
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෙර ට මෙන් ම, ජාත්‍යන්තර තලයේද ජනප්‍රියත්වයට පත් වූ ශ්‍රී ලාංකික සංගීත තරුවක් වන යොහානි ද සිල්වා විසින් දිනකට රුපියල් 616,467 සිට 820,969 දක්වා අදහාගත නොහැකි ආදායමක් උපයා ගත හැකි රහසිගත ආදායම් මාර්ගයක් හෙළි කළ බවට දක්වමින් සමාජ මාධ්‍යවල මේ දිනවල දැඩි අවධානයක් හමු වූ පුවතක් වී තිබෙනවා. එම මුදල ඉපැයීම ඉතා පහසු බවට හඟවා තිබූ සටහන් නිසා බොහෝ දෙනෙකු එම යෙදුම හරහා මුදල් ආයෝජනය කිරීමට පෙළඹී තිබුණා. මේ හේතුවෙන් මෙහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ලංකාදීප පුවත් පත විසින් මෙහෙයවන “දනුට කියන්න” වැඩසටහනේ සජීවී සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා විසින් ඉතා පහසුවෙන් ලාභදායී ආදායම් මාර්ගයක් හෙළි කිරීම නිසා ඇය නීතිමය ගැටළු වලට මුහුණ දී ඇති බව ත්, මෙම වාසිදායක ආයෝජනය හේතුවෙන් ආර්ථික බලපෑම පිළිබඳව මතභේද ඇති වී ඇති බව ත්, දක්වමින් ඉංග්‍රීසි බසින් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.
මෙම සටහන ඔබ ජංගම දුරකතනයක් හරහා ක්ලික් කරනවානම් ඔබ යොමු වන්නේ Daily Mirrorඉංග්‍රීසි පුවත් පතේ පළ වූ බවට හඟවා ඇති ලිපියකටයි. එහි පළ වන්නේ යොහානි ද සිල්වා ධනුට කියන්න වැඩසටහනකදී තමන් පහසු තැන්පතු ක්‍රමයක් හරහා දිනකට රුපියල් 616,467 ත් 820,969 ත් අතර මුදලක් උපයන බව යොහානි ප්‍රකාශ කළ බව ත් එම ආයෝජන ක්‍රමයේ Immediate Flex යන වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කර ඇය විසින් රු 74,000ක මුදලක් සුළු මුදලක් ආයෝජනය කිරීමෙන් දිනකට රුපියල් ලක්ෂ 6කට හෝ 8කට ආසන්න ප්‍රමාණයක් මුදල් උපයන බව ත්, එය තහවුරු කිරීම සඳහා එම වැඩසටහන අතර තුර එම වැසටහන මෙහෙය වන ධනු ඉන්නසිතම්බිට ද, එම ආයෝජනය සිදු කර ප්‍රතිඵල එම අවස්ථාවේ ම බැලිය හැකි බව පවසමින් එහි අයෝජනයක් ධනු විසින් ද, සිදු කළ බව එම ලිපියේ සඳහන් වේ. පසුව එම වැසටහන අතරතුර ඔහුගේ ආයෝජනය වැඩි වූ බවට පවසන අතර මෙලෙසින් පහසුවෙන් මුදල් විශාල වශයෙන් ඉපැයීමක් හෙළි කළ බැවින් එය රටේ ආර්ථික සමතුලිත භාවයට ගැටලුවක් ඇති විය හැකි බැවින් ඇයට නීතිමය පියවර ගැනීමක් සිදු වන බව ත්, නමුත් එය අයථා ලෙස මුදල් සෙවීමක් නොවන බව ට තහුවරු වී ඇති බව ත්, දක්වමින් එම යෙදුම හරහා මුදල් ආයෝජනය කිරීමට පොළඹවනු ලබයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ෆේස්බුක් සටහන Desktop භාවිත කරමින් ක්ලික් කිරීමේදී එය ඍජුවම එම ආයෝජන වෙබ් අඩවියට යොමු කෙරේ.
මෙම සටහන් වල සත්‍ය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් ම ධනු ඉන්නසිතම්බි විසින් මෙහෙය වූ ‘ධනූට කියන්න’ වැඩසටහනින් ගායන ශිල්පී යොහානි ද සිල්වා සමගින් කළ සම්මුඛ සාකච්ඡාවක් ඇත්දැයි යන්න පරීක්ෂා කළ අතර ඉහත Daily Mirror පුවත් ලිපියක් බවට පෙන්වා දී තිබූ වාර්තාවේ යොහානි සහ ධනුගේ ඡායාරූප පසුබිම දැක්වෙන වැඩසටහනක් දැක ගන්නට ලැබුණා.
ඒ අනුව 2024 වසරේ පෙබරවාරි 09 වන දා Youtube ඔස්සේ පළ කර ඇති එම සම්පූර්ණ වැඩසටහන පරීක්ෂා කළ ත්, එවැනි කතා බහක් ඇති වූ බවට හෝ ආදායම් මාර්ග සම්බන්ධයෙන් හෝ ප්‍රශ්නයක් ධනු විසින් යොමු නොකරන අතර යොහානි විසින් ද, පිළිතුරු ලබා දීමක් හෝ තමන් ක්‍රිප්ටෝ වැනි ආයෝජනයක් සිදු කරන බවට හෝ ප්‍රකාශ නොකරයි. එම සම්පූර්ණ වැඩසටහන මෙතනින්.
ඉන්පසුව අප පරීක්ෂාවට ලක් කළේ, Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පත විසින් ඉහත සඳහන් ලෙස පුවත් ලිපියක් පළ කර තිබුණේ ද, යන්නයි. නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ සබැඳියේ දක්වා ඇති ආකාරයේ පුවත් ලිපියක් එම පුවත් පත මගින් පළ කර නොමැති බව දැක ගන්නට ලැබුණා.
එමෙන් ම එම සමාජ මාධ්‍ය පුවත් ලිපියේ වසමේ(domain)( vutreswize.com) පරීක්ෂා කිරීමේදී එය Daily Mirror වෙබ් අඩවියේ domain(dailymirror.lk) නොවන බවට ද දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලිපියේ domain සහ සත්‍ය Daily Mirror වෙබ් අඩවියේ domain අතර ඡායාරූප සංසන්දනය පහතින්.
ඒ අනුව ද, මෙය ව්‍යාජ පුවත් ලිපියක් බවට තහවුරු වෙනවා.
අදාළ පාර්ශවයන්ගේ ප්‍රතිචාර
යොහානි ද සිල්වා:
ගායන ශිල්පි යොහානි ද සිල්වාගේ කළමණාකරු දිලන්ජන් සෙනවිරත්න මෙම සටහන් තරයේ ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කරන්නේ, මේ සටහන් අසත්‍ය බව ත්, යොහානි විසින් කිසිදු ආයෝජනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් එම වැඩසටහනදී සිදු නොකළ බවයි. එමෙන් ම ඇය කිසිදු ආයෝජන යෝජනා ක්‍රමයක් හෝ මූල්‍ය ප්‍රවර්ධනයක් සමඟ සම්බන්ධ නොවූ බව ත්, ඔහු පවසා සිටියා.
ධනු ඉන්නසිතම්බි:
විකල්ප ආදායම් මාර්ග හෝ කිසිදු මූල්‍ය යෝජනා ක්‍රමයක් පිළිබඳව තමා කිසි විටෙකත් යොහානිගෙන් හෝ වැඩසටහනට සම්බන්ධ වන වෙනත් පාර්ශවයන්ගෙන් හෝ ප්‍රශ්න නොකරන බව ත්, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ත්, එම වැඩසටහන මෙහෙයවූ ධනු අප කළ විමසීමේදී තහවුරු කළා.
Daily Mirror:
Daily Mirror පුවත්පත් කතුවරිය විසින් ද, අප මේ පිළිබඳව කළ විමසීමේදී පවසා සිටියේ, ඔවුන් කිසි විටෙකත් එවැනි වාර්තාවක් ප්‍රකාශයට පත් නොකළ බවයි. එස පුවත් පත විසින් පළ කළ පුවතක් ලෙසට ව්‍යාජව සැකසූ ලිපිය එම ආයතනයේ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිතා කර ඇති බව ත්, ඩේලි මිරර් පෙන්වා දෙනවා, ඔවුන්ගේ වෙළඳ නාමය වංචනික ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද, ගොනු කර බව ත්, ඇය වැඩි දුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් (SLCERT) අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙය වංචාවක් බවයි. එවැනි වංචනික මාර්ගගත යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට ප්‍රවේශම් වන ලෙස ද, ඔවුන් අනතුරු අඟවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා සඳහන් කළේ, මෙම නොමඟ යවන සබැඳි මත ක්ලික් කිරීමෙන් පරිශීලකයින් ෆේස්බුක් ඇතුළු පුද්ගලික තොරතුරු පාවා ලබා දීමට පෙළඹවන අයුරින් නිර්මාණය කර ඇති බව ත්, එවැනි පළ කිරීම් විශ්වාසදායක ලෙස පෙනෙන පරිදි සකස් කර ඇති නමුත් අවසානයේ සංවේදී තොරතුරු හෙළි කිරීමට හෝ වංචනික යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමට පුද්ගලයින් රවටා ගැනීම සිදු කරනු ලබන බවයි.
මෙවැනි වංචාවන් වින්දිතයින් ආකර්ෂණය කර ගැනීමට සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් විසන් මේවා හි ආයෝජනය සිදු කර ඇති බවට හඟවමින් මෙම වංචා බොහෝ විට ආයෝජන සඳහා පහසු, ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී පරිශීලකයින්ට මූල්‍යමය වචයෙන් වංචාවන්ට හසු කර ගැනීම සිදු කරනු ලබයි.
මෙවැනි වංචා හඳුනා ගන්නේ කෙසේ ද?
මහ ජනයා ආකර්ෂණය වන අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ ලබා දෙන බව : දිනකට රුපියල් 616,467 සිට 820,969 දක්වා පහසුවෙන් උපයා ගැනීමේ ප්‍රකාශය යථාර්ථවාදී නොවේ.
ව්‍යාජ පුවත් ලිපි: වංචාකරුවන් බොහෝ විට මෙම වංචා නීත්‍යානුකූල බව පෙන්වීමට ව්‍යාජ පුවත්පත් කොටස් නිර්මාණය කරයි.
බාහිර සබැඳි: සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් ගිණුම් සඳහා ලොග් විය හැකි මුරපද හෝ පුද්ගලික තොරතුරු සොරකම් කරන තතුබෑම් වෙබ් අඩවි වල යොමු විය හැකි අවදානම.
පෙළඹවීම සහ පීඩනය: වංචාකරුවන් බොහෝ විට “සීමිත දීමනාව” හෝ “ඉක්මනින් ක්‍රියා කරන්න” වැනි සංවේදී භාෂාව භාවිතා කරමින් මේ පිළිබඳ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට පෙර සත්‍යාපනයකින් තොරව ක්‍රියා කිරීමට පුද්ගලයින් යොමු කරවයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?
Fact Check By: Pavithra SandamaliResult: False
