වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

Economy False

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය සමයේදී වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජයේත්, සමාජ මාධ්‍ය ඔස්සේ ත් දැඩිව කතා බහට ලක් වුණා. එම උණුසුම පහව යන්නට ත්, පෙර නැවතත් නව නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවන අතර එහි සත්‍ය සොයා අප විමර්ශයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති නව මුදල් නෝට්ටු ලෙස දක්වමින් “New Sri Lanka Curreny Look” එනම් ලංකාවේ නිකුත් කර ඇති නව මුදල් නෝට්ටු බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප ඇතුළත් වීඩියෝවක් සංසරණය වුණා.

 

TikTok TikTok

එමෙන් ම ඉහත සටහනේ පෙන්වා ඇති පරිදි, රු.50 සහ රු.100 මුදල් නෝට්ටු මේ අයුරින් සත්‍ය වශයෙන් ම මුදල් මුද්‍රණය කර ඇති බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවට මෙම වීඩියෝව සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙලෙසින්.

A screenshot of a computer

Description automatically generated

 

මෙම වීඩියෝව YouTube ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

 

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

නව මහ බැංකු පනත මඟින් මුදල් මුද්‍රණය කිරීමට දැඩි ව සීමා වී තිබූ බැවින් මුදල් මුද්‍රණය කිරීමක් සිදු වූවානම්, ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතු බැවින් අප මේ පිළිබඳ පුවත් වාර්තා කිරීමක් සිදු වූවාද යන්න පිළිබඳ පරීක්ෂාවට ලක් කළත් එවැනි පුවතක් වාර්තා කර නොමැති බව දැක ගන්නට ලැබුණා.

මුදල් මුද්‍රණය කිරීම තීරණය කරන්නේ, මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් දෙපර්තමේන්තුව බැවින් එහි නිල වෙබ් අඩවියේ හෝ එවැනි තොරතුරුක් වාර්තා වී ඇත්දැයි යන්න පිළිබඳව ද, අපගේ අවධානය යොමු වූ අතර එහිදී ද, ඉහත දක්වා ඇති මුදල් පිළිබඳ කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

නව නෝට්ටු නොව, මුදල් නෝට්ටු බහාලීම සඳහා යොදාගෙන තිබු ඇසුරුම්හි සේයාරූ පෙළක්!

මේ හේතුවෙන් අප මහ බැංකුවෙන් විමසීමක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව 2011 අවධියේ දී සංසරණ සඳහා භාවිතා නිකුත් කළ නව මුදල් නෝට්ටු බහාලීම සඳහා යොදාගෙන තිබු ඇසුරුම්හි (Currency Folders) ඉහත ඡායාරූප වලින් දැක්වෙන බවත්, එම නව ඇසුරුම් /ෆෝල්ඩර යොදා ගැනුනේ අදාළ මුදල් නෝට්ටු ඒ තුළට දැමීමට බවත්ය. 

කෙසේ වෙතත් මෑතකදී එවැනි ෆෝල්ඩර මුද්‍රණයක් හෝ සිදු නොකෙරුණු බවත්, මහ බැංකුව තහවුරු කළා.

මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “සංවර්ධනය, සෞභාග්‍යය හා ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්” යන තේමාව යටතේ මුදල් නෝට්ටු කාණ්ඩයක් 2011 පෙබරවාරි 04 වන දින නිකුත් කර ඇති බව ත්, මෙය ශ්‍රී ලංකා මහ බැංකුව 1950 වසරේ පිහිටුවීමෙන් පසුව නිකුත් කරන එකළොස් වන ව්‍යවහාර මුදල් නෝට්ටු කාණ්ඩයක් බව දැක ගන්නට ලැබිණි. 

1991 වසරේ දී 10 වන ව්‍යවහාර මුදල් නෝට්ටු කාණ්ඩය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද අතර 2011 දී හඳුන්වා දී තිබු නව ව්‍යවහාර මුදල් නෝට්ටු කාණ්ඩය එනම් ඉහත ඡායාරූප වල දැක්වෙන මුදල් නෝට්ටු ඇසුරුම්හි ඇතුළත් කොට තිබු අදටත් භාවිතයට ගැනෙන රු. 5,000, රු. 1,000, රු. 500, රු. 100, රු. 50 හා රු. 20 යන මුදල් නෝට්ටු වර්ග 06 ගැන, ඒවා මුල්වරට හඳුන්වා දුන් එම මුල් අවධියේ දී, ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා තිබුනේ මෙලෙසින්.

A group of colorful paper money

Description automatically generated

ඊට පෙර සංසරණයේ පැවති මුදල් නෝට්ටු කාණ්ඩයත්, 2011 දී හඳුන්වා දුන් නව මුදල් නෝට්ටු කාණ්ඩයත් අතර ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ නෝට්ටු වල ප්‍රමාණයයි. නව මුදල් නෝට්ටු කාණ්ඩයේ සියළුම වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සමාන පළලින් යුක්ත වන අතර, එහි දිග, කුඩාම වටිනාකමේ සිට ඉහළ වටිනාකම දක්වා පිළිවෙළින් මි.මී. 5 බැගින් වැඩි වී තිබුණි.

මෙම නව නෝට්ටු සඳහා ඊට පෙර යොදාගෙන තිබු සිංහ, පුන්කළස වැනි ලකුණු ඉවත් කර, ඒ වෙනුවට විවිධ කුරුල්ලන් වර්ග යොදා ගැනීම ගැන ද සමාජයේ කතිකාවතක් ඇතිව තිබු අතර එවකට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් 2011 පෙබරවාරි මස, දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී , එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙම නව මුදල් නෝට්ටු හදුන්වා දීම වාර්තා වී තිබුණේ මෙලෙසින්.

එසේම නෝට්ටු සහ කාසි එකතු කරන්නන් සඳහා මෙම මුදල් කට්ටල මිලදී ගැනීම, සියලුම නෝට්ටු ඇතුළත් ඇසුරුමක් මෙන්ම, එක් එක් නෝට්ටු සඳහා වෙනම ඇසුරුම් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබු අතර එහි එම අවධියේ විකුණුම් මිල, සඳහන් වී තිබුණේ මේ අයුරින්.

A table with numbers and text

Description automatically generated

මෙම නිල ඇසුරුම්, එම අවධියේ දී ලබාගත් ඇතැමුන් විසින් එම ඇසුරුම් අදාළ නෝට්ටු සමඟ විකිණීමට අන්තරජාලයේ දැන්වීම පළකර තිබූ අවස්ථාවන් මෙතනින් සහ මෙතනින්.

A collage of money

Description automatically generated



A screenshot of a computer screen

Description automatically generated

මෙම මුදල් නෝට්ටු ශ්‍රී ලංකා තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා වලංගු වන අතර ඒවා සංසරණයේ පවතින තාක් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම බව ත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංසරණය සඳහා නිකුත් කර ඇති අනෙකුත් නෝට්ටු තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා යොදා ගැනීමට නීතියෙන් වලංගු බව ත්, 2011 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවක දැක්වෙන්නේ මෙලෙසින්. එමෙන් ම (පිටුව 7)

එසේ ඇනවුම් කර ලබාගත් මුදල් ඇසුරුම් ලබාගත් අවස්ථාවක් පරික්ශා කිරීමෙන් ද මෙය පැහැදිලි වෙනවා. එවැනි වීඩියෝවක් පහතින්.

2011 වසරේ නිකුත් කළ මේ නෝට්ටු අසුරුම්හි ඡායාරුප ද ඇතුළත් වඑම අවධියේ හඳුන්වාදුන් නව මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර, දැනට ව්‍යවහාරයේ ඇති වත්මන් මුදල් නෝට්ටු (Current Note Series)

ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම කළ යුතු අවස්ථා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාධක දෙකක් මත අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදුකළ යුතු වේ. ඉන් එකක් වන්නේ පරිහරණය කිරීමේදී දුර්වරණ වූ සහ අපැහැදිලි බවට පත්වූ මුදල් නෝට්ටු වෙනුවට අලුතින් මුද්‍රණය කිරීම සහ රටේ ආර්ථික සංවර්ධනයට සමානුපාතිකව නෝට්ටු මුද්‍රණය කිරීමයි.

රටේ නිෂ්පාදනය වැඩිවී ආර්ථිකය ශක්තිමත් වනවිට ජනතාවට මුදල් අවශ්‍ය වන්නේ එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහාය. එවැනි තත්ත්වයකදී රටේ සංවර්ධනය අනුව අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදුවේ. එය නිවැරදි ඇස්තමේන්තුවක් සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමකි. 

Also Read : මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද?

FACT CHECK: ශ්‍රී ලංකාව තුළ රුපියල් 2000, 1500, 1000, 500 කාසි සාමාන්‍ය භාවිතයේ පවතිනවාද?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව නිකුත් කළ මුදල් නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ 2011 වසරේදී මහ බැංකුව විසින් නිකුත් කරන ලද එකළොස් වන ව්‍යවහාර මුදල් නෝට්ටු සඳහා වෙන වෙනම නිර්මාණය කර තිබු අසුරුම්හි ( Folders) ඡායාරූප පෙළක් බවයි.

 

Avatar

Title:වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *