විකල්ප පාර්ලිමේන්තුවක් ගැන සාකච්චා නැහැ- රනිල්ගේ මාධ්‍ය අංශය පවසයි.

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමගම ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත්  දේශපාලන නායකයෙක් ලෙස දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙනවා. මේ එවන් දේ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. 

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ඇති කිරීම සදහා සාකච්චා පැවැත්වෙන බවත් ,ඒ සදහා පසුගිය වතාවන්වල විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවේ කටයතු කල , එහෙත් මෙවර පාර්ලිමෙන්තුවට පත් නොවූ මන්ත්‍රීවරුන් 225 දෙනෙක් තෝරා ගෙන මෙම වැඩපිළිවෙල සිදු කිරීමට නියමිත බවක්. සුදුසුකම් ඇති ඇය 450 පමණක් සිටින බවත් සමාජ ජාලා සටහන්වල සදහන් 

 

Facebook | Archived

මෙම සටහන්වල මුලාරම්භය වන්නේ දේශය පුවත්පතේ පලවූ පුවත්පත් වාර්තාවක්. එය උදැසන  පුවත්පත් කියවන රුපවාහිනී වැඩසටහන්වලින් කියවන අයුරු අදාල මාධ්‍ය ආයතන මගින් සමාජ ජාලාවලට එක්කර තිබුනේ පහත අයුරින්. 

 

 

FB | Archived

 

FB | Archived 

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම විමසා බැලුවේ දේශය පුවත්පතේ වෙබ් අඩවියේ මෙය පළකර ඇති අයුරුයි. එහිදී අපට පහත සටහන දක්නට ලැබුණා.

Deshaya | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීම සදහා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශයේ සහ එහි නායක රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශයේ ප්‍රධානියෙක් වන දිනුක් කොලබගේ ගෙන් අප විමසා සිටියේ මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිලිබදවයි.

ඒ පිලිබදව අදහස් දැක්වූ ඔහු සදහන් කර සිටියේ එවන් විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම සදහා කිසිදු සුදානමක් එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායක රනිල් වික්‍රමසිංහගේ නොපවතින බවයි.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කර දුන්නේ ඉදිරි දේශපාලන කටයතු සදහා පුළුල් දේශපාලන සන්ධානයක් බිහි කිරීම මේ දිනවලදී දේශපාලන සකච්ඡා වල පවතින බවයි. එවැන්නක් මිස විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම සදහා කිසිදූ සුදානමක් හෝ නොපවතින බවක් ඔහු සදහන් කර සිටියා. 

අප තවදුරටත් සොයා බැලුවේ මෙවන් විකල්ප පාර්ලිමේන්තුවක් සම්බන්ධව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිසියම් ප්‍රකාශයක් මෑතකදී සිදුකර ඇතිද යන කාරණයයි. නමුත් එවැන්නක් දක්නට ලැබුනේද නැහැ. 

ඡායා / විකල්ප පාර්ලිමේන්තුවක්(Shadow Parliament/ Alternative Parliament)

කිසිදු රටක ඡායා පාර්ලිමේන්තුවක් පවත්වා නොමැති බවට ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී පෙනී යනවා. ඡායා පාර්ලිමේන්තු සංකල්පය කුමක්ද යන්න පිළිබඳ අප පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළ අතර, ඔවුන් සඳහන් කරන්නේ, විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව පැමිණ නැති බව ත්, වෙනත් කමිටුවක් පිහිටුවීමට හෝ අවසරයක් කිසිදු පක්ෂයකින් පැමිණ නැති බවයි.

අප මේ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ, , කලා පීඨයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අචාර්ය වරයෙකුගෙන් ද, විමසීමක් කළ අතර ඡායා පාර්ලිමේන්තුවක ක්‍රමවේදයක් නොමැති බැවින් ඒ පිළිබඳ නිසියාකාරව දැන ගැනීමට එවැනි බලාපොරොත්තුවක් ඇති අයගෙන් මෙහි ප්‍රායෝගිව සිදු කිරීම සම්බන්ධයෙන් අදහසක් ලබා ගත යුතු බව සඳහන් කළා.

කෙසේ වෙතත් මෙලෙසින් ඡායා පාර්ලිමේන්තු සංකල්පය සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීම සඳහා මේ වන විට ත් ඇතැම් රටවල ක්‍රියාත්මක වන ඡායා කැබිනට් මණ්ඩල හරහා දළ අදහසක් පැහැදිලි කර ගමු.

ඡායා කැබිනට්ටුව(Shadow cabinet)

ඡායා කැබිනට්ටුව හෝ ඡායා අමාත්‍යාංශය වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයකි. එය විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ රජයේ කැබිනට් මණ්ඩලයට විකල්ප කැබිනට් මණ්ඩලයක් සාදන ජ්‍යෙෂ්ඨ විපක්ෂ කණ්ඩායමකින් සමන්විත වන අතර, ආණ්ඩු පක්ෂයේ අමාත්‍යාංශවලට සමාන්තරව ඔවුන්ගේ සාමාජිකයින් කැබිනට් මණ්ඩලයේ එක් එක් සාමාජිකයාගේ ඡායා අමාත්‍යාංශ පිළිබිඹු කරයි. ඡායා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට විධායක බලයක් නොමැත. රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පරීක්ෂා කිරීම මෙන්ම විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ඡායා කැබිනට් මණ්ඩලයේ වගකීමකි. පාර්ලිමේන්තුවේ පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ කොටසක් ලෙස නිල විපක්ෂ පෙරමුණේ බහුතරය ඡායා කැබිනට් මණ්ඩලය විසින් සාදයි.

බොහෝ රටවල, ඡායා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ඡායා අමාත්‍යවරයෙකු(shadow minister) ලෙස හැඳින්වේ. එක්සත් රාජධානියේ ලෝඩ්ස් හවුස් සහ නවසීලන්තයේ, ඡායා වෙනුවට ප්‍රකාශක(spokesperson) යන යෙදුම භාවිතා වේ. කැනඩාවේ විපක්ෂ විචාරක (opposition critic) යන යෙදුම ද භාවිතා වේ.

කෙසේ වෙතත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ 3සහ 4 වගන්ති වලින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති බව ත්, පරමාධිපත්‍ය අත්හළ නොහැක බව ත්, ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විමත පාර්ලි‌මේන්තුව විසින්, ජන මත විචාරණය ජනතාව විසින් ද, ක්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන් ම මෙහි ව්‍යවස්ථාදායක බලය යටතේ 75 වන වගන්තියට අනුව, නීති පැනවීම, සංශෝධනය කිරීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධිවිධානයක් එකතු කරන්නා වූ නීති පැනවීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව ත්, පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුතු බවත්, කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුතු බව ත්, කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරයක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටුවිය යුතු බව ත් පෙන්වා දේ.

ඒ අනුව, ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි ඡායා පාර්ලිමේන්තුවක් කැඳවූවත්, එහි ආණ්ඩු පක්ෂය. විපක්ෂය මන්ත්‍රීවරුන් නියෝජනය කළ යුතු අතර එ් සඳහා සැදුම් ලත් යුතු වන්නේ, විපක්ෂය මෙන් ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයන් ගෙනි. එමෙන් ම වෙනත් රටයල ඡායා කැබිනිට්ටුවේ නායක වන්නේ විපක්ෂ නායකවරයා බැවින් කෙලෙසකින් හෝ විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවනවා නම්, ඒ සඳහා මූලික වන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නායක රනිල් වික්‍රමසිංහ මහතා නොව මෙරට විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වේ. මේ දිනවල එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවත සංධාන ගත වීම පිළිබඳ සාකච්ඡා සිදු වන බැවින්, මේ පිළිබඳ නිසි තහවුරු කිරීමක් සිදු කළ නොහැක.

කෙසේ වෙතත් නීති සම්පාදනය නීති බලාත්මක කිරීම වැනි ව්‍යවස්ථාදායක කටයුතු සිදු කළ යුත්තේ මෙරට නීතිමය වලංගු භාවයක් ඇති ව්‍යවස්ථාදායකය එනම් වත්මන් පාර්ලිමේන්තුව හරහා බව ත්, එය වෙනත් අධිකාරයකට බලතල පැවරිය නොහැකි බව ත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බැවින් මෙලෙසින් විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවා ඉන් සිදුකරන බලපෑම කුමක් ද යන්න පිළිබඳව හෝ ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සම්බන්ධයෙන් නිසි අදහසක් මෙතෙක් ඉස්මතු වී නොමැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙලෙසින් විකල්ප පාර්ලිමේන්තුවක් පිහිටුවීම ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කිරීමක් බවට අධිකරණය ඉදිරියේදී, අභියෝගයට ලක් කළ හැකි බවයි.

විපක්ෂ පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ තීරණයක් නොමැති බව ට එක්සත් ජාතික පාක්ෂිකයින් සහ මාධ්‍ය අංශ දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන අතර මේ සම්බන්ධයෙන් වාර්තා කළ ජනමාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ, විකල්ප පාර්ලිමේන්තුව සම්බන්ධ තීරණයක් එළැඹීම පිළිබඳ එම පක්ෂයෙන් සාකච්ඡා සිදු වූ බවට තහවුරු වූ බවයි.

 අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

 

Avatar

Title:විකල්ප පාර්ලිමේන්තුවක් ගැන සාකච්චා නැහැ- රනිල්ගේ මාධ්‍ය අංශය පවසයි.

Fact Check By: Kalana Krishantha 

Result: Misleading

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *