අමාත්‍ය නලින්ද ජයතිස්ස මහ නුවර රෝහලට පැමිණි පසු වූ කියන සිදුවීමේ ඇත්ත නැත්ත!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතිත ජන බලවේගයේ ආණ්ඩුව පත් වීමෙන් පසු එහි අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් සිදු කරන රාජකාරි සම්බන්ධයෙන් සමාජය අවධානයෙන් පසුවන කාල වකවාණුවක එහි සෞඛ්‍ය අමාත්‍යරයා විසින් මහනුවර රෝහල පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවක සිදුවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ සටහනක් සංසරණය වනවා. මෙහි ඇත්ත නැත්ත සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහ නුවර මහ රෝහලට පැමිණි පසු සිදුවීමක් යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔෂ්සේ

“නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර මහ රෝහලට පැමිණෙන විට උදෑසන දහය පසුවී තිබුණි. 

කිසිදු ඝෝෂාවකින් තොරව රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පැමිණි පසු ඔහු රෝහල වටා සංචාරය කිරීමට කැමැත්ත පළ කළේය. අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකු සමඟ ඇමතිවරයා අහඹු වාට්ටුවක් දෙසට ගමන් කළේය. 

එය 43 වාට්ටුව, කඳුකරයේ; පැරණි වාට්ටු වලින් එකක්. නේවාසිකාගාරයක් වැනි වාට්ටුවේ ඇඳන් අතරින් ඇවිදින ඇමතිවරයා වැසිකිලිය දෙසට යන විට මැස්සන් රාශියක් දුටුවේය.

. ඔව්, වැසිකිළිය. දුගඳයි. පෙර දින අසූචි පෑන් මත පමණක් නොව, උදෑසන ජරාව, අඟලෙන් අඟල, වැසිකිළි දොර දක්වා පසුපසට තිබුණි.

. ඇමතිවරයා වචනයක්වත් කීවේ නැත. අධ්‍යක්ෂවරයා ලැජ්ජාවට පත් විය. වාට්ටු භාර වෛද්‍යවරයා පැවසුවේ වැසිකිළි පිරිසිදු කරන්නා එදින රාජකාරියට නොපැමිණි බවයි.

පහත වාට්ටුවේ සිට තවත් වැසිකිළි පිරිසිදු කරන්නෙකු සොයා හෙදියක් ඉක්මනින් පිටත් විය. වටපිට බැලූ ඇමතිවරයා කොසු අල්මාරිය සොයා ගත්තේය. වැසිකිලි බුරුසුව සහ බාල්දිය අතට ගත් ඔහු වැසිකිළිය පිරිසිදු කිරීමට සූදානම් විය. ඇමතිවරයාගෙන් බුරුසුව ඉවතට ගැනීමට උපස්ථායකයෙක් දිව ගියේය. එහෙත් ඇමතිවරයා බුරුසුව අත්හැරියේ නැත. ඔහු දිගටම පිරිසිදු කළේය. අධ්‍යක්ෂවරයා, වාට්ටු කාර්ය මණ්ඩලය, වෛද්‍යවරුන් සහ හෙදියන් බියෙන් බලා සිටියහ. අමාත්‍යවරයාට වැසිකිළිය පිරිසිදු කිරීමට, විෂබීජ නාශක ඉසීමට, අත් සේදීමට සහ ඔහුගේ පරීක්‍ෂාව කරගෙන යාමට ගත වූයේ විනාඩි පහළොවක් පමණි. වැසිකිළිය ගැන ඔහු වචනයක්වත් කතා කළේ නැත…

මෙය අතිශෝක්තියක්සේ ඔබට සිතෙනු ඇත.

නමුත් මම සෝවියට් දේශයේ ඉගෙන ගන්නා කාලයේදී වෛද්‍ය සිසුන් ලෙස අපට ලැබුණු පලවෙනි ප්‍රායොගික ක්‍රියාකාරම වූයේ වාට්ටු සුද්ධ කිරීම හා වැසිකිලි පිරිසිඳු කිරීමයි.

අප ඒ ගැන විරෝධය පෑවිට අදාල ආචාර්‍යවරයා පැවසුවේ අනාගතයේ, ඔබ රෝහලක අධ්‍යක්ෂ ලෙස පත්වූ දිනෙක අදාල වාට්ටුව පිරිසිඳුව තිබේද එය කෙසේ කලයුතුද, යන්න ගැන අවබෝධයක් දීම පිනිස මෙසේ ප්‍රායෝගික පුහුණුව දෙන බවයි.

පසුකලෙක මම DMO කෙනෙක් ලෙස සේවය කරන විට එහි අගය මට වැටහුනි.

එසේම ඇමතිවරයාද ඔහු ලැබූ පුහුණුව අනුවම ක්‍රියා කරන්නට ඇතැයි මට සිතේ.

ස්තූතියි”

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලසින්.

එමෙන් ම මෙම සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්, WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. 

මෙම සටහන් වල දැක්වෙන සිදුවීම සත්‍යය ද, යන්න බොහෝ දෙනෙකු අපගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා. මේ හේතුවෙන් එම ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ

මෙවැනි සිදුවීමක් සත්‍ය වශයෙන් ම වී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඇය සඳහන් කළේ, අමාත්‍යවරයා ඊයේ(22) රෝහලට නොපැමිණි බව වෛද්‍යවරිය සඳහන් කළා. තමන් එදින වැඩමුළුවකට සහභාගි වෙමින් සිටි බවත්, අමාත්‍යවරයා පැමිණි බවට හෝ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි සිදුවීමක් රෝහලේ සිදු නොවූ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා. එමෙන් ම “වාට්ටුව 43” ලෙස එම රෝහලේ කිසිදු වාට්ටුවක් නොමැති බව ද ඇය සඳහන් කරනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ දා සිට නලින්ද අමාත්‍යවරයා රෝහලට පැමිණ නැති බව ඇය තහවුරු කළා.

එමෙන් ම මේ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ ෆේස්බුක් පිටුවකින් ද, සටහන් දක්වමින් සඳහන් කර තිබුණේ ඉහත සිදුවීම අසත්‍ය බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේක්ම්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ධූරට පත් වූ පසු මේ දක්වා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍ර දේශයක රෝහල් නිරීක්ෂණයකට සහභාගී වී නොමැති බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් අසත්‍ය බව ත් ය. එම නිවේදනය පහතින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රෝහලය පැමිණ වූ සිදුවීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් අසත්‍ය වේ. අමාත්‍යවරයා එම ධුරයට පත් වීමෙන් පසු කිසිදු රෝහලක නිරීක්ෂණයකට සහභාගි වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් තහවුරු කරන අතර මෙම සටහන අසත්‍ය බව මහ නුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය ද, තහවුරු කරයි.

Avatar

Title:අමාත්‍ය නලින්ද ජයතිස්ස මහ නුවර රෝහලට පැමිණි පසු වූ කියන සිදුවීමේ ඇත්ත නැත්ත!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *