වරාය අධිකාරියේ රැකියා දෙන බවට පවසමින් හුවමාරුවන නොමගයවන සුළු සමාජ ජාලා සටහනක්!

False Scam Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ ජාලාවල රැකියා අවස්ථා , අධ්‍යාපන අවස්ථා ආදිය සම්බන්ධයෙන් බොහෝ සටහන් පැතිරෙනවා.බොහෝ දෙනෙක් මේවයින් වැඩදායක ලෙස ප්‍රයෝජන ගන්නවා. කෙසේ වුවත් මෙම සමහර සමාජ ජාලා සටහන් නොමගයන සුලුයි.පිරිස් අපහසුතාවටද පත්වෙනවා.මේ , එවන් අවස්ථාවක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ වරාය අධිකාරියේ රැකියා අවස්ථා මේ දිනවල පවතින අතර ඒ සදහා අයදුම් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදයක් ලෙසයි. එහි වෙබ් අඩවි ලිපිනයක්ද අඩංගු වෙනවා. 

ෆේස්බුක් සමාජ ජාලයේද මෙම සටහන් පැතිර තිබෙන ආකාරය දැකගත හැකියි. 

FB | Archived

මේ පිලිබදව කරුණු සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check සත්‍ය කරුණු විමසා බැලීම  

අප විසින් මෙහි සදහන් වෙබ් අඩවි ලින්ක් එක  වෙත ගොස් කරුණු විමසා බැලුවේ මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවියද යන කාරණයයි.  නමුත් අපට දක්නට ලැබුණේ මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය වන slpa.lk  නොවන බව සහ එය වෙනත් අපැහැදිලි වෙබ් ලිපිනයක් වන බවයි.

මෙම වෙබ් අඩවිය අසාධු ලේඛන ගතකර ඇති බව Avast සයිබර් ආරක්ෂණ යෙදවුම් හරහා දැකගන්නට ලැබෙන්නේ මෙලෙසින් .

ඉන්පසුව අප ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය වෙත ගොස් සොයා බැලීමේදී දක්නට ලැබුණේ මෙවැනි රැකියා අවස්ථා පිළිබද දැන්වීමක් එහි නොවන බවයි.ඉන් අනතුරුව අප ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් විමසා සිටියේ ,මෙවැනි රැකියා අවස්ථා ලබාදීමක් මේ දිනවල සිදුවෙනවාද යන කරුණයි.එහි ප්‍රකාශකයෙක් අප සමග පවසා සිටියේ රැකියා අවස්ථා ලබාදීමක් මේ දිනවල සිදු නොවන අතර, එවැනි රැකියා අවස්ථා ලබාදීමක් හෝ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අයදුම් කිරීමක් සිදුවුවත් කිසේසෙත්ම එය වෙනත් පාර්ශ්ව මගින් පාලනය වන වෙබ් අඩවි ඔස්සේ සිදු නොවන බවත් එය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහාම සිදුවන බවයි.  

එමෙන්ම අප කවුරුත් දන්නා කාරණයක් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට සේවකයන් බදවා ගැනීම පුවත්පත් දැන්වීම් දමා ඒ  ඔස්සේද සිදුවන බවයි. 

රැකියා අවස්ථා  ආදිය සම්බන්ධයෙන් අපැහැදිලි URL සහිත ලින්ක්ස් ඔස්සේ සමාජ ජාලා සටහන් සංසරණය වන විට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

  • විශේෂයෙන්ම අදාළ වෙබ් අඩවිය කිසියම් ආයතනයක නිල වෙබ් අඩවියක් නොවේනම් , 
  • වෙබ් අඩවියේ ආකෘතිය නිල වෙබ් අඩවියක ආකෘතියක හැඩය නොගන්නේ නම් ,
  • වෙබ් අඩවියේ භාවිතා කරන භාෂාව රාජකාරි භාෂාවක් නොවේනම් 

මෙන්ම සමහර අවස්ථාවලදී රැකියාවලට  අයදුම් කිරීම සදහා පුර්ව කොන්දේසියක් ලෙස යම් මුදල් ගෙවීමක් සිදුකල යුතු බව දන්වා සිටිනම් , ඒ පිලිබදව වඩාත් සැලකිලිමත් විය යුතුයි. 

මීට පෙරද අප සිංහල බසින් මෙන්ම , ඉංග්‍රීසි බසින්ද රැකියා වංචා   සම්බන්ධව කරුණු විමසා බැලීම් සිදුකල අතර එවැනි කරුණු විමසා බැලීම් කිහිපයක් පහතින්. 

Is the Canadian government giving 450,000 job opportunities for foreigners in 2022?

Over 450,000 foreigners to get instant work permits in 2022 to work in USA ? Find out the facts…

කම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්!

Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

අවසාන නිගමනය Conclusion 

අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ වරාය අධිකාරියේ රැකියා ලබාදෙන බව පවසමින් පළවන සමාජ ජාලා සටහන් ව්‍යාජ ඒවා වන අතර ඒවායේ සත්‍යතාවයක් නොමැති බවයි.අදාළ වෙබ් අඩවිය සයිබර් ආරක්ෂණ කණ්ඩායම් මගින් අසාධු ලේඛන ගත කර ඇති එකකි. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අප කල කරුණු විමසා බැලීමේදී ඔවුන්ද තහවුරු කලේ මේ දිනවල නව රැකියා සදහා බදවාගැනීම් සිදු නොකරන අතර එවැන්නක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිදු කරන්නේ නම් අයදුම් කිරීමේ ක්‍රියාවලිය වරාය අධිකාරියේ නිල වෙබ අඩවිය ඔස්සේ සිදුකල හැකි බව බවයි. 

Avatar

Title:වරාය අධිකාරියේ රැකියා දෙන බවට පවසමින් හුවමාරුවන නොමගයවන සුළු සමාජ ජාලා සටහනක්!

Fact Check By: Kalana Krishantha 

Result: False


Leave a Reply