයමොණරාගල
19.ක්‍රිශ්ණන් කලෙයිචෙල්විජාතික ජන බලවේගයනුවර එළිය
20.චන්ද්‍රාණි බංඩාර කිරිඇල්ලසමගි ජන බලවේගයමහනුවර
21.රෝහිණී කුමාරි විජේරත්නසමගි ජන බලවේගයමාතලේ
22.ලක්මාලි කාංචනා හේමචන්ද්‍රජාතික ජන බලවේගයජාතික ලැයිස්තුව

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප මෙසේයි.

ඒ අනුව සමාජ මාධ්‍යයේ පළ කර තිබූ ඡායාරූපයේ දැක්වෙන මන්ත්‍රීවරියන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු ව්‍රායි කැලී බල්තසාර් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු රාසලිංගම් වෙන්නි යන කාන්තාවන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වී නොමැති බව පැහැදිලිවනවා. එමෙන් ම කාන්තාවන් 12කට වැඩියෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්ව ඇති බව ද පැහැදිලි ය.

පාර්ලිමේන්තුව සඳහා තේරී පත් නොවූ ව්‍රායි කැලී බල්තසාර් සහ රාසලිංගම් වෙන්නි

පළමු වරට පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරියන්

මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වුණු මන්ත්‍රීවරියන්ගෙන් 20 දෙනෙක් ම පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ පළමු වරටයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඉන් හරිනි අමරසූරිය මහත්මිය 2020 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර රෝහිණී කවිරත්න මහත්මිය මීට පෙර 2 වරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ 2015 වසරේ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට පිවිසි අතර 2020 වසරේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට පිවිසෙනු ලැබුවා.ඇය මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කරගන්නේ 3න් වන වරටයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තා නියෝජනය

පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තා නියෝජනය ගෙන බැලීමේදී එය එය මෙවර පාර්ලිමේන්තුව වන විට වැඩි වී ඇති බව පැහැදිලි වනවා.

මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13කි. ඒ අනුව 1989,2004, 2010 යන වසර වලදී මන්ත්‍රීවරියන් 13 බැගින් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ සැලකිය යුතු වැඩි වීමක් ඇති බව ඔබට පැහැදිලි ඇති.

ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස  සිරිමාවෝ බණ්ඩාරනායක  මහත්මිය ඉතිහාසයට එක්ව ඇති අතර මෙරට ප්‍රථම ජනාධිපතිවරිය වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වීමට පෙර 1994 වසරේ අගෝස්තු මාසයේදී මහ මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරිය ලෙසට ද කටයුතු කළා ය.එම වසරේ ම නොවැම්බර් මාසයේදී ඇය ජනාධිපති ලෙස පත්වුණා. 2001 වසරේ ද ජනාධිපති ලෙස කටයුතු කළේ ඇයයි.

ඒ අනුව දශක දෙකකට පසු මෙරට අගමැතිණිය ලෙස හරිනි අමරසූරිය පත්ව තිබෙනවා.

එමෙන් ම මෙරට කාන්තාවන්ගේ දේශපාලනයට පැමිණීමේ ගමන් මඟ දෙස බැලීමේදී බොහෝ කාන්තාවන් දේශපාලනයට පිවිසියේ පවුලේ දේශපාලනික පසුබිම ඔස්සේ ය. පියාගෙන් හෝ මවගෙන් පසු දේශපාලනයට පැමිණීම හෝ, ස්වාමියාගේ හෝ සහෝදරයාගේ මිය යාමකින් පසු දේශපාලනයට පැමිණීම දැකගත හැකි වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් බහුතරයකට පවුල් දේශපාලනික පසුබිමක් පැවතුණි. දකුණු ආසියාවේ ද කාන්තාවන් දේශපාලනයට පිවිස තිබෙන්නේ පවුල් දේශපාලනය ඔස්සේ ය. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, බංග්ලාදේශයේ අගමැතිණිය ශෙයික් හසීනා එවැනි නිදසුන් ය.

නමුත් මෙවර මහ මැතිවරණය එම තත්වය උඩු යටිකුරු කරමින් පවුල් දේශපාලනයකින් තොරව සෘජුව ජාතික දේශපාලනයට කාන්තාවන් ඉදිරිපත් වීමේ සහ පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ සම්භාවිතාව වැඩි වී තිබෙනවා.

ඒ අනුව නව අගමැතිණිය හරිනි අමරසූරියට ද පවුල් දේශපාලනික පසුබිමක් නොමැති වීම මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය බල ගැනිවීමේ උත්ප්‍රේරකයක් වන බව පැහැදිලි ය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ ඉතිහාසය පිළිබඳ ඔබට වැඩි විස්තර මෙතනින් සහ මෙතනින් කියවිය හැකි ය.

පවුල් දේශපාලනික පසුබිමක් සහිතව දේශපාලනයට පිවිසි කාන්ත්වන් පිළිබඳ වැඩි විස්තර ඔබට මෙතනින් කියවිය හැකි ය.

9 වන පාර්ලිමේන්තුව දක්වා මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ මේ අයුරිනි.

ඒ අනුව කාන්තාවන්ට ම විශේෂ වූ සහ අනන්‍ය වූ ප්‍රශ්න සමාජ තුළ පවතින බැවින් ඒවා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම වැදගත් වනවා.ඒ සඳහා හඬ නැඟීමට හැකි කාන්තා නියෝජනයක් ව්‍යවස්ථාදායකය තුළ සිටීම අතිශය වැදගත් තත්වයකි. 

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion) :

මෙවර  10ව කාන්තාවන් 22ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඉන් 20ක් ජාතික ජන බලවේගයෙනුත්, දෙදෙනෙක් සමගි ජන බලවේගයෙනුත් වනවා. ඒ අනුව ව්‍රායි කැලී බල්තසාර් සහ රාසලිංගම් වෙන්නි යන අය මෙවර පාර්ලිමේන්තුව නියොජනය නොකර බව පැහැදිලි ය.

Avatar

Title:ජාතික ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කාන්තාවන් කවුද?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *