ජනවාරි 20 න් පසු මුළු ලෝකයෙන්ම ටික් ටොක් ඉවත්වන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

******************Update : 23/1/2025*****************************

ටික් ටොක් යෙදවුමේ තහනම ඇමෙරිකානු ශේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කරන ලද අතර ඒ අනුව 2024 ජනවාරි 19 වැනිදා (ඉරිදා) තහනම ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර සෙනසුරාද සවස සිට ටික් ටෝක් යෙදවුමට පිවිසීමට එක්සත් ජනපද පරිශීලකයන්ට නොහැකි වුණා.කෙසේ වෙතත් ඉරිදා දිනය වන විට ටික් ටොක් නැවත යථා තත්ත්වයට පත්වුණා. පරිශිකලයන්ට එයට පිවිසීමට හැකිවුණා.ඒ ටික් ටෝක් තහනම තාවකාලිකව නතර කරන බවට 20 වෙනිදා දිවුරුම් දීමට සිටි ජනාධිපති ට්‍රම්ප් විසින් සමාජ ජාලා වල පවසා පැය කිහිපයක් ඉකුත්ව යාමට පෙරයි. ටික් ටෝක් ආයතනය තහනම ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ස්තුතිවන්ත වුණා. 20 වැනිදා තනතුරේ දිවුරුම් දුන් ට්‍රම්ප් ඇමරිකානු නිතිපතිවරයාට උපදෙස් ලබාදුන්නේ තහනම ක්‍රියාත්මක වීම දින 75 කට අත්හිටුවන ලෙස සහ එම කාලය තුල ගැටලුවට විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව ටික් ටොක් තහනමට ලක් නොවී මේ වන විට ඇමරිකාව තුල සක්‍රීයයි. ඒ සම්බන්ධ වැඩි විස්තර මෙතනින්

****************************************************************************************

ටික් ටෝක් සමාජ ජාලා යෙදවුම එක්සත් ජනපදය තුල යම් තහනමකට ලක්වීමට නියමිතයි.ඒ ජනවාරි මස 19 වැනිදා සිටයි.ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා තුල විවිධ නොමගයවන සුළු ප්‍රචාරයන් පැතිරෙනවා.ඒ සමහරක් සම්බන්ධයෙන් අප සිදුකරන කරුණු විමසා බැලීමක් මේ .

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන් සමහරක දැක්වෙන්නේ ජනවාරි 19 න් පසු ටික් ටෝක් යෙදවුම ලංකාවේ ඇපල් ඇප් ස්ටෝර් සහ ගූගල් ප්ලේ ස්ටෝර්ස් වලින් ඉවත්වී එය ලංකාවටද බලපාන බවක්.

FB | Archived 

Facebook| Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check සත්‍ය කරුණු විමසා බැලීම 

ටික් ටොක්  තහනමට පසුබිම සැකසුනු අයුරු 

පසුගිය වසරේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකාව තුල ටික් ටොක් තහනම් කිරීම හා සම්බන්ධ නීතියට සිය අත්සන තැබුවා.ඒ අනුව මේ වසරේ ජනවාරි 19 වැනිදාට පෙර ටික් ටොක් හිමිකාර සමගම වන ByteDance විසින් සිය ටික් ටොක් සමාජ ජාලා යෙදවුමේ හිමිකාරිත්වය ඇමරිකානු බලධාරීන් විසින් අනුමත කරන සමාගමකට පැවරිය යුතු අතර එසේ නොවුනහොත් ජනවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි ටික් ටොක් යෙදවුමේ  ක්‍රියාකාරිත්වය ඇමරිකාව තුල තහනමකට ලක්වනු ඇත.මෙම තහනම පනවා ඇත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු පදනම් කරගෙනයි.එනම් ටික් ටෝක් හිමිකාරිත්වය හිමි සමාගමට චීන කොමියුනිස්ට් පක්ෂය සමග සබදතා ඇති බව පවසමින් සහ ටික් ටෝක් යෙදවුම හරහා චීනයට අදාළ සමාගම ඔස්සේ ඇමරිකානු පරිශීලකයින්ගේ රහසිගත තොරතුරු ලබාගත හැකි බවක් පවසමින් .ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්

කෙසේ වෙතත් ByteDance සමාගම මෙම තීරණයට අභියෝග කරමින් ඇමරිකානු ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන අතර මේ වන විටත් එම නඩුව සම්බන්ධ කටයතු සිදුකරමින් පවතිනවා.ByteDance සමාගම මෙම නඩුව ගොනුකර ඇත්තේ ටික් ටෝක් යෙදවුම මේ ආකාරයට අක්‍රිය කිරීම ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් තහවුරු කර ඇති භාෂණයේ නිදහස (Freedom of  Speech) කඩ වන බව පවසමින්. 

කෙසේ වෙතත් ටික් ටොක් යෙදවුම ඉදිරි ඉරිදා දිනයේ(19)  තහනමකට ලක් වුවහොත් Google සහ Apple App Stores වල මෙම ටික් ටොක් යෙදවුම ( App  එක) තහනමට ලක්වෙනවා.ඒ ඇමරිකා එක්සත් ජනපදය තුලයි.කෙසේ වෙතත් එමගින් අනෙත් රටවලට බලපෑමක් සිදුවන්නේ නැහැ. ටික් ටෝක් යෙදවුම ඇමරිකාව තුල තහනමකට ලක් වුවහොත් ඇමරිකානු  ටික් ටෝක් පරිශීලකයන් සිය ජංගම දුරකතන හෝ වෙනත් යෙදවුම් වලට බාගත කරගන්නා ලද යෙදවුම් ඒවා තුල එසේම පැවතුනත් Google /Apple ප්ලේ ස්ටෝර්ස් හරහා ඒවා යාවත්කාලින වන්නේ නැති නිසා කාලයක් සමග එම යෙදවුම් වල ක්‍රියාකාරිත්වය නැවතී යනු ඇත.එමෙන්ම ඇමරිකාව තුල නව පරිශීලකයන්ට මෙම යෙදවුම බාගත කරගැනීමට නොහැකිවන්නේ එම යෙදවුම Google/Apple ස්ටෝර්ස් වල දක්නට නොලැබෙන නිසායි(යෙදවුම ඇමරිකානු පරිශීලකයන්ට භාවිතා කිරීමට නොහැකිවන නිසායි) .කෙසේ වෙතත් ලෝකයේ අනෙත් රටවලට මෙම තත්ත්වය බලපාන්නේ නැහැ සහ Google Play සහ Apple App Store මගින් මෙය බාගත කරගැනීමට වෙනත් රටවල ජිවත්වන පරිශීලකයන්ට හැකිවනු ඇත. 

මිට පෙර ඉන්දියාව සහ නේපාලය ආදී රටවලත් ටික් ටෝක් තහනමට ලක්කළ අතර This App isn`t Available ලෙස ටික් ටොක් ඇප් එක Google Play Store සහ Apple App Store වල මෙම යෙදවුම එම රටවල සේවිමකට ලක්කළ විට දක්නට හැක.

නව ජනාධිපති ලෙස  වැඩ ආරම්භ කිරීමට  නියමිත ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය 

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස මැතිවරණයෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සිය ධූර කාලය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 20 වෙනිදායි.ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී මේ සම්බන්ධ නඩු කටයුතු සිදුකරන ඇමරිකානු ශේෂ්ඨාධිකරණයයෙන් ඉල්ලීමක් සිදුකර ඇත්තේ ඔහු මේ සම්බන්ධයෙන් දේශපාලන විසදුමක් ලබාදීමට අදහස් කරන නිසා ජනවාරි 19 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිත තහනම කල් දමන ලස පවසමින්.ඒ සම්බන්ධ විස්තර මෙතනින් 

ශේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව 

ඇමරිකානු ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය සහිතව ජනාධිපති ට්‍ර්ම්ප්ගේ අත්සන සහිතව ටික් ටෝක් සදහා පනවන ලද මෙම තහනම නීති විරෝධී බව පවසමින් ByteDance විසින්  පනවන ලද නඩුව මේ වන විටත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වෙමින් පවතිනවා. කෙසේ වෙතත් එහිදීද  එහි විනිසුරුවරුන් බහුතරයගේ මතය වී ඇත්තේ ටික් ටෝක් සදහා පනවන ලද මෙම නිතිය අවලංගු නොකළ යුතු බවක්.කෙසේ වෙතත් අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්

පවතින ගැටලුකාරී පසුබිම මත ByteDance සමාගම මගින් TikTok යෙදවුම එලොන් මස්ක් වෙත ජනවාරි 19 වෙනිදාට පෙර විකිණීමට කටයතු සුදානම් කරන බවට ආදී රාවයන් පැතිර ගියත් ByteDance සමාගම ඒවා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

ඇමරිකානු ශේෂ්ඨාධිකරණයේ තීරණය ආදී සියලු තොරතුරු  සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමට අනුව තහවුරු වන්නේ ටික් ටෝක් ලොව පුරා ජනවාරි 19 දායින් පසු තහනමට ලක්වන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි.එය ඇමරිකා එක්සත් ජනපදයේ පරිශීලකයන්ට පමණක් බලපාන තත්ත්වයකි. ඇමරිකා එක්සත් ජනපදයේ ටික් ටෝක් තහනම පිලිබදව මේ දිනවල නඩු කටයුත්තක් පවතින අතර එහි තීන්දුව අනුව ටික් ටෝක් තහනම පිලිබදව ඉදිරිය තීරණය වනු ඇත එමගින් ලංකාව ආදී රටවල ටික්ටෝක් පරිශීලකයන්ට තාක්ෂණික වශයෙන් ගැටලුවක් ඇති නොවේ .ඇපල් ඇප් ස්ටෝර්ස් සහ ගුගල් ප්ලේ ස්ටෝර්ස් වලින් ඇමෙරිකාව හැර අනෙකුත් රටවල සදහා ටික් ටෝක් යෙදවුම දිගටම බාගත කරගත හැකිවනු ඇත .

Avatar

Title:ජනවාරි 20 න් පසු මුළු ලෝකයෙන්ම ටික් ටොක් ඉවත්වන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.

Fact Check By: Kalana Krishantha 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *