දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලුණු සම්බන්ධව සහ එහි ආනයනය සම්බන්ධව සමාජ ජාලා සටහන් පසුගිය කාලයේ පැතිරුනා.බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ මාතෘකාවක්.ලුණු මිල පිලිබදව වූ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව ඇති පැහැදිලි කිරීමකි මේ .සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ පසුගිය කාල වකවානුව තුල රුපියල් 85 ක්වූ ලුණු මිල මේ වන විට රුපියල් 200 ද ඉක්මවා ඇති බවක්.ඒ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
ශ්‍රී ලංකාවේ රජය ලුණු ආනයනය කිරීමට තීරණය කළා.එයට මුලිකවම බලපෑ හේතුව වී තිබුනේ කාලගුණික සහ දේශගුණික සාධක නිසා ලුණු අස්වැන්නට සිදුවූ අහිතකර බලපෑම් .ඒ සම්බන්ධව අප විසින් සිදුකල කරුණු විමසීම කියවා බැලිය හැකියි පහතින්.
ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්
ඉන් පසුව අප විමසා බැලුවේ ලුණු ආනයනය කිරීම හා සමගම අස්වාභාවික ලෙස ලුණු මිල ඉහලගොස් ඇති බවට සමාජ ජාලා හරහා පැතිරෙන තොරතුරු සම්බන්ධවයි.
අප මේ සම්බන්ධයෙන් පළව ඇති පුවත් වාර්තා කෙරෙහි අවධානය යොමුකලා.
එහිදී අපට දක්නට ලැබුණේ හම්බන්තොට ලංකා සෝල්ට් සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක් මුල් කරගනිමින් පලව ඇති පුවත් වාර්තා පිලිබදවයි.
එම පුවත් වාර්තාවල දැක්වෙන්නේ ලුණු කැට කිලෝ එකක මිල රුපියල් 120 ක් ලෙස කලින් පැවති අතර ආනයනික අමු ලුණු පිරිපහදු කර පැකට් කර බෙදාහැරීමේදී එහි නව මිල රුපියල් රුපියල් 180 වනු ඇති බවයි. ඒ අනුව කැට ලුණු මිල වැඩිවීමේ ප්‍රතිශතය 50% ක් වනු ඇත.
එමෙන්ම කැට ලුණු වලට වඩා මිල වැඩි අයඩින් එක්කරන ලද ලුණු කුඩු පැකට්ටුවක මිල ග්‍රෑම් 400 ,කලින් රුපියල් 100 ට පැවති අතර නව මිල රුපියල් 120 ක් වන බව සදහන් .ඒ අනුව එහි කිලෝවක් සැලකු විට කලින් පැවති මිල වන්නේ රුපියල් 250 වන අතර නව මිල කිලෝ ඒකක මිල වන්නේ රුපියල් 300 ක්. ඒ අනුව ලුණු කුඩු වල මිල වැඩිවීමේ ප්‍රතිශතය 20% ක් වනවා . මෙම ලුණු ගෙන්වීම සිදුවන්නේ රාජ්‍ය වාණිජ සංස්ථාව හරහායි.ඒ අමු ලුණු ලෙසයි.ඉන්පසුව එම ලුණු නිෂ්පාදකයන්ට ලබාදෙන අතර ඔවුන් එම ලුණු අදාළ ක්‍රියාවලින්ට ලක්කිරීමෙන් අනතුරුව අයදනිකෘත ලුණු කැට /කුඩු බවට පත්කර පැකට් කර විකුණනවා .මේ සම්බන්ධව ඇති මාධ්‍ය වාර්තාවන්ට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්
මේ පිලිබදව තොරතුරු දැනගැනීම සදහා අප අප හම්බන්තොට ලංකා සෝල්ට් සමාගමද සම්බන්ධ කරගත්තා.එහි අලෙවිකරණ අංශයේ ප්‍රකාශකයෙක් අප සමග ප්‍රකාශ කර සිටියේ ලංකා සෝල්ට් සමාගම මගින් පිටරටින් ආනයනය කරන ලද අමු ලුණු වලින් ලුණු නිෂ්පාදනවලින් ලුණු නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙය බවයි.ඉතිහාසයේ කිසිම අවස්ථාවක මේ ආකාරයෙන් ලුණු නිෂ්පාදනය කර නොමැති බවත් ඔහු සදහන් කර සිටියා.
නැෂනල් සෝල්ට් සමාගමෙන්ද අප මේ පිලිබදව විමසු විට එහි නිෂ්පාදන කළමනාකාරවරයෙක් අප සමග පවසා සිටියේ නැෂනල් ලුණු වලද ලුණු මිල ගණන් වැඩි කිරීමට තීරණය කර ඇති බවත්.
අප විසින්ද මෙම මිල වැඩිවීමට පෙර තිබු ලුණු මිල ගණන් පසුගිය සමයේ අලෙවිකරණ ලද ලුණු පැකට් වල මුද්‍රණය කර තිබු බව නිරීක්ෂණය කරනු ලැබුවා.
ඉතිහාසය තුල ලුණු මිල වෙනස්වුන අයුරු අප මෙම ලිපිය තුල නුදුරේදීම යාවත්කාලින කරනු ඇත.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම අනුව තහවුරු වන්නේ සැබවින්ම ලුණු වල මිල වැඩිවීමක් සිදුව තිබුනත් සමාජ ජාලා සටහන් වල අදාළ තත්ත්වය අතිශයෝක්තියට නගා ඇති බව පැහැදිලියි. ලුණු කුඩු වල මිල වැඩිවීම 20% පමණ ප්‍රතිශතයක් වන අතර ලුණු කැටවල එය 50% කි. කෙසේ වෙතත් ලංකාවේ ප්‍රධානම ලුණු නිෂ්පාදන ආයතනය වන ලංකා සෝල්ට් පවා මිට පෙර ආනයනය කරන ලද අමු ලුණු වලින් ලුණු නිෂ්පාදනය කර නොමැති නිසා මෙය නවතම තත්ත්වයකි. පසු ගිය කාලයේ දේශගුණික විපර්යාස නිසා බොහෝ දුරට අඩුව තිබූ ලුණු නිෂ්පාදනය නැවත ආරම්භ වූ විට ලුණු මිල පහත වැටේවිද යන්න අනාගතය මගින් තීරණය කෙරෙනු ඇත.

Title:ලුණු මිල පිලිබදව පැතිරෙන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,