
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
උත්සව සමයන් සහ විශේෂ දින මුල් කරගනිමින් ජනප්‍රිය වෙළඳ නාම භාවිතා කර මුදල් ත්‍යාග සහ තෑගි පිරිනමන බව පවසමින් වංචාකරුවන් ජනතාව රවටා පුද්ගලික දත්ත සොරකම් කිරීම සිදුකරන ආකාරය අපට නිතර දැකගත හැකිය.ඒ ආකරයෙන් ම අද දිනට (8) යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් මැලිබන් සමාගම මුදල් ත්‍යාග පිරිනමන බවට පණිවිඩයක් WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නා බවට තොරතුරු වාර්තා වීමත් සමඟ අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“මැලිබන් – කාන්තා දින තෑග්ගක්” ලෙස සඳහන් කරමින් WhatsApp හරහා සබැඳියක් සංසරණය වී තිබුණේ මේ අයුරින්,
එම සබැඳිය ක්ලික් කිරීමෙන් පසු එහි සඳහන් වුණේ,
ප්‍රශ්නාවලියක් හරහා ඔබට රුපියල් 30000 ක් දිනා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.
මෙහි මැලිබන් සමාගමේ සන්නාමය සහ එහි ආකෘතිය ආදිය ද භාවිතා කර තිබුණේ මේ අයුරින්.
මෙම සබැඳිය පිළිබඳ සත්‍යය නොදන්නා බොහෝ දෙනෙක් එය WhatsApp කණ්ඩායම් හරහා පුළුල් ලෙස බෙදාගෙන ඇති බව ද අපට දැකගත හැකි වූ බැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙහි සත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා අප පළමුව මැලිබන් සමාගමේ නිල ෆේස්බුක් පිටුව සහ වෙබ් අඩවිය වෙත පරීක්ෂා කළ නමුත් කාන්තා දිනයට පෙර පැවති කිසිදු ත්‍යාග තරඟයක් සඳහා වෙළඳ දැන්වීම් හෝ ඒවාට සහභාගී වීමට ක්ලික් කිරීමට සබැඳි කිසිවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් හෝ සිදුකර තිබුණේ නෑ.
WhatsApp හරහා බෙදාගත් සබැඳිය ක්ලික් කළ විට ප්‍රවේශ වූ පිටුවට බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇති බව ද අපට දැකගත හැකි වූ බැවින් අප එම අදහස් දැක්වීම් ද පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
කෙසේ වෙතත්, එවැනි අදහස් දැක්වූවන්ගේ නම් දෙස බලන විට, මෙම අදහස් ජනතාව රැවටීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ නම් යටතේ පළ වී ඇති බව අපට නිරීක්ෂණය විය.
මැලිබන් සමාගම
මේ පිළිබඳ සත්‍යය දැන ගැනීමට අපි මැලිබන් සමාගමෙන් විමසීමක් සිදුකළ අතර, ඔවුන් ප්‍රකාශ කළේ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නා තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කාන්තා දිනයට පෙර ඔවුන් කිසිදු ත්‍යාග තරඟයක් හෝ මුදල් ත්‍යාග ලබා දී නොමැති බවත්ය.
වංචනිකයින් විසින් තම නම භාවිතා කරමින් සිදුකරන එවැනි ක්‍රියාකාරකම්වලට නොරැවටෙන ලෙසද ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියා.
තම සමාගම විසින් සිදු නොකරන ලද එවැනි කටයුතු හේතුවෙන් මහජන ජීවිතවල සිදුවිය හැකි ඕනෑම වංචාවක් සඳහා මැලිබන් සමාගම කිසිදු තත්වයක් යටතේ වගකිව යුතු නොවන බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.
තම සමාගම විසින් කිසියම් ත්‍යාග තරඟ පවත්වන්නේ නම්, ඒවා ඔවුන්ගේ නිල ෆේස්බුක් සහ වෙබ් අඩවි පිටු හරහා මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන බව ද ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.
එමෙන් ම මැලිබන් සමාගම විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ, මෙම සංසරණය වන ව්‍යාජ සබඳිය සම්බන්ධයෙන් නිල නිවේදනයක් පළකරමින් සිය පාරිභෝගිකයන් දැනුවත් කර තිබුණා.
ඔවුන්ගේ නිල නිවේදනය මෙසේ ය.
“හිතවත් පාරිභෝගිකයිනි,
මේ දිනවල මැලිබන් ආයතනය වෙතින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බවට දැනුම් දෙමින් පෞද්ගලික තොරතුරු ලබාගන්නා පණිවිඩය අසත්‍ය බව කරුණාවෙන් සලකන්න.
මැලිබන් සහ අප ආයතනය සමඟ සම්බන්ධ වන කිසිඳු පාර්ශවයකින් මෙම පණිවිඩය ප්‍රචාරය කර නොමැති බවත්, මේ සම්බන්ධව සිදුවන අලාභ හානි සඳහා අප ආයතනය විසින් වගකීම භාර නොගන්නා බවත් දැනුම් දෙන්නෙමු.
එම Link එක වෙත පිවිසීම, ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සහ අන් අය සමඟ බෙදා ගැනීම සිදු නොකරන මෙන් අප ඔබ සැමගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින්නෙමු.
එම පණිවිඩය ඔබ වෙත ලැබුණහොත්, කරුණාකර 1383 අපගේ හදිසි ඇමතුම් සේවාව වෙත දැනුම් දෙන්න. එමෙන්ම, නිල දැනුවත්කිරීම් සඳහා නිල මැලිබන් සමාජ මාධ්‍ය ජාල සහ, නිල වෙබ් අඩවිය සමඟ රැඳී සිටින්න.”
ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT)
මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමෙන් විමසූ විට, ඔවුන් පැවසුවේ මෙය වංචාවක් බවත්, එවැනි සත්‍යාපනය නොකළ සබැඳි ක්ලික් කිරීමෙන් පුද්ගලයින්ගේ පුද්ගලික දත්ත සොරකම් කරන බවත්ය. එබැවින් ජනතාව මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු බව ඔවුන් පෙන්වා දෙනු ලබනවා.
Also Read – කම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්
Also Read – සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !
Also Read – SCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!
Also Read – Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !
Also Read – මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද?
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, මෙලිබන් සමාගමේ වෙළඳ නාමය භාවිතා කරමින් කාන්තා දිනය නිමිත්තෙන් මුදල් ත්‍යාග පිරිනැමීමක් ලෙස පවසමින් WhatsApp ඇතුළු සමාජ මාධ්‍යවල බෙදා ගන්නා ලද සබැඳිය, ජනතාවගේ පුද්ගලික දත්ත සොරකම් කිරීමේ අරමුණින් වංචාකරුවන් විසින් බෙදා ගන්නා ලද ව්‍යාජ සබැඳියක් බවයි.
අපි සාමාන්‍යයෙන් විශේෂ දින සහ උත්සව කේන්ද්‍ර කරගනිමින්, විවිධ ප්‍රසිද්ධ සන්නාම භාවිතා කරමින් හුවමාරුවන මෙවැනි ව්‍යාජ සබැඳි සහිත පණිවිඩ SCAM ලෙස හඳුන්වන අතර, ඒවායේ සෑමවිටම පවසන්නේ නොමිලේ දත්ත, තෑගි ආදිය ලබාදීමට සබැඳිය ක්ලික් කරන ලෙසයි. අනතුරුව එම ලින්ක් හරහා විවිධ තොරතුරු ඉල්ලා සිටින අතර ඒ ඔස්සේ, ඔබේ දත්ත සූක්ෂමව ලබා ගැනීම සිදුවනු ඇත. එබැවින් වංචනික අරමුණින් හුවමාරුවන සත්‍යාපනය නොකළ සබැඳි ක්ලික් කිරීමෙන් වැළකීසිටින ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා.
එමෙන් ම එවැනි තොරතුරු අන් අය සමඟ බෙදා ගැනීමට පෙර ප්‍රවේශම් වන ලෙසත්, එවැනි ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Title:කාන්තා දිනය වෙනුවෙන් මැලිබන් සමාගමෙන් මුදල් ත්‍යාග පිරිනමනවා ද?
Fact Check By: Piumika LakshaniResult: False
