වකුගඩු 04ක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් සමඟින් හුවමාරු වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

False Hoax Social

Last updated on November 4th, 2022 at 06:57 am

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මිනිසුන් සංවේදීවන කරුණු ඔස්සේ ජනතාව නොමග යා හැකි සටහන්, ඡායාරූප, වීඩියෝ ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් මුලා කරමින් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතිරවීමට බහුලව භාවිතා වෙනවා. නොමිලේ සිදුවන වකුගඩු පරිත්‍යාගයක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු අනාවරණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ ඔහුගේ බිරිඳ මරණයට පත් වීම හේතුවෙන් ඔවුන්ගේ වකුගඩු පරිත්‍යාගය සිදු කරන බවට පවසමින් අවශ්‍යතා ඇති අයට ඇමතීමට දුරකථන අංක ලෙස දක්වමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන මීට පෙර 2021 වසරේ සිට සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

ෆේස්බුක් පරිශිලකයින් අතර මෙම සටහන බහුලව හුවමාරු වුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද මෙම පණිවිඩය හුවමාරු වූයේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා කරුණු විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම පණිවිඩයේ දක්වා ඇති දුරකතන අංක වෙත අපගේ අවධානය ප්‍රථමයෙන්ම යොමු වූ අතර එම දුරකථන අංක ලංකාවේ දුරකථන ජාල වලට අංක වලට වඩා වෙනස් අබව දැක ගන්නට ලැබුණා.

අප Fact Crescendo ඉන්දියානු කණ්ඩායම විසින් තහවුරු කළේ, මෙම දුරකතන අංක ඉන්දියානු ඇමතුම් අංක බවයි. එමෙන්ම ඉන්දියාවේද, මෙම පණිවිඩය බහුලව හුවමාරු වූ අතර මෙය අසත්‍ය පණිවිඩයක් ලෙස තහවුරු වී ඇති බවයි.

ඉන්දියාවේ වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් අවයව පරිත්‍යාග කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

මේ පිළිබඳව අප ඉන්දියානු මලයාලම් කණ්ඩායම විසින් කේරළයේ ප්‍රාන්ත රජයේ අවයව පරිත්‍යාග සිදු කෙරෙන අංශයකින් විමසීමක් කර තිබෙනවා.

එහි නියෝජිතයෙකු සඳහන් කර තිබුණේ, WhatsApp හරහා අවයව බද්ධ කිරීම පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට එරට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවයි. එමෙන්ම, අවයව ලබා ගන්නේ ලියාපදිංචි රෝහල්වල සිටින රෝගීන්ගෙන් පමණක් බවත්, මොළය මිය ගිය බවට ප්‍රකාශ කරන ලද රෝගීන්ගේ අවයව බද්ධ කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ඇගයීම් වට හතරකින් පසුව සුදුසුකම් ලබා ඇත්නම් පමණක් අනුමැතිය ලබා දීම ප්‍රථමයෙන්ම සිදු කරන බවයි. මෙම පණිවිඩය සම්බන්ධයෙන් 2017 වසරේ දී ඔවුන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බවත්, එය ව්‍යාජ පණිවිඩයක් බව ත් ඔවුන් තහවුරු කරනවා.

එමෙන්ම පැය හතර හයක් ඇතුළත හදවත් බද්ධ කළ යුතු අතර අක්මාව සහ වකුගඩු පැය අටක් ඇතුළත බද්ධ කළ යුතු බවත්, ඉන්ද්‍රිය බද්ධ කිරීම කළ හැක්කේ ලියාපදිංචි රෝහල් හරහා පමණකි. ඉන්ද්‍රිය පරිත්‍යාග කරන පුද්ගලයා ලියාපදිංචි නොකළ රෝහලක සිටී නම්, ඉන්ද්‍රීයන් නැවත ලබා ගැනීම සඳහා ඔවුන් ලියාපදිංචි රෝහලකට මාරු කරනු ලබන අතර රෝගියා මාරු කිරීම අපහසු නම් රජයේ අවසරය ඇතිව එම රෝහලම තාවකාලික මධ්‍යස්ථානයක් බවට පත් කරන බැවින් WhatsApp හරහා පණිවිඩ හරහා ලබා දෙමින් පුද්ගලයන් සෙවීම සිදු කිරීම විය නොහැකි සිදුවීමක් බවයි  ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ. 

ඉන්දියාවේ 1994 මානව අවයව බද්ධ කිරීමේ පනත යටතේ වාණිජ අරමුණු සඳහා මිනිස් අවයව මාරු කිරීම වරදක් වන අතර 19 වැනි වගන්තිය යටතේ FIR වාර්තාවක් ගොනු කොට නඩුවක් ලියාපදිංචි කළ හැකි බවත් දක්වා තිබෙනවා.

සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට ජාතික ඉන්ද්‍රිය හා පටක බද්ධ කිරීමේ සංවිධානය (NOTTO) නමින් වෙනම අංශයක් ඇත. එහිදී එය පරිත්‍යාග කිරීම සඳහා අවයව තිබේද යන්න සහ ප්‍රමුඛතා ලැයිස්තුව මත පදනම්ව ඒවා බෙදා හැරීම සොයා බලයි. ප්‍රාන්ත සහ ප්‍රාදේශීය අංශ මගින් ඉන්ද්‍රිය පරිත්‍යාගය හා ලබා දීම නිසි ක්‍රියාපටිපාටි හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු වන බවත් මීට අමතරව, අවයව පරිත්‍යාග කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව සන්නිවේදනය කරන කලාප බද්ධ සම්බන්ධීකරණ කමිටු ඇති බව ද, ඔවුන් තහවුරු කරනු ලබයි.

WhatsApp පණිවිඩයේ සඳහන් දුරකතන අංක

එමෙන්ම ඉහත පණිවිඩයේ දක්වා ඇති දුරකතන අංක තුනෙන් දෙකක් මේ වන විට භාවිතා නොවන බවත්, පළමු දුරකතන අංකය ඉන්දියාවේ, මීරට් හි
(මීරට් යනු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර කොටසේ මීරුට් දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි) වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සන්දීප් කුමාර් ගාර්ග්ට අයත් බවත්, Truecaller යෙදුමේ භාවිතා කරන්නන් කිහිප දෙනෙකු විසින් අවභාවිත කරමින් මෙය සත්‍ය පණිවිඩයක් බවට හැඟවීමට උත්සහ දරා ඇති බවද, ඉන්දියාවේ තව ත් කරුණු පරීක්ෂක කණ්ඩායමක් විසින් සඳහන් කර තිබුණා. එම වාර්තාව මෙතනින්.

මේ පිළිබඳව අප මලයාලම් කණ්ඩායම විසින් සිදු කරන ලද කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

ඒ අනුව මෙම පණිවිඩය ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශිලකයින් අතර සංසරණය වූ ව්‍යාජ පණිවිඩයක සිංහල පරිවර්තනය සමගින් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වූ අවස්ථාවක් බව පෙනී යයි.

වකුගඩු රෝග පිළිබඳව මූලික අවබෝධයක් හා එය වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ 

මෙරට වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් පැන නගින සියලු මූලික තොරතුරු, ප්‍රධාන වකුගඩු රෝගාබාධ හා ප්‍රතිකාර හා වකුගඩු අක්‍රීයවීම  සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් “ඔබේ වකුගඩු සුරකින්න” යන පොත වකුගඩු රෝග පිළිබඳව මූලික අවබෝධයක් හා එය වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ ලබා දීමට උත්සාහ කර ඇති අතර මෙම ග්‍රන්ථයේ කතෘ වන්නේ වෘක්කවේද (වකුගඩු) වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සුර්ජිත් සෝමයියා MBBS,DNB(Med), D.N.B.(Nephro)වේ. එහි සිංහල පරිවර්තනය මෙතනින්.

Also Read: පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ පානයක්?

FACT CHECK : වකුගඩු ආබාධයකට ආධාර ලබාදෙන ලෙස පලවූ මෙම සටහනේ තරුණිය දැනට ජීවතුන් අතර නොමැත!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ ඔහුගේ බිරිඳ මරණයට පත් වීම හේතුවෙන් ඔවුන්ගේ වකුගඩු පරිත්‍යාගය සිදු කරන බවට පවසමින් අවශ්‍යතා ඇති අයට ඇමතීමට දුරකතන අංක දක්වමින් සඳහන් කරමින් හුවමාරු වන්නේ ඉන්දියාවේ සංසරණය වූ ව්‍යාජ පණිවිඩයක සිංහල පරිවර්තනයක් බවයි.

ඉන්දියාවේ,  වෘක්කවේද (වකුගඩු) විශේෂඥවරයෙකුගේ දුරකතන අංකයක් ඇතුළත් කරමින් නිර්මාණය මෙම ව්‍යාජ පණිවුඩය නිර්මාණය වී තිබුණි. එසේම වකුගඩු බද්ධ කිරීම වෛද්‍ය ආයතනයක ලියාපදිංචි වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවේ අනුපිළිවෙළට සිදු කළ යුතු අතර අක්මාව සහ වකුගඩු පැය අටක් ඇතුළත බද්ධ කළ යුතු වේ. 

එසේම WhatsApp පණිවිඩ හරහා වකුගඩු අවශ්‍යතාවයන් ඇති පුද්ගලයන් සෙවීම සිදු කිරීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් ලියාපදිංචි රෝහල් හරහා අවශ්‍ය ඉන්ද්‍රියන් සපයාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන බවත් ඉන්දියාවේ කේරළයේ ප්‍රාන්ත රජයේ අවයව පරිත්‍යාග සිදු කෙරෙන ආයතනයකින් සඳහන් කරනවා.

Avatar

Title:වකුගඩු 04ක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් සමඟින් හුවමාරු වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali 

Result: False


1 thought on “වකුගඩු 04ක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් සමඟින් හුවමාරු වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Leave a Reply