නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ පහසුකම් වැඩි කරල ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය 21 වන දින අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කිරීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල මෙන්ම වාහන සහ ඉන්ධන, දුරකථන යනාදිය ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. මෙම නිවේදනය නිකුත් කිරීමත් සමඟ අමාත්‍යවරුන්ගේ පහසුකම්, පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ කාර්‍යයන් සඳහා ලබාදුන් පහසුකම්වලට වඩා වැඩිකර ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. ඒ අනුව එම සමාජ මාධ්‍ය සටහන්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

නව අමාත්‍යවරුන්ට ලබාදෙන ඉන්ධන, වාහන, දුරකතන පහසුකම් සහ කාර්ය මණ්ඩලය ආදී පහසුකම් වැඩිකර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණා. එහි දැක්වුණු සටහන මෙසේ ය.

ඇමතිවරුන්ට නාන්න තෙල්  – එක් වාහනයකට ලීටර් 600 ත්, දැන් ලීටර් 900 ක් කරලා

(සංශෝධනයක් කර අමතර කරුණු ඇතුලත් කර ඇත) 

අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩල සඳහා පහසුකම් සැලසීම සඳහා 2025 ජනවාරි 21 ජනාධිපති ලේකම් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. 

මෙච්චර කල් අමාත්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට ලැබුණු සියළුම වරප්‍රසාද, එනම් අමාත්‍යවරුන් විසින් ලබා නොගන්නවා යැයි කියූ සියළුම‌ දේ එමගින් අමාත්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ලබා දී ඇත.  

දෙතුන් ගුණයකින් (උපදේශකවරු) වැඩි කර ඇත. 

1. මෙයට පෙර එක් අමාත්‍යාංශයකට, එක් කැබිනට් අනුමැති ලබාගැනීමෙන් පසුව එක් උපදේශකවරයෙකු පමණක් පත් කර ගත හැකි විය.   දැන් එක අමාත්‍යාංශයක එක විෂයයකට උපදේශකවරු දෙදෙනා බැගින් පත් කර ගන්නට ඇමතිවරයාට අවස්ථාව සලසා දී ඇති අතර, කැබිනට් මණ්ඩලය අනුමැතිය වෙනුවට, කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම්දීම පමණක් සෑහේ.

2. මේ සියළු උපදේශකවරුන්ට වැටුප්, දීමනා, (ගොල්ෆේස් හි තාවකාලික ප්‍රදර්ශනය කළ) වාහන හා වෙනත් පහසුකම් ලබාගත හැකිය. 

3. මේ දක්වා බස්නාහිර අමාත්‍යවරයෙකුට එක් වාහනයකට ලැබුණේ ඩීසල් ලීටර් 500   කි. පෙට්‍රල් එක් වාහනයකට ලීටර් 600 කි. ඊයේ සිට ඩිසල් හා පෙට්‍රල් දෙකම (වාහන දෙකටම) ලීටර් 900 දක්වා සීමා කර ඇත. අනෙක් පළාත් සඳහා ද (ඩීසල් 600 හා පෙට්‍රල් 750) ක් වූ ප්‍රමාණය(වාහන දෙකටම) ලීටර් 900 දක්වා සීමා කර ඇත. 

4. අමාත්‍යවරයාට රු. 20,000 බැගින් දුරකතන 3 කට රු. 60,000 ක් ද, ජංගම දුරකතනයට රු. 10,000 ක් ද ලැබේ. (ස්ථාවර ගාස්තුවට හා බදු මුදල් වලට අමතරවය./එනම් බදු හා ස්ථාවර ගාස්තුව ආණ්ඩුවෙන් අමතරව ගෙවයි)  එකතුව රු. 70,000 කි. (බදු හා ස්ථාවර ගාස්තු සමඟ රු. 90,000 ඉක්මවනු ඇත)

5. අමාත්‍යවරයෙකුට 15 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට 12 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් ද ලැබේ.  නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මේ දක්වා ලැබී තිබුනේ කාර්ය මණ්ලයට 11 කි.  (සම්බන්ධීකරණ ලේකම්වරු එක් අයෙකු වැඩි කර ඇත.) ඔවුන්ට (ස්ථාවර ගාස්තු හා බදු නොමැතිව) රු. 6,000 සිට රු. 5,000 දක්වා දුරකතන දීමනාවක් ලැබේ. 

අමාත්‍යාංශයක කටයුතු පවත්වාගෙන යාමට පුද්ගලික කාර්ය මණ්ඩලයක් අවශ්‍යමය. ඔවුන්ට වැටුප් හා පහසුකම් සැපයිය යුතුය. 

රාජ්‍ය සේවක වාහන බලපත්‍රය නවතා දමා ඇත. නිල නිවාස වල ‘දියුණු කල ගම් ප්‍රදේශ’ වෙනුවට ‘ආර්ථික අගය’ (තක්සේරු අගය) මත නිල නිවාස බද්ද වැඩි කරමින් ඇත. රාජ්‍ය සේවකයින් මේ දෙකේ වෙනස හා පඩිපතට දැනෙන බර දනිති! 

ඡන්දය ගන්නට ත්, ගැලරිය චූන් කරන්නටත්, වාහන ප්‍රදර්ශනය කරමින් වෛරය වපුරන්නටත්, ඒ වෛරයෙන් මුසපත් වී ඡන්දය පිට්පොකට් ගසාගන්නටත් කටයුතු කිරීම ‘ආණ්ඩුකරණය’ නොවේ.  

ප.ලි. උපදේශකවරුන් වැඩි කර ගැනීම, ඔවුන්ට වාහන පහසුකම් ලබාදීම, ඉන්ධන ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන මාගේ කිසිදු විරෝධයක් නැත.  දැන්වත් ගිහින් වැඩ කරන්න.

Fb|Archive

අමාත්‍යවරුන්ගේ පහසුකම් වැඩිකර ඇති බවට තවත් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.

Fb|Fb

මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය රජයන්වලදී ලබාදුන් පහසුකම්වලට වඩා වැඩි පහසුකම් ලබාදීමක් සිදුකර තිබෙනවා ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම මීට පෙර ආණ්ඩුවවල අමාත්‍යවරුන්ගේ කාර්‍යයන් සඳහා ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කරනු ලැබුවා. එබැවින් ඔවුන් බලයට පත්වීමෙන් පසු ඇමතිවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති සම්පාධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලැසීම සඳහාවන උපදෙස් මාලාවක් නිකුත් කිරීමත් සමඟ ඒ පිළිබඳව සමාජයේ විශාල කතාබහක් ඇති වුණා.

පාර්ලිමේන්තුව තුළ ද පසුගිය දා ඩී වී චානක මන්ත්‍රීවරයා මෙම අමාත්‍යවරුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් නව ආණ්ඩුවට චෝදනා කරනු ලැබූ අතර ඒ පිළිබඳව නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ ඩී වී චානක මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ද ඇති වුණා.

කෙසේ වෙතත් මෙම අමාත්‍යවරුන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කරුණු විමර්ශණයේදී අපට පැහැදිලි වුණේ සීඒ/1/17/1, 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපියෙහි සහ එයට වරින් වර සිදුකරන ලද සංශෝධන සහිත ලිපිවල සඳහන් විධිවිදාන නැවත සංශෝධනය කරමින් පෙර රජයන් අමාත්‍යවරුන්ගේ පහසුකම් සම්බන්ධ ලිපි නිකුත් කර ඇති බවයි. 

නමුත් නව ආණ්ඩුව මෙම පෙර විධිවිදාන සියල්ල අවලංගු කර අමාත්‍යවරුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් නව විදිවිධාන බලාත්මක කර තිබෙනවා.  

අප එක් එක් මාතෘකා යටතේ පසුගිය රජයන් සහ නව රජය අමාත්‍යවරුන් සඳහා පහසුකම් සලසා ඇති ආකාරය විමසා බලමු.

අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය

අමාත්‍යවරුන්ගේ කාර්‍යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමඟ මනා සම්බන්ධතාවයකින් පවත්වාගෙන යාම සඳහා කාර්ය මණ්ඩලයක් පත්කරගනු ලබනවා. 

එහිදී 2010 වසරේ සිට අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා 15 දෙනෙක් බඳවා ගැනීම සිදුකර තිබෙනවා. එනම්, අමාත්‍යවරුන්ගේ කාර්‍යමණ්ඩලය 15ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලය 15ක් ලෙසයි. එම කාර්ය මණ්ඩල සාමාජිකයින් බෙදී ඇත්තේ මෙසේ ය.

තනතුරු නාමයතනතුරු සංඛ්‍යාව
අමාත්‍යවරුන් සඳහානියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා
පෞද්ගලික ලේකම්11
සම්බන්ධීකරණ ලේකම්22
මාධ්‍ය ලේකම්11
මහජන සම්බන්ධතා නිලධාරී11
පෞද්ගලික සහකාර11
කලමනාකරණ සහකාර55
කාර්යාල කාර්ය සහයක22
රියදුරු (ආරක්ෂක රථයේ රියදුරු හැර)22
එකතුව1515

කෙසේ වෙතත් 2022 වසරේ පැවති දරුණු ආර්ථික අර්බුධය හමුවේ බලයට පත්වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් රජයට මුහුණ දීමට සිදුවී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යාම සඳහා සලසන පහසුකම් සංශෝධනය කිරීමක් සිදුකරනු ලබනවා. එම ලිපිය 2022 සැප්තැම්බර් 9 වන දින ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අමාත්‍යංශ ලේකම්වරු වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහිදී අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය 11 දක්වා සංශෝධනය කර තිබෙනවා.

තනතුරු නාමයතනතුරු සංඛ්‍යාව
අමාත්‍යවරුන් සඳහානියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා
පෞද්ගලික ලේකම්11
සම්බන්ධීකරණ ලේකම්11
මාධ්‍ය ලේකම්11
මහජන සම්බන්ධතා නිලධාරී11
පෞද්ගලික සහකාර11
කලමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී33
කාර්යාල කාර්ය සහයක22
රියදුරු (ආරක්ෂක රථයේ රියදුරු හැර)22
එකතුව1111

නමුත් 2024 අප්‍රේල් 5 වන දින නිකුත් කරන ලද ලිපියකින් සංශෝධනයක් සිදුකරමින් සම්බන්ධීකරණ ලේකම් තනතුරු සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කාර්ය මණ්ඩල අමාත්‍යවරුන් සඳහා 12ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා කාර්ය මණ්ඩල 12කුත් වේ.

වත්මන් ආණ්ඩුව විසින් 2025 ජනවාරි 21 නිකුත් කළ ලිපියෙන් නව අමාත්‍යවරුන් සඳහා කාර්ය මණ්ඩලය 15ක් ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය 12ක් ලෙසත් විධිවිදාන සලසා තිබෙනවා.

තනතුරු නාමයතනතුරු සංඛ්‍යාව
අමාත්‍යවරුන් සඳහානියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා
පෞද්ගලික ලේකම්11
සම්බන්ධීකරණ ලේකම්22
මාධ්‍ය ලේකම්11
මහජන සම්බන්ධතා නිලධාරී11
පෞද්ගලික සහකාර10
කලමනාකරණ සහකාර53
කාර්යාල කාර්ය සහයක22
රියදුරු (ආරක්ෂක රථයේ රියදුරු හැර)22
එකතුව1512

ෙසමස්තයක් ලෙස පසුගිය රජයන් සහ නව රජයේ අමාත්‍යවරුන්ගේ සහයක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සංසන්දනය මෙසේ ය.

අමාත්‍යවරුන් සඳහා කාර්ය මණ්ඩලය
2010/2015/202020222025
අමාත්‍යවරුන් සඳහානි. අමාත්‍යවරුන් සඳහාඅමාත්‍යවරුන් සඳහානි. අමාත්‍යවරුන් සඳහාඅමාත්‍යවරුන් සඳහානි. අමාත්‍යවරුන් සඳහා
151512121512

ඒ අනුව නව අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය පෙර රජයන්වල කාර්ය මණ්ඩලය හා සමාන වන නමුත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය පමණක් 12ක් දක්වා අඩු වී තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය නව අමාත්‍යමණ්ඩලයේ කාර්ය මණ්ඩලයට වඩා අඩු වී තිබෙනවා.

නමුත් පෙර රජයන්වලදී සඳහන් නොකරන ලද කරුණක් නව අමාත්‍ය මණ්ඩල පහසුකම් සැලසීමේ විදිවිධානවලට ඇතුළත් කර තිබෙනවා. එනම්,  අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන්ගේ හෝ නි.අමාත්‍යවරුන්ගේ ඥාතීන් හෝ පවුලේ සාමාජිකයින් පත්කර නොගත යුතුයි යනුවෙන්.

එමෙන් ම හැකිතාක් දුරට රාජ්‍ය සේවයේ නියුතු පිරිසම එම තනතුරු සඳහා බඳවා ගන්නා ලෙසත් නව චක්‍රලේඛයේ සඳහන්වනවා.

වාහන සහ ඉන්ධන

  1. වාහන
  1. අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වාහන

2010 වසරේ සිට අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් උපරිම වාහන 3ක් වෙන් කර තිබෙනවා. එනම් අමාත්‍යවරයෙක් සඳහා වාහන 3ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සඳහා වාහන 3ක් ලෙසයි.

2022 වසරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවධියේ ද වාහන 3 බැගින් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා හිමි වුණා.

නමුත් 2025 වසරේ නව අමාත්‍යමණ්ඩලයේ අමාත්‍යවරයෙක් සඳහා හිමිවන්නේ නිල වාහන 2ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සඳහා නිල වාහන 2ක් පමණයි.

එය සංසන්දනාත්මකව මෙසේ ය

අමාත්‍යවරුන් සඳහා වාහන
2010/2015/202020222025
අමාත්‍යවරුන් සඳහානි. අමාත්‍යවරුන් සඳහාඅමාත්‍යවරුන් සඳහානි. අමාත්‍යවරුන් සඳහාඅමාත්‍යවරුන් සඳහානි. අමාත්‍යවරුන් සඳහා
333322

ඒ අනුව පසුගිය රජයන්හිදී අමාත්‍යවරුන් සහ නි. අමාත්‍යවරුන් වාහන 3 බැගින් භාවිතා කර ඇති අතර නව අමාත්‍යවරුන් සහ නි. අමාත්‍යවරුන් සඳහා හිමිවන්නේ වාහන 2 බැගින් පමණි.

1.2  අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය              සඳහා වාහන

2010 වසරේ සිට අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා එක් නිල වාහනය බැගින් හිමි වුණා. එනම්, අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවයාගේ කාර්ය මණ්ඩලයේ මෙම තනතුරු සඳහා වෙන වෙනම වාහන ලැබීම සිදු වුණා.

නමුත් 2022 වසරේ ආර්ථික අර්බුධය හමුවේ රාජ්‍ය මුදල් කලමණාකරනය කරගැනීම වෙනුවෙන් මෙම විදිවිධානය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව 2022 දී එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ අමාත්‍යවරුන්ගේ සහ නි.අමාත්‍යවරුන්ගේ සහයක කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයාට පමණක් වාහනයක් හිමිව තිබෙනවා.

එමෙන් ම සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දී ඇත. අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු බවත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් 2025 වසරේදී නව අමාත්‍යවරුන්ගේ සහ නි.අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා එක් නිල වාහනය බැගින් හිමි වනවා. එය 2010 සිට පෙර රජයන්ගේ සිදු වූ අයුරින් ම ක්‍රියාත්මක වන බව පැහැදිලි ය.

එය සංසන්දනාත්මකව මෙසේ ය.

අමාත්‍යවරුන් සහ නි. අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩල සඳහා නිල වාහන
2010/2015/202020222025
අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයනි. අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයඅමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයනි. අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයඅමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයනි. අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලය
නිල වාහන 441144
පොදු වාහන002200
  1. ඉන්ධන

    2.1  අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා                  

            ඉන්ධන

2010 වසරේ සිට අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සඳහා මාසික ඉන්ධන දීමනාව හිමි වුණේ මේ අයුරින්.

බස්නාහිර පළාතෙන් පිටත (ලීටර්)බස්නාහිර පළාත තුළ (ලීටර්)
පෙට්‍රල් වාහන එකක් සඳහා750600
ඩීසල් වාහන එකක් සඳහා 600500

ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වාහන 3 බැගින් හිමිවන බැවින් වාහන තුනට මාසිකව ලබාදෙන ඉන්ධන දීමනාව මෙසේ ය.

බස්නාහිර පළාතෙන් පිටත (ලීටර්) – වාහන 3 සඳහා බස්නාහිර පළාත තුළ (ලීටර්) – වාහන 3 සඳහා
පෙට්‍රල් වාහන එකක් සඳහා22501800
ඩීසල් වාහන එකක් සඳහා18001500

2022 වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ඉන්ධන දීමනාව සංශෝධනය කරමින් බස්නාහිර පළාත සහ බස්නාහිර පළාතෙන් පිට ලෙස බෙදීමක් නොකර සෑම අමාත්‍යවරයෙක්ට ම සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට ම එක වාහනයක් සඳහා පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 500ක් බැගින් ලබාදී ඇත.

බස්නාහිර පළාතෙන් පිටත (ලීටර්)බස්නාහිර පළාත තුළ (ලීටර්)
පෙට්‍රල් වාහන එකක් සඳහා500500
ඩීසල් වාහන එකක් සඳහා 500500

ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වාහන 3 බැගින් හිමිවන බැවින් වාහන තුනට මාසිකව හිමි වූ ඉන්ධන දීමනාව මෙසේ ය.

බස්නාහිර පළාතෙන් පිටත (ලීටර්) – වාහන 3 සඳහා බස්නාහිර පළාත තුළ (ලීටර්) – වාහන 3 සඳහා
අමාත්‍යවරුන් සඳහා 15001500
නි. අමාත්‍යවරුන් සඳහා  15001500

2025 වසරේ නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ඉන්ධන දීමනාව වෙනස් කරමින් වාහන 2 සඳහා ම ඉන්ධන ලීටර 900ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එනම් එක් වාහනයක් සඳහා හිමිවන්නේ ලීටර 450කි. බස්නාහිර සහ බස්නාහිර පළාතෙන් පිටත ලෙස මෙහිදී වෙන් කිරීමක් නොමැත.

එමෙන් ම පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා ද ලබාදෙන්නේ එකම ඉන්ධන දීමනාවයි. එනම් ඉන්ධන ලීටර 900යි.

බස්නාහිර පළාතෙන් පිටත (ලීටර්)බස්නාහිර පළාත තුළ (ලීටර්)
පෙට්‍රල් වාහන එකක් සඳහා450450
ඩීසල් වාහන එකක් සඳහා 450450

ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වාහන 2 බැගින් හිමිවන බැවින් වාහන 2 සඳහා ම මාසිකව හිමි වන ඉන්ධන දීමනාව මෙසේ ය.

බස්නාහිර පළාතෙන් පිටත (ලීටර්) – වාහන 2 සඳහා බස්නාහිර පළාත තුළ (ලීටර්) – වාහන 2 සඳහා
අමාත්‍යවරුන් සඳහා 900900
නි. අමාත්‍යවරුන් සඳහා  900900

ඒ අනුව නව රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සඳහා ලබාදී ඇති ඉන්ධන දීමනාව පෙර රජයන්ට සාපේක්ෂව සැලකියයුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව පෙනී යනවා. අප සමස්තයක් ලෙස එම සන්සන්දනය දැක්වීමෙන් මෙය ඔබට තවත් පැහැදිලි වෙනු ඇත.

අමාත්‍යවරුන්ගේ සහ නි. අමාත්‍යවරුන්ගේ වාහන සඳහා මාසික ඉන්ධන දීමනාව  (ලීටර්)
2010/2015/202020222025
පෙට්‍රල්ඩීසල්පෙට්‍රල්ඩීසල්පෙට්‍රල්ඩීසල්
බස්නාහිර පළාත තුළ1800150015001500900900
බස්නාහිර පළාතෙන් පිටත2250180015001500900900

අමාත්‍යවරුන්ගේ ඉන්ධන දීමනාව ලීටර් 900 දක්වා වැඩි කර ඇතත් වාහන 2 සඳහා ම ලබාදෙන්නේ ඉන්ධන ලීටර 900ක් නිසාවෙන් ඉන්ධන සඳහා වැයවන වියදම බොහෝසෙයින් අඩු වී තිබෙනවා.නමුත් බොහෝදෙනා මෙය වැරදි ලෙස වටහාගෙන ඇති බව සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබුණු අදහස්වලින් පෙනී යනවා. 

මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේද විවාදයක් ඇති වූ අතර එහිදී ආනන්ද විජේපාල, වසන්ත සමරසිංහ, හර්ෂණ නානයක්කාර යන අමාත්‍යවරුන් විසින් ද මෙම ඉන්ධන දීමනාව අඩුකර ඇති ආකාරය පැහැදිලි කරනු ලබනවා. අග්‍රාමාත්‍යවරිය ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉන්ධන දීමනාව අඩු කර ඇති ආකාරය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරනු ලබනවා.

  1. අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයේ වාහන සඳහා ඉන්ධන

2010 සිට 2.2 අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්‍ය මණ්ඩලයේ වාහන සඳහා ඉන්ධන ලබාදී ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල වාහන හිමි රජයේ අනෙකුත් නිලධාරීන්ගේ හිමිකම් හා සමගාමීව නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අනුවය.

2022 වසරේ සහ 2025 වසරේ ඉන්ධන ලබාදී ඇත්තේ 2021.12.29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/2010 (i) අනුවය. එම ගෙවීම පහත පරිදිය.

අමාත්‍යවරුන්ගේ සහ නි.අමාත්‍යවරුන්ගේ සහයක කාර්ය මණ්ඩලයේ ඉන්ධන දීමනාව ද පසුගිය රජයන් මඟින් ලබාදුන් ඉන්ධන දීමනාවට වඩා වැඩි වීමක් සිදුව නොමැති බව ඒ අනුව පැහැදිලි වනවා.

දුරකතන

  1. අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා දුරකතන

2010 වසරේ සිට අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙත සපයන උපරිම නිල දුරකතන සංඛ්‍යාව මෙසේ ය.

දුරකතනකාර්‍යාල ෆැක්ස්
කාර්‍යාලනිවාසජංගම
2211

2022 වසරේදී අමාත්‍යවරුන් සහ නි.අමාත්‍යවරුන් සඳහා කාර්‍යාල ෆැක්ස් යන්ත්‍රයක් සපයා නොමැත. නිවාස සඳහා ලබාදී ඇත්තේ ද එක් දුරකතනයකි. 

දුරකතන
කාර්‍යාලනිවාසජංගම
211

2025 වසරේ නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා දුරකතන ලබාදීමේදී නිවාස සඳහා ලබාදී ඇත්තේ එක් දුරකතනයක් පමණි. අනෙක් දුරකතන ලබාදීම් සාමාන්‍ය පරිදි සිදුවී ඇත.

දුරකතනකාර්‍යාල ෆැක්ස්
කාර්‍යාලනිවාසජංගම
2111

ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා සමස්තයක් ලෙස නිල දුරකතන ලබාදීම සිදුවී ඇත්තේ මෙලෙසින්.

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා දුරකතන
2010/2015/202020222025
කාර්‍යාලනිවාසජංගමෆැක්ස්කාර්‍යාලනිවාසජංගමෆැක්ස්කාර්‍යාලනිවාසජංගමෆැක්ස්
221121102111

ඒ අනුව අමාත්‍යවරුන් සහ නි.අමාත්‍යවරුන් සඳහා දුරකතන ලබාදීමේ වැඩිවීමක් සිදුව නොමැති බව පැහැදිලි වනවා.

  1. අමත්‍යවරුන්ගේ සහයක කාර්ය මන්ඩලය සඳහා ලබාදෙන දුරකතන 
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා දුරකතන
2010/2015/202020222025
කාර්‍යාලනිවාසජංගමෆැක්ස්කාර්‍යාලනිවාසජංගමෆැක්ස්කාර්‍යාලනිවාසජංගමෆැක්ස්
පෞද්ගලික ලේකම්111111101011
සම්බන්ධීකරණ ලේකම්111011101010
මාධ්‍ය ලේකම්111111101011
මහජන සම්බන්ධතා නිලධාරී111011101010

මේ අනුව බැලීමේදී පැහැදිලි වන්නේ 2025 වසරේ නව ආණ්ඩුව යටතේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නිවාස සඳහා දුරකතන ලබාදීමක් සිදුකර නොමැති බවයි.

  1. අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල දුරකතන සඳහා මාසිකව ලබාදෙන ගාස්තු

2010 වසරේ සිට කාර්‍යාල, රාජකාරී නිවාස සහ ජංගම දුරකතන සඳහා ලබාදී ඇති මාසික වියදම රු. 40,000කි. 2022 වසරේදී ද ඒ සඳහා රු 40,000ක ගාස්තුවක් ලබාදී ඇත. 

නමුත් 2025 වසරේ නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ සහ නි. අමාත්‍යවරුන්ගේ කාර්යාල සහ රාජකාරී නිවාස සඳහා ලබාදී ඇති දුරකතන ගාස්තුව 20,000ක් වන අතර ජංගම දුරකතන ගාස්තුව සඳහා ලබාදී ඇත්තේ රු.10,000කි. ඒ අනුව නව ආන්ඩුවේ අමාත්‍යවරුන් සහ නි. අමාත්‍යවරුන් සඳහා උපරිම දුරකතන වියදම් ගාස්තුව වන්නේ රු.30,000කි. 

පෙර රජයන්වලදී මෙන් මෙවර ද මෙම දුරකතන වියදම මෙලෙස සඳහන් කර ඇත්තේ මාසික ස්ථාවර ගාස්තු සහ බදු මුදල් නොමැතිව ය.

අමාත්‍යවරුන්ගේ සහ නි. අමාත්‍යවරුන්ගේ දුරකතන සඳහා ලබාදෙන මාසික වියදම
2010/2015/20202022
2025
කාර්‍යාල දුරකතන සඳහා 20,000
රාජකාරී නිවාස සඳහා 10,00040,00020,000
ජංගම දුරකතන සඳහා 10,00010,000
එකතුව40,00040,00030,000
  1. අමත්‍යවරුන්ගේ සහ නි. අමාත්‍යවරුන්ගේ සහයක කාර්ය මන්ඩලය සඳහා ලබාදෙන දුරකතනවලට ලබාදෙන මාසික ගාස්තු

අමත්‍යවරුන්ගේ සහ නි. අමාත්‍යවරුන්ගේ සහයක කාර්ය මන්ඩලය සඳහා ලබාදෙන දුරකතනවල මාසික ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුව නොමැති අතර 2010 සිට 2025 නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ සහයක කාර්‍ය මණ්ඩලය දක්වා සමාන දුරකතන ගාස්තු ලබාදීමක් සිදුකර තිබෙනවා.

මෙම දුරකතන වියදම මෙලෙස සඳහන් කර ඇත්තේ මාසික ස්ථාවර ගාස්තු සහ බදු මුදල් නොමැතිව ය.

අමාත්‍යවරුන්ගේ සහ නි. අමාත්‍යවරුන්ගේ සහයක කාර්‍ය මණ්ඩලයේ දුරකතන සඳහා ලබාදෙන මාසික වියදම
2010/2015/20202022
2025
පෞද්ගලික ලේකම් 6,0006,0006,000
සම්බන්ධීකරණ ලේකම් 5,0005,0006,000
මාධ්‍ය ලේකම් 5,0005,0006,000
මහජන සම්බන්ධතා නිලධාරී5,0005,0006,000
එකතුව21,00021,00021,000

උපදේශකවරු පත්කිරීම

2025 නව ආණ්ඩුව යටතේ අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ස්වෙච්ඡා උපදේශකයින් පත්කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

ඊට අමතරව අමාත්‍යංශ සඳහා ස්ථීර උපදේශකයින් පත්කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. එමෙන් ම එක් අමාත්‍යංශයක විශය පථයන් කිහිපයක් පවතින අවස්ථාවක එකී එක් එක් විෂය පථයන් සඳහා ද උපදේශකයින් පත්කරගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

නමුත් පෙර රජයන්හී ස්වෙච්ඡා උපදේශකයින් පත්කිරීමක් සඳහන් නොවන අතර අමාත්‍යංශ සඳහා උපදේශකයින් දෙදෙන්ක් පත්කරගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

SL 3 දෙපාර්තමේන්තු ප්‍රධානි තනතුරකට සමාන වැටුපක් හෝ ඊට අඩු වැටුපක් 2025 නව චක්‍රලේඛය ඔස්සේ අමාත්‍යංශ සඳහා පත්කරගන්නා උපදේශකයෙක්ට හිමිවනවා. එම වැටුප රු.88,000ක් වනවා. පෙර රජයන්හිදී අමාත්‍යංශ සඳහා පත්කර ගන්නා උපදේශකයෙක් සඳහා හිමි වූ වැටුප රු.125,000කි. 

ඒ අනුව අමාත්‍යංශවරුන් සඳහා ගෙවනු ලබන වැටුපේ අඩුවීමක් නව ආන්ඩුව යටතේ සිදුවන බව පෙනී යනවා.

මෙම සමස්ත කරුණු විමර්ශණය සීඒ/1/17/1, 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපිය, 2022 වසරේ සැප්තැම්බර් 09 දින එම ලිපිය සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය, 2024 සංශෝධිත ලිපිය සහ 2025 ජනවාරි 21 නව ආණ්ඩුවේ ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යවරුන්ගේ කාර්‍යන් සඳහා ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ලිපිය මූලාශ්‍ර කර ගනිමින් සිදුකරන ලද්දකි.

එමෙන් ම ඇතැම් කරුණු ජනාධිපති මාධ්‍ය අංශයෙන් තහවුරු කරගනිමින් සහ පෙර රජයන්වලදී අමාත්‍යවරුන් සඳහා ලබාදුන් පහසුකම් සහ නව රජයේ අමාත්‍යවරුන් සඳහා ලබාදී තිබෙන පහසුකම් පිළිබඳව සංසන්දනාත්මකව ජනාධිපති මාධ්‍ය අංශයෙන් සකස් කරන ලද ලේඛන ද පදනම් කරගනිමින් මෙම කරුණු විමර්ශණය සිදුකරනු ලැබීය.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

අපගේ විමර්ශණයෙන් සමස්තයක් ලෙස පැහැදිලි වන්නේ නව ආණ්ඩුව විසින් පෙර රජයන්ට සාපේක්ෂව කිසිඳු අමාත්‍යවරුන්ගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පහසුකමක් ඉහළ දැමීමක් සිදුකර නොමැති බවයි.

විශේෂයෙන් පෙර රජයන්වලදී අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වාහන 3 බැගින් භාවිතා කර ඇති අතර නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ නි. අමාත්‍යවරුන් සඳහා ලබාදෙන වාහන ගණන 2 දක්වා අඩු කර තිබේ. 

එමෙන් ම මාසිකව මෙම වාහන ද්විත්වය සඳහා ම ලබාදෙන්නේ ලීටර 900ක දීමනාවකි. එය පෙර වසරවලදී මාසිකව ලබාදෙන ඉන්ධන ලීටර ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු අඩු කිරීමකි. එම සංසන්දනාත්මක ගණන් අපගේ කරුණු විමර්ශණයේ අන්තර්ගත වනවා.

මාසිකව දුරකතන සඳහා වැයවන වියදම ද නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සඳහා අවම කර තිබෙනවා. එහි ද සංසන්දනාත්මක ගණන් අපගේ කරුණු විමර්ශණයේ අන්තර්ගත වේ.

නව ආණ්ඩුවේ පහසුකම් පසුගිය රජයන්ට සාපේක්ෂව වැඩිවීමක් සිදුව නොමැත. නමුත් 2022 ආර්ථික අර්බුධය හමුවේ සිදුකළ සංශෝධන සමඟ සැසඳීමේදී අංශ දෙකක යම් වැඩි වීමක් දැකිය හැකිය.එනම් 2022 වසරේ සිදුකළ සංශෝධනයේදී අමාත්‍යවරුන්ගේ සහයක කාර්‍ය මණ්ඩලය සහ ඔවුන් වෙත ලබාදෙන නිල වාහනවල අඩුකිරීමක් සිදුකර ඇත. නමුත් එය ඊට පෙර වසර වලට වඩා වැඩිවීමක් නොවේ.

සියලු පැහැදිලි සංඛ්‍යාත්මක තොරතුරු කරුණු විමර්ශණයේ අන්තර්ගත වේ.

Avatar

Title:නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ පහසුකම් වැඩි කරල ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *