
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයක් නිර්මාණය කිරීමට සාකච්ඡා පැවැත්වූ බවට තොරතුරු හුවමාරුවන බැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.සමාජ මාධ්‍ය සටහන් (Social Media):
උදෑසන පුවත් කියවන රූපවාහිනී වැඩසටහන්වල 23 වන ඉරිදා දින දේශය පුවත්පතේ වාර්තා කර තිබූ පුවතක් ලෙස, මෛත්‍රී -රනිල්-නාමල්-සජිත් ඒකාබද්ධ විපක්ෂයකට සාකච්ඡා? යන සිරස්තලය යටතේ පළ කළ පුවතක් කියවනු ලැබුවා.
එම පුවතේ සඳහන් වුණේ, පුළුල් ඒකාබද්ධ විපක්ෂයක් සඳහා හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු හිටපු ජනාධිපති පුතුන් දෙදෙනෙකු සමඟ වෙන වෙන ම සාකච්ඡා කිරීමට එකඟතාවයකට එළඹ ඇති බවයි.
දේශය පුවත්පතේ පළ වූ මෙම පුවත මත පදනම්ව තවත් වෙබ් අඩවි කිහිපයක් ද මෙම පුවත වාර්තා කර තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සෙ ද එය වාර්තා කර තිබුණේ මේ අයුරින්.
ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් මෛත්‍රී, සජිත්, රනිල්, නාමල් ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා පැවැත්වුවා ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මැයි 6 වන දින පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර එවැනි පසුබිමක් තුළ හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ විපක්ෂයක් සඳහා නාමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා පැවැත්වූ බවට දේශය පුවත්පත හැරුණු විට වෙනත් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් වාර්තා කර තිබුණේ නෑ.
කෙසේ වෙතත් දේශය වෙබ් අඩවිය පරීක්ෂා කළ නමුත් පුවත් පතේ පළ වූ ආකාරයේ රනිල්, මෛත්‍රී, නාමල් සජිත් ඒකාබද්ධ විපක්ෂයකට සාකච්ඡා කළ බවට පුවතක් එහි පළ කර තිබුණේ නැත.
කෙසේ වෙතත් පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම පළවන පුවත සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පසුගිය 24 වන දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදී පවසා සිටියේ, සජිත් මහින්ද රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින් ඒවා පත්තර කියවන වැඩසටහන්වල දී සිරස්තල ලෙස ගෙන ඉස්මතු කරන බවත්, එය සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් ය.
සමගි ජන බලවේගයට වෙනත් අය සමඟ එක් වීමට අවශ්‍ය නොවන බවත් සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ඨ ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම පුවත සම්බන්ධයෙන් දැක්වූ අදහස් වලට අමතරව මෙම පුවතට අදාළ අනෙකුත් පාර්ශවයන් ද සම්බන්ධ කර ගැනීමට අප පියවර ගනු ලැබුවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශයෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර එහිදී අප වෙත පැවසුවේ, පොදු විපක්ෂයක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති නමුත් එය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කළ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ද අප විමසීමක් කළ අතර ඔහු අප වෙත පැවසුවේ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් හා තමා අතර ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා සිදුනොවූ බවයි.
මේ මොහොතේ ඔවුන්ගේ පොදුජන පෙරමුණ පක්ෂය සංවිධානය වෙනුවෙන් අවධානය යොමු කර ඇති බවයි ඔහු පවසන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අංශයෙනුත් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී අප වෙත පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා සඳහා සහභාගී වූ නමුත් ඒකාබද්ධ විපක්ෂයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා සිදු නොකළ බවයි. මෙම පුවත් කටකතා වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශ පවසන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වෙන වෙන ම නාම යෝජනා භාරදීම
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය සහ සමඟි ජන බලවේගය නාම යෝජනා භාරදීම සිදුකර තිබුණේ ද වෙන් වෙන් පක්ෂ ලෙසයි. ඒ අනුව ඔවුන් ඒකාබද්ධ විපක්ෂයක් ලෙස එක් වී නොමැති බව තවදුරටත් තහවුරු වනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීමේ ලේඛනයක් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති අතර එහි වෙන් වෙන් පක්ෂ ලෙස මෙම ඇප මුදල් තැන්පත් කර ඇති බව පැහැදිලි වනවා.
එමෙන් ම පළාත් පාලන මැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එකසත් ජාතික පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් එහි පක්ෂ සාමාජිකයින් දැක්වූ අදහස් ඔස්සේ ද පැහැදිලි වනවා ඔවුන් පළාත් පාලන මැතිවරණය සඳහා එක්ව තරඟ නොකරන බව.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, හිටපු ජනාධිපතිවරු වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා පැවැත්වූ බවට වන පුවත් නොමඟ යවන සුළු බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා පොදු විපක්ෂයකට සජිත් ප්‍රේමදාස මහතා වෙත යෝජනා කර ඇති නමුත් ඒ සඳහා ඔහු එකඟ වී නොමැත.

Title:මෛත්‍රී, රනිල්, නාමල්, සජිත් ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා?
Fact Check By: Piumika LakshaniResult: False
