
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ටෙලි නාට්‍ය නලුවකු සහ You Tube නාලිකාවක් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ක්‍රියාකරිකයෙක් වන සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් ඇති වී තිබෙනවා. එබැවින් ඒ සම්බන්ධව හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“මහින්දට වඩා සුදත්ත වටිනවා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණා. එම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වන්නේ, “ටෙලි නාට්‍ය සහාය නලු සුදත්ත තිලකසිරිට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට ජනාධිපති අනුර නියෝග කරයි” යනුවෙනි.
තවත් එවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
මෙම සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්වන ආකාරයෙන් සුදත්ත තිලකසිරිට ජනපති අනුරගේ නියෝගයකින් ප්‍රභූ ආරක්ෂාව ලබාදී තිබේ ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් කළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ටෙලි නාට්‍ය නලුවෙක් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන සුදත්ත තිලකසිරි පසුගිය සමයේ නව ආණ්ඩුවට සහය දක්වමින් කටයුතු කළ අතර ම පසුගිය රජයන්හි දේශපාලන ක්‍රියාවලින් විවේචනය කිරීම ද සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අයෙකි.
ඔහුට ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමක් සිදු වූයේනම් එය මෙරට මාධ්‍ය තුළ වාර්තා වන බැවින් අප පළමුව මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේද යන්න සොයා බැලීමක් කළා. නමුත් මෙරට ප්‍රධාන මාධ්‍ය එවැනි පුවතක් වාර්තා කර තිබුණේ නෑ.
නමුත් එක් පුවත් වෙබ් අඩවියක් සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බව වාර්තා කර තිබුණා.
ඒ ඔහුට ජීවිත තර්ජනයක් ඇති බවට පොලීසිය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් අනුවයි. ඒ අනුව සුදත්ත තිලකසිරිට එක් පොලිස් නිලදාරියෙක්ගේ ආරක්ෂාව ලබාදී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කළ බව එම පුවතේ සඳහන් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංගගෙන් අප මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර කළ අතර ඔහු පැවසුවේ සුදත් තිලකසිරි තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට පැමිණිලි කර ඇති බවයි. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙක් එවැනි පැමිණිල්ලක් කළ විට තර්ජන තක්සේරුවක් (threat Assessment) සිදුකරන අතර එහි තක්සේරුව අනුව ඔහුට ජීවිත තර්ජනයක් තිබේනම් ඒ සම්බන්ධව ඉදිරි පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් සුදත්ත තිලකසිරිගේ ආරක්ෂාවට තාවකාලික එක් පොලිස් නිලධාරියෙක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඉදිරියේදී තර්ජන තක්සේරුව (threat Assessment) අනුව එම ආරක්ෂාව අවශ්‍ය නොවන බව තහවුරු වුවහොත් එය ඉවත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ අනුව සුදත්ත තිලකසිරිට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කරනු ලැබුවා.
ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ සුදත්ත තිලකසිරිට ආරක්ෂාවක් ලබාදීමට ජනාධිපතිවරයා නියෝග කිරීමක් සිදු නොකළ බවයි. එමෙන් ම ඔහුට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමක් සිදු නොවී ඇති බවත් පොලිස් මාධ්‍ය අංශය තහවුරු කළා.
මේ දිනවල ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති වී තිබෙන බැවින් සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් වැරදි තොරතුරු හුවමාරුවන බවයි පොලිස් මාධ්‍ය අංශයෙන් වැඩිදුරටත් පවසා සිටියේ. සාමාන්‍ය පුද්ගලයෙකුට ආරක්ෂාව සැපයීමේ පොලිසියේ යම් ක්‍රියාපටිපාටියක් ඇති බවත්, සුදත්තගේ ආරක්ෂාව සැපයීම ඒ අනුව සිදුවන්නට ඇති බවත් ඊට ජනාධිපතිවරයාගේ කිසිඳු මැදිහත්වීමක් නොමැති බවත් එබැවින් වැඩිදුර තොරතුරු ඊට අදාළව පොලිසියෙන් ලබාගන්නා ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් අප වෙත පවසා සිටියා.
සුදත්ත තිලකසිරි
අප සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි ද සම්බන්ධ කරගත් අතර ඔහු අප වෙත පැවසුවේ ඔහුට ජීවිත තර්ජන ඇති බැවින් පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි. එය ප්‍රභූ ආරක්ෂාවක් නොවන බවත්, සාමාන්‍ය ජනතාවට තමාට ජීවිත තර්ජනයක් තිබේනම් ඒ වෙනුවෙන් ආරක්ෂාවක් ඉල්ලීමේ අයිතිය පවතින බවත්, පොලිස් ආරක්ෂාව ලබාගත් මෙරට තව බොහෝ සාමාන්‍ය පුද්ගලයින් ඇති බවත් ඔහු අප වෙත පැවසුවා.
තමා පසුගිය කාලයේ ජාතික ජන බලවේග පක්ෂයට පක්ෂව කටයුතු කළ බැවින් සහ මේ දිනවල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතාබහක් පවතින බැවින් බොහෝදෙනා මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යාමට උත්සහ දරන බව ඔහු පවසනවා. ඒ අනුව ඔහුට ජනපති අනුරගේ නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී නොමැති බව ඔහු අප වෙත පවසනවා.
මේ වනතෙක් ඔහු තමාගේ පෞද්ගලික ආරක්ෂාව සපයා ගත් බවත් ඔහු පවසනවා.
අප ඔහුගෙන් දැනට පොලිස් නිලදාරීන් කොපමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබේ ද යන්නත් විමසීමක් කළා. නමුත් ඔහු ඊට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අපගේ විමර්ශණය අනුව පැහැදිලි වන්නේ, සුදත්ත තිලකසිරිට ජනපති අනුරගේ නියෝගයකින් ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි.
සුදත්ත තිලකසිරි තමාට ජීවිත තර්ජනයක් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව ඔහුට එක් පොලිස් නිලධාරියෙක්ගේ ආරක්ෂාවක් ලබාදී ඇත.

Title:සුදත්ත තිලකසිරිට ජනාධිපති නියෝගයකින් ප්‍රභූ ආරක්ෂාව ලබාදුන්නා ද?
Fact Check By: Piumika LakshaniResult: Missing Context
