ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ එකක් ද?

False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ස්වභාව සෞන්දර්ය විදහා පාන ආකර්ශනීය, පුදුම සහගත දසුන් ලෝකය පුරා පිහිටා තිබෙන අතර එම ස්ථාන ජනයාගේ සිත්නෙත් ඇදබැඳ තබා ගැනීමට සමත් වනවා. මේ හේතුවෙන් එවැනි දර්ශන නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු කරගනිමින්, රීච් වැඩි කරගැනීමට ඇතැම් ෆේස්බුක් ඇඩ්මින්වරුන් කටයුතු කරනවා. එලෙසින් මෙරට දර්ශනයක් ලෙසට සංසරණය වූ ඔබට තරමක් අදහාගත නොහැකි ආකාරයේ මනස්කාන්ත, ප්‍රතිවිරුද්ධ දිශාවට ගලා හැලෙන දියඇල්ලක් දැක්වෙන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

“සොබාදහම අපේ රටට දෙන එක දීලා තියෙනවා තව මදි නොකියන්නම” යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන දිය ඇල්ලක වීඩියෝවක් පළ කර තිබුණේ මේ අයුරින්.

ශ්‍රී ලංකාවේ මෙවැනි විෂ්මයක් දනවන ස්වභාව සෞන්දර්යකින් යුත් දියඇල්ලක පිහිටා තිබේනම් එය මෙරට ජනතාව අතර ප්‍රචලිත මෙන් ම  සංචාරක ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්වනවා නොඅනුමානයි. නමුත් මීට පෙර මෙරට එවැනි ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොතිබුණු බැවින් අප මෙම වීඩියෝවේ සඳහන් ස්ථානය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මෙම වීඩියෝවේ රූප රාමු  Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ ඇති ආකර්ෂණිය දිය ඇලිවලින් එකක් ලෙස සැලකෙන මහාරාෂ්ට්‍රයේ නානේගාට් හි පිහිටි ප්‍රතිවිරුද්ධ දිශාවට ගලා හැලෙන දියඇල්ලේ මනස්කාන්ත දර්ශණයක් වන බවයි.

එහි පිහිටීම සොයා බැලීමේදී ද මෙම දිය ඇල්ල ඉන්දියාවේ එකක් බව අපට තවදුරටත් තහවුරු කරගත හැකි වුණා.

මෙම දියඇල්ල පිහිටි කඳුකර ප්‍රදේශයේ කෑම්පින්ග් (Camping) සඳහා සේවා සපයන ඉන්දියාවේ ආයතනයක ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේද මෙම ආකර්ශණීය දියඇල්ලේ සුන්දර දර්ෂන අන්තර්ගතව තිබුණේ මේ අයුරින්.

මෙම දියඇල්ල ආශ්‍රිතව ඡායාරූප, වීඩියෝ පළ කරන ඉන්දියාවේ ෆේස්බුක් පිටුවකත් මෙම දියඇල්ල සම්බන්ධව බොහෝ ඡායාරූප, වීඩියෝ, සංචාරකයින් එම ස්ථානයේ ලබාගන්නා ඡායාරූප අන්තර්ගත කර තිබූ ආකාරය අපට දැකගත හැකි වුණේ, මේ අයුරින්.

නානෙඝාට් නොහොත් නානා ඝාට් ලෙස ජනප්‍රියව හැඳින්වෙන මෙම ජනප්‍රිය දියඇල්ල  බටහිර ඝාට්ස් හි පූනේ හි ජුන්නාර් අසල පිහිටා ඇති ස්ථානයකි. මෙය, කොන්කන් වෙරළ තීරයට සහ ඩෙකෑන් සානුවට ආසන්නව මහාරාෂ්ට්‍රයේ පිහිටි තේජාන්විත කඳු වැටියකි. මහාරාෂ්ට්‍රයේ සන්සුන් කඳුකර මාර්ගය විශ්මයජනක දසුනක් මෙම දියඇල්ල මඟින් ලබා දෙන බවයි සඳහන්ව ඇත්තේ.

මෙම දියඇල්ල ගුරුත්වාකර්ෂණයට අභියෝග කරන්නේ කෙසේ ද?

මෙම දියඇල්ල ගුරුත්වාකර්ෂණයටත් අභියෝග කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගලාහැලෙන්නේ, තද සුළං බලය නිසා ගලා යන ජලය ඉහළට තල්ලු කිරීම නිසයි. 

ඉහළ සිට බලන විට එය පෘථිවියේ ස්වර්ගයක් වැනි බවටත් ඇතමුන් අදහස් දක්වනු ලබනවා. 

ඒ අනුව නැනෙගාට් යනු කඳු නගින්නන් අතර ජනප්‍රිය ස්ථානයකි. මෝසම් කාලයේදී නැනෙගාට් දිය ඇල්ල නැරඹීමට වඩාත් සුදුසු වන අතර මෙම අමුතු සිදුවීම සිදුවන්නේ ද ජල බලය ප්‍රමාණවත් තරම් ශක්තිමත් වූ විට පමණක් බවයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ වෙබ් අඩවි තුළ ද මෙම විශ්මයජනක දියඇල්ල සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ගත වුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ,  ශ්‍රී ලංකාවේ පිහිටි දියඇල්ලක් ලෙස සඳහන් කරමින් පළ කර තිබූ වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්දියාවේ නානේගාට් හි පිහිටි ප්‍රතිවිරුද්ධ දිශාවට ගලා හැලෙන දියඇල්ලේ මනස්කාන්ත දර්ශණයක් වේ.

Avatar

Title:ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ එකක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *