පොල් සහ සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ් ප්‍රකාශ කළා ද?

Insight Political

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නව ආණ්ඩුවක් බලයට පත් වූ මොහොතක පාරිභෝගිකයන් වෙත සහන සැලසීම ජනතාව බලාපොරොත්තුවන්නක් වන නමුත් මෑත කාලීනව ඇතිවූ සහල් සහ පොල් හිඟය නිසා ඒවායේ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. මෙවැනි පසුබිමක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජා මහත්මිය සහල් සහ පොල් හිඟයක් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් අළලා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ද අප වෙත සිදුකෙරුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සහල් සහ පොල් හිඟය සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

මේ දිනවල සහල් සහ පොල් මිල සම්බන්ධයෙන් වැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජා මහත්මිය පොල් හිඟයක් නොමැති බවට ප්‍රකාශයක් සිදුකළ බව සමාජ මාධ්‍ය සටහනක දැක්වුණේ මේ අයුරිනි.

Facebook

ඒ අනුව සහල් සහ පොල් හිඟයක්  හේතුවෙන් ඒවායේ මිල ඉහළ ගොස් ඇති වාතාවරණයකදී, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජා මහත්මිය පොල් හිඟයක් නොමැති බවට ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා ද යන්න පිළිබඳව මෙන්ම, පවතින පොල් සහ සහල් හිඟය සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මාස කිහිපයක සිට පවතින පොල් සහ සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. එළඹෙන උත්සව සමය හේතුවෙන් මෙම සහල් සහ පොල් මිල සම්බන්ධව බොහෝදෙනාගේ අවධානය ද යොමුව තිබෙනවා.

ප්‍රධාන මාධ්‍ය ද මේ පිළිබඳව වාර්තා කර තිබූ අතර ඒ අනුව අද(2) දිනයේ සහල් සම්බන්ධයෙන් පැවති වෙළඳපොල තත්වය පිළිබඳව වාර්තා කර තිබුණේ මෙසේය.

සහල් හිඟය සහ මිල සම්බන්ධයෙන් තවත් එවැනි වාර්තා කිරීමක් දක්වා තිබුණේ මේ අයුරින්.

අද දිනයේ  පැවති පොල් හිඟය සහ වැඩි වී ඇති පොල් මිල සම්බන්ධයෙන් වාර්තා කිරීමක් මෙසේ ය.

අද (2) බොහෝ ප්‍රධාන මාධ්‍ය විසින්  වාර්තා කර තිබුණේ පොල් ගෙඩියක මිල රු. 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එම වාර්තා කිරීම් මෙතනින්, මෙතනින්, මෙතනින්

අප කළ වෙළඳපොළ නිරීක්ෂණයේදී ද පැහැදිලි වුණේ පොල් මිල 170 සිට 220 දක්වා ඉහළ මිලකට අලෙවි වන බවයි. සහල් ද පාලන මිල ද ඉක්මවා ඉහළ මිලකට අලෙවි වන බව අපට පැහැදිලි වුණා. ඒ අනුව වෙළඳපොළ තුළ පොල් සහ සහල් මිල ඉහළ ගොස් තිබෙන බව පැහැදිලි ය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රාජා මහත්මිය සහල් සහ පොල් හිඟයක් නොමැති බව ප්‍රකාශ කළා ද?

අද දිනය වන විටත් ජනතාව පීඩාවට පත්වන අයුරින් පොල් සහ සහල් හිඟයක් වෙළඳ පොළ තුළ පවතින පසුබිමක  කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රාජා මහත්මිය සහල් සහ පොල් හිඟයක් නොමැති බව ප්‍රකාශ කළ බව පැවසීමට පසුබිම් වූ වීඩියෝව අප විසින් පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. අමාත්‍යවරිය මාතර පැවති ජන හමුවකදී සිදුකළ කතාවක් මීට පාදක වී තිබුණා. එම වීඩොයෝව පහතින්, 

අමාත්‍යවරිය එම වීඩියෝව පුරාවට පැහැදිලි කරනු ලබන්නේ, නව ආණ්ඩුව පිළිබඳව වැරදි මත නිර්මාණය කිරීමට විවිධ පිරිස් උත්සහ ගන්නා බවයි. එබැවින් එම දේශපාලනික උපක්‍රමවලට නොරැවටෙන ලෙස අමාත්‍යවරිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී අමාත්‍යවරිය සහල්, පොල් හිඟයක් නොමැති බව ප්‍රකාශ නොකරයි. සහල් සහ පොල් ගැටලුව මුල් කරගනිමින් ආණ්ඩුවේ ගුණාත්මක භාවයට හානි කිරීමට ඇතැමුන් උත්සහ ගන්නා බව අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරනු ලබනවා.

ඒ අනුව සාවිත්‍රි පෝල් රාජා අමාත්‍යවරිය පොල් සහ සහල් හිඟයක් නොමැති බවට කිසිඳු ප්‍රකාශයක් නොකරන බව පැහැදිලිවනවා.

පොල් හිඟයක් ඇති වී තිබෙන්නේ ඇයි? 

මාස කිහිපයක සිට ලංකාවේ පොල් මිල ඉහළ යාමෙන් ජනතාව දුෂකරතාවයට පත්ව තිබෙනවා. පොල් මිල ඉහළ යාම හමුවේ පසුගිය දිනවල පොල් වගා කිරීමේ මණ්ඩලයේ මූලිකත්වයෙන් පොල් අඩු මිලට අලෙවි කිරීම ද සිදු වූ නමුත් එය ද මේ වනවිට සිදු නොවේ. කෙසේ වෙතත් ලංකාවේ ප්‍රධාන ආර්ථික භෝගයක් ලෙස පොල් වගා කරන පසුබිමක පොල් හිඟයක් ඇති වී මිල ඉහළ ගොස් ඇත්තේ ඇයි ද යන්න අප සොයා බැලීමක් සිදුකළා.

පොල් සංවර්ධන අධිකාරිය

අප පොල් හිඟය සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරියෙන් විමසීමක් සිදුකරනු ලැබූ අතර එහිදී එම ආයතනය විසින් පැවසුවේ, පොල් වෙළඳ පොළට සැපයුම පහළ යාම හේතුවෙන් පොල්වල මිල ඉහළ ගොස් ඇති බවයි. එනම් ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබෙන බවයි. 

මෙලෙස පොල් සැපයුම පහළ යාමට හේතුව ලෙස පොල් සංවර්ධන මණ්ඩලය දක්වන්නේමෙවන් අදහසක්.

එනම්, මෙරට වසරක පොල් නිෂ්පාදනය සාමාන්‍යයෙන් බිලියන 3ක් පමණ වන බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. නමුත් අනෙක් වසරවලට සාපේක්ෂව මෙම තත්වය මේ වන විට අඩු වීමට පසුගිය කාලයේ පොල් වගාවට අවශ්‍ය නිසි පොහොර නොලැබීම, පොල් වතු නිසි පරිදි නඩත්තු නොවීම, සුදු මැස්සා මර්ධනය කිරීම නිසි පරිදි සිදුකරගත නොහැකිවීම වැනි තත්වයන් හේතු වී තිබෙනවා.නමුත් දේශීයව ගෘහස්ත පොල් පරිභෝජනයේ හෝ පොල් අපනයන ඉල්ලුම අඩු වී නොමැති නිසා පොල් හිඟයක් නිර්මාණය වීමෙන් පොල් මිල ඉහළ ගොස් තිබෙන බවයි පොල් සංවර්ධන අධිකාරිය පවසන්නේ.

පොල් අපනයෙන් පොල් සංවර්ධන අධිකාරිය ඩොලර් මිලියන 800කට වැඩි ආදායමක් වාර්ෂිකව උපයන බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.මේ  අතර මේ දිනවල පොල් අපනයනය සඳහා තරඟ කරන ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල ද කාලගුණික තත්වය හේතුවෙන් පොල් සැපයුම අඩු වී තිබීම හේතුවෙන් පොල් අපනයනට ලංකාවට වැඩි ඉල්ලුමක් ද ඇතිව තිබෙනවා. නමුත් ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් ලංකාවේ දේශීය පරිභෝජනය සඳහා පොල් වෙන් කර මෙම අපනයන් සිදුකරන බවයි පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ. නමුත් මේ වන විට පොල් අපනයනය කරන ප්‍රමාණයේ ද වැඩි කිරීමක් සිදුකර නොමැති අතර පොල් අස්වැන්නේ අඩුවීම මත මෙම තත්වය ඇති වී තිබෙන බවයි පොල් සංවර්ධන ආයතනයෙන් පවසන්නෙ.

සාමාන්‍යයෙන් අවුරුද්දේ හතරවන කාර්තුවේ පොල් නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින අතර මෙම පොල් හිඟ තත්වය ලබන වසරේ මුල් මාස කිහිපයේ ද පැවතිය හැකි බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

පොල් හිඟය සම්බන්ධයෙන් මෙම පොල් හිඟයේ ආරම්භක අවදියේ දී පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැහැදිලි කිරීමක් සිදුකරනු ලබනවා. එහිදී ද එතුමිය පවසන්නේ පොල් අස්වැන්නේ අඩුවීම මත මෙම පොල් හිඟය නිර්මාණය වී ඇති බවයි, එමෙන් ම පොල් වගාව සඳහා පොහොර සහනාදාරයක් ලබාදීම පොල් වගාව සාර්ථකව කරගෙන යාමට රුකුලක් වන බවත් එම මහත්මිය වැඩිදුරටත් පවසනවා එම පැහැදිලි කිරීම පහතින්, 

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසා තිබෙනවා. ඒ පිළිබඳව පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

Also Read – සමාජ මාධ්‍යයේ පළ වූ පොල් පෝලිමක ඡායාරූපයේ ඇත්ත කතාව!

පොල් හිඟය සහ මිල සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙතනින්.

සහල් හිඟය  

පසුගිය කාලයේ සිට පැවති සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාමේ තත්වය තවදුරටත් පවතින්නකි. මහ පරිමාණ සහල් හිමියන් සමඟ ජනාධිපති අනුර දිසානායක අවස්ථා කිහිපයකදී සාකච්ඡා කිරීමෙන් පසුවත් සහල් හිඟයට විසඳුමක් නොලැබුණ පසුබිමක රජය තීරණය කළේ එලඹෙන උත්සව සමය වෙනුවෙන් හාල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමයි.

සහල්වලට ද සිදුව ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් සහල් මිල ඉහළ යාමයි.

මෙය කෘතිමව නිර්මාණය කරන ලද සහල් හිඟයක් වන බවට විවිධ පාර්ශව අදහස් දක්වනවා. එනම් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් වෙළඳපොළ හැසිරවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවටයි ඔවුන් අදහස් දක්වන්නේ.

මේ වන විට පාලන මිල ද ඉක්මවමින් සහල් අලෙවි වන බවත් මහා පරිමාණ මෝල් හිමියන්ට විරුද්ධව තවමත් කිසිඳු පියවරක් රජය විසින් ගෙන නොමැති බවටත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසනවා. මෙම ගැටලුවට වහා පියවර ගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නෙ, 

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, වී තොග සහල් නොකර විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමත් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද විශාල වී තොග ප්‍රමාණයක් තබාගෙන ඒවා සහල් නොකර ඉදිරියේදී වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් තබාගෙන සිටීමත් සිදුවන බව මුදිත් පෙරේරා මෙහිදී ප්‍රකාශ කළ බවට පුවතක් පසුගිය දිනෙක වාර්තා කර තිබුණේ  මෙලෙසින්.

ගොවියන්ට වී විකිණීමේ තරඟකාරී වෙළඳ පොළක් නොමැති වීම මෙන් ම රජයේ  වී, සහල් ගබඩා කිරීමේ නිසි යාන්ත්‍රණයක් නොමැති වීම, සහල් වෙළඳ පොළ පාලනය මහා පරිමාණ මෝල් හිමියන් අත පැවතීම වැනි කරුණු මත මෙලෙස සහල් හිඟයක් ඇතිව තිබෙනවා. මෙම සහල් හිඟය සම්බන්ධව ආර්ථික විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් මෙලෙසින් සහ මෙලෙසින්.

සහල් හිඟය පිළිබඳව අප මීට පෙර සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්.

Also Read – එක් අයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජයේ තීරණයක් ද?

ඊයේ දිනයේ(1) සහල් සහ පොල් පිළිබඳව පුවතක් වාර්තා කර තිබුණේ මේ අයුරින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok


 



Avatar

Title:පොල් සහ සහල් හිඟයක් නොමැති බව සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය ප්‍රකාශ කළා ද?


Written By: Piumika Lakshani

Result: Insight



Leave a Reply

Your email address will not be published. Required fields are marked *