අයවැය අතරතුර පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් අසභ්‍ය වචන කිව්වා ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් පළ වන අතර මේ දිනවල පාර්ලිමේන්තුවේදී ජාතික ජනබලවේගයේ අමාත්‍යවරයෙක් අසභ්‍ය වචනයක් පැවසූ බවට වීඩියෝවක් සංසරණය වෙමින් පවතින බැවින් පාර්ලිලිමේන්තුවේදී එවැනි වචනයක් අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ් සටහන් (Social Media) :

පසුගිය පෙබරවාරි 17 ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය ජනාධිපති අනුර විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අතර ඊට පසු දින එනම් පසුගිය 18 වන දින,“මේ  වාගේ කුනු හරුප කියන phd කාරයොන් ගෙන්ද බන් උබලා ඕක පිරෙව්වේ” යනුවෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයෙක් අසභ්‍ය වචනයෙන් සිදුකරන ප්‍රකාශයක් සහිත වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන්ගේ ආචාර්‍ය උපාධි සම්බන්ධයෙන් පසුගිය සමයේ වැඩි කතාබහක් ද ඇති වූ බැවින් ආචාර්ය උපාධි සහිත උගතුන්ගේ හැසිරීමක් ලෙස අඟවමින් සහ අසභ්‍ය වචන පැවසූ බවට සඳහන් කරමින් එම වීඩියෝව තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

අය වැය විවාදයේදී හෝ එවැනි අසභ්‍ය වචනයක් පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂාක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය පෙබරවාරි 17වන දින 2025 වසරේ අයවැය කතාව ජනාධිපති අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අතර අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වුණි. අයවැයට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වනදා සිට පැවැත්වෙනවා. 

ඒ අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මෙම විවාද අතරතුර පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයෙක් අසභ්‍ය වචනයක් සඳහන් කළේ ද යන්න පාර්ලිමේන්තුවේ සජීවි විකාශ හරහා ද, අප පරීක්ෂා කළ නමුත් එවැනි සිදුවීමක් අපට නිරීක්ෂණය නොවී ය. 

එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හෝ එවැනි සිදුවීමක් වාර්තා කර නොතිබුණි.

එමෙන් ම මෙම වීඩියෝවේ සඳහන් වන්නේ, අයවැය අතරතුර රාජ් ඇමති කියූ කුණුහරුපයලෙසයි. නමුත් ජාතික ජන බලවේගයේ රජය විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකළ අතර, ඒ වෙනුවට කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් පත්කරනු ලැබී ය. 

ඒ අනුව මෙම වීඩියෝවේ සඳහන් අයුරින් රාජ්‍ය අමාත්‍යවරුන් ද වර්තමානයේ ජාතික ජන බලවේග රජය යටතේ පත් කර නොමැති බැවින් අප මෙම වීඩියෝවේ අදාළ ප්‍රකාශය සිදුකරනු ලබන අමාත්‍යවරයා කවුරුන් ද යන වග සොයා බැලීමක් කළා.

එහිදී Reverse Search Image ඔස්සේ මෙම වීඩියෝව පරීක්ෂා කළ අතර මෙම වීඩියෝව 2022 දෙසැම්බර් 4 වන දින ෆේස්බුක් හි පළ කරන ලද වීඩියෝවක් බව පැහැදිලි විය.

මෙම පුවත එවක වෙබ් අඩවියක පළකර තිබූ අතර එහි මෙම වීඩියෝව ද උපුටා දක්වා තිබුණා. එහි එම පාර්ලිමේන්තු රාජ්‍ය අමාත්‍යවරයා පොදුජන පෙරමුණේ තේනුක විදානගමගේ ලෙස සඳහන් කර තිබෙනවා. 2022 දෙසැම්බර් 3 වන දින පාර්ලිමේන්තුවේදී ඔහු කළ කතාවේ පිටපතක්  එදින හැන්සාඩ් වාර්තාවේ ද ඇතුළත් කර තිබුණා.

එකල   නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා වූ අතර, ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී එම තනතුරට පත්ව තිබෙනවා. ඔහු 2017 වසරේ සිට 2020 දක්වා අටවන පාර්ලිමේන්තුව සහ 2020-2024 දක්වා නව වන පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.

නමුත් වර්තමානයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර තේනුක විදානගමගේ නම් අමාත්‍යවරයා නොමැත. ඔහු වර්තමානයේ පාර්ලිමේන්තුව ද නියෝජනය නොකරයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, අයවැය අතරතුර රාජ්‍ය ඇමති කියූ කුණුහරුපය” ලෙස සඳහන් කරමින් පළ කර ඇත්තේ ජාතික ජනබලවේගයේ අමාත්‍යවරයෙක් 2025 අයවැය අතරතුර සිදුකරන ලද කතාවක් නොව 2022 දෙසැම්බර් 03 වනදින තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී  සිදුකළ කතාවක 2022 දෙසැම්බර් 04 වන දින පල කළ වීඩියෝවක් බවයි.

Avatar

Title:අයවැය අතරතුර පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් අසභ්‍ය වචන කිව්වා ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *