දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Aura Insights (PVT)Ltd ආයතනය විසින් අර්ධ කාලීන රැකියා ලබාදෙන අතර ඉන් සැලකිය යුතු අමතර මුදලක් ඔබට උපයාගත හැකි බවට දක්වමින් හුවමාරුවන පණිවිඩයක නිරවද්‍යතාවය සොයා අප විසින් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
Aura Insights (PVT)Ltd ආයතනයේ අලෙවිකරණ කළමනාකරු සහ බඳවා ගැනීමේ නිලධාරිනී අමිරා මහත්මිය විසින් පල කරනු ලබන පණිවිඩයක් ලෙස දක්වමින් හුවමාරුවන පණිවිඩයක් වන්නේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත පර්‍යේෂණ සඳහා අර්ධ කාලීනව රැකියා සඳහා බඳවා ගන්නා බවයි. එහි සාමාජිකත්වය නොමිලේ වන අතර රැකියාව සරල සහ නම්‍යශීලී එකක් බවත් එහි දක්වා තිබෙනවා.
මෙම පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, ප්‍රශ්නාවලි දෙකක් සහ You Tube නාලිකා Subscribe කිරීමේ අවස්ථාවක් ලබාදෙන බවයි. එය සම්පූර්ණ කිරීමෙන් ඔබට රුපියල් 2000ක් ඉපැයිය හැකි බව මෙහි දක්වා තිබෙනවා. එමෙන් එම මුදල ඔබ එම වැඩේ සම්පූර්ණ කරන අවස්ථා ගණන අනුව වෙනස්වන බවත්, ඔබට රුපියල් 28,000 සිට 50,000ක් දක්වා දිනපතා, ඔබේ දැනට නියැලෙන රැකියාවට බාධාවක් නොවන ලෙස ඉපැයිය හැකි බවත් මෙම පණිවිඩයේ දක්වා තිබෙනවා. ඔබ මෙම රැකියාවට කැමති බව දක්වමින් පණිවිඩයක් එවන ලෙසට යම් දුරකතන අංකයක් ද මෙම පණිවිඩයේ දක්වා තිබෙනවා.
එම පණිවිඩය පහතින්,
Aura Insights (PVT)Ltd ආයතනය මඟින් මෙවැනි මුදලක් ඉපැයිය හැකි අර්ධ කාලීන රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීම් සිදුකරනවා ද යන්න අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
කරුණු විමර්ශණය (Fact Check)
ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික තත්වයත් සමඟ බොහෝදෙනා සෑම විට ම තමන් සිදුකරන රැකියාවට අමතරව අර්ධ කාලීන රැකියාවක් සිදුකිරීමට පෙළඹෙන අවස්ථා වැඩිය. විශ්වවිද්‍යාල සිසුන් මෙන් ම පාසල් අධ්‍යාපනය ලබන සිසුන් පවා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිදුකිරීමට හැකි අර්ධ කාලීන රැකියා අවස්ථා සඳහා යොමුවන අවස්ථා බහුල ය.
මෙවන් වාතාවරණයක අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට පළවන පණිවිඩ හුවමාරු වීමේදී එම රැකියා අවස්ථා සඳහා තමන්ගේ ජීව දත්ත පත්‍රිකාව හෝ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට බොහෝදෙනා යොමුවනවා.
විශේෂයෙන් යම් පිළිගත් ආයතනයක නම සඳහන් කර තිබෙන අවස්ථාවක එවැනි පණිවිඩ විශ්වාස කිරීමට පෙළෙඹෙන අවස්ථා වැඩිය.
Aura Insights (PVT)Ltd
Aura Insights (PVT)Ltd ආයතනය යනු වෙළඳපොල පර්යේෂණ සිදුකරනු ලබන ආයතනයකි. එබැවින් සමාජ මාධ්‍ය තුළ ද සංචාරක ක්ශේත්‍රයේ පර්යේෂණ සඳහා අර්ධ කාලීන රැකියා සඳහා බඳවා ගැනීම් සිදුකරන බවට දැක්වීම තුළ එම පණිවිඩයේ යම් විශ්වාසයක් ගොඩ නැඟීමක් සිදුවනවා.
නමුත් සමාජ මාධ්‍ය තුළ Aura Insights (PVT)Ltd ආයතනය මඟින් අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදෙන බවට හුවමාරුවන පණිවිඩය සත්‍ය එකක් ද යන්න පරීක්ෂා කිරීමේදී අප පළමුව එම ආයතනයේ නිල වෙබ් අඩවිය සහ Linkdin ගිණුම පරීක්ෂා කළා.
එම වෙබ් අඩවියේ හෝ LinkedIn ගිණුමේ එවැනි අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට කිසිඳු දැනුවත් කිරීමක් සහිත දැනිවීම් පළ කර තිබුණේ නෑ. LinkedIn ගිණුමේ මීට මාස තුනකට පෙර අලෙවිකරණ පර්යේෂකයින් සහ කළමණාකරණ පුහුණුකරුවන් බඳවා ගැනීමක් පිළිබඳව පමණක් එහි දැන්වීමක් පළ කර තිබූ නමුත් එහි අර්ධ කාලීන බඳවා ගැනීමක් හෝ යූ ටියුබ් නාලිකා සබ්ස්ක්‍රයිබ් කිරීමේ අවස්ථාවක් පිළිබඳව සඳහන්ව නොමැත.
එමෙන් ම Aura Insights (PVT)Ltd ආයතනය මඟින් අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදෙන බවට හුවමාරුවන පණිවිඩයේ දුරකතන අංකයක් සඳහන් කරමින් දක්වා ඇත්තේ ඔබ එම රැකියා අවස්ථාවට කැමතිනම් ‘Ok’ ලෙස සඳහන් කරමින් එම අංකයට ප්‍රතිචාර දක්වන ලෙසයි. ඒ අනුව එම අංකය දැක්වෙන්නේ, +967 772 685 536 ලෙසයි. මෙහි +967 ලෙස දැක්වෙන Code එක කුමන රටේ ද යන්න අප පරීක්ෂා කළ අතර එම Code අංකය යේමනයට අදාළ දුරකතන අංක කේතය වන බව අපට තහවුරු වුණා.
නමුත් Aura Insights (PVT)Ltd ආයතනයේ නිල වෙබ් අඩවියේ යේමනයට අදාළ දුරකතන අංක සඳහන් වීමක් නොවන අතර ම එම පණිවිඩයේ දැක්වෙන ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පර්‍යේෂණවලට අදාළව රැකියා අවස්ථාවකට යේමනයේ දුරකතන අංකයක් දක්වා තිබීම ද සැක සහිතවනවා.
කෙසේ නමුත් Aura Insights (PVT)Ltd ආයතනය මඟින් ඔවුන්ගේ Linkdin ගිණුමේ අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන පණිවිඩය උපුටා දක්වමින් සටහනක් දක්වා තිබුණේ මෙම පණිවිඩය අසත්‍ය එකක් වන බවයි.
එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනේ, පර්යේෂණ සහ බඳවාගැනීම් කලමණාකාරිනියකවන අමිරා මහත්මිය නමින් අර්ධ කාලීන සමීක්ෂණ රැකියා ලබාදෙන බව පවසමින් ඔවුන්ගේ සමාගමේ නම භාවිතා කර වංචනික පණිවිඩ යවන බවයි.
Aura Insights (PVT)Ltd ආයතනය මඟින් එවැනි කිසිඳු බඳවා ගැනීමක් සිදු නොකරන බවත්, එම පණිවිඩවලය Aura Insights (PVT)Ltd ආයතනයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එම ආයතනය ඔවුන්ගේ නිල Linkdin ගිණුමේ පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව එවැනි පණිවිඩ නොසලකා හරින මෙන් එම ආයතනය ඔවුන්ගේ ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ මේ අයුරින්.
Aura Insights (PVT)Ltd ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුභාෂණ අමරතුංග
අප මේ පිළිබඳව තවදුරටත් තවුරු කරගැනීමට Aura Insights (PVT)Ltd ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුභාෂණ අමරතුංග මහතාව සම්බන්ධ කරගත් අතර එම මහතා සඳහන් කළේ මෙලෙස අර්ධ කාලීන රැකියා ලබාදෙන බව සඳහන් කරමින් බැංකු තොරතුරු ලබාගැනීමට පිරිසක් උත්සහ දරන බවයි.
එසේ රැකියා අවස්ථා ලබාදෙන්නේ නම් අනිවාර්‍යෙන් ඔවුන්ගේ නිල LinkedIn ගිණුමේ දැන්වීම් පළ කරන බවත් එම මහතා සඳහන් කළ අතර මෙම පණිවිඩය ව්‍යාජ එකක් බව එම මහතා සඳහන් කළා. මේ වන විටත් Aura Insights (PVT)Ltd ආයතනයේ LinkedIn ගිණුම හරහා මේ පිළිබඳව දැනුවත් කර ඇති බවත්, මීට රැවටී ඔබේ බැංකු තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙසත් එම මහතා අප වෙත සඳහන් කළා. එමෙන් ම ආයතනික වශයෙන් මේ පිළිබඳව සොයා බැලීමක් සිදුකළ බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අනුව පැහැදිලි වන්නේ Aura Insights (PVT)Ltd ආයතනයේ නම භාවිතාකර අර්ධ කාලීන රැකියා අවස්ථා ලබදෙන බව පවසමින් හුවමාරුවන පණිවිඩ ව්‍යාජ එවා වන බවයි.’එබැවින් කිසිඳු විටෙක රැකියාවට බඳවාගැනීම් සිදුකිරිමට ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ එම මුදල් ලබාදීමට ඔබගේ බැංකු තොරතුරු ලබාදෙන මෙන් සිදුකරන ඉල්ලීම්වලදී ඔබේ තොරතුරු ලබාදීමෙන් වැළකී සිටීමට ඔබ වග බලා ගැනීම ඉතා වැදගත්වනවා.
රැකියා අවස්ථා ලබාදීමක් සිදුවන බව තහවුරු කර ගැනීමට ඔබ අනිවාර්යෙන් අදාළ ආයතනයන්ගේ නිල වෙබ් පිටු සහ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීම් සිදු කළ යුතු අතර තවදුරටත් තහවුරු කර ගැනීමට අදාළ ආයතනයේ නිල වෙබ් පිටුවේ ඇති දුරකතන අංක ඔස්සේ ඔබට විමසා බැලීම් සිදුකළ හැකි ය.
Also Read –වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
Aura Insights (PVT)Ltd ආයතනය මඟින් අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදෙන බවට සඳහන් කරමින් හුවමාරුවන පණිවිඩ වෙනත් වංචනික කණ්ඩායමක් විසින් සිදු කරන ව්‍යාජ පණිවඩයක් බවට එම ආයතනය තහවුරු කරයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !
Written By: Piumika LakshaniResult: False
