
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Youtube සමාගමෙන් මෙන් ම Meta සමාගමෙන් ද සිය පරිශීලකයින් අගයමින් Facebook සහ Instagram සඳහා Play button ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට තොරතුරු සංසරණය වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට සුබ ආරංචියක්. යූ ටියුබ් සමාගම මෙන් ම තම පරිශීලකයන් වෙත Play button ලබාදීමට මෙටා සමාගම තීරණය කරයි. ඒ අනුව ෆේස්බුක් 100K ෆලෝවර්ස් සිල්වර් ද ඉන්ස්ටර්ග්‍රෑම් 500K ෆලෝවර්ස් ගෝල්ඩ් ද ලබන මස සිට හිමිවනු ඇත.
දැනටමත් ඔබගේ ප්ලේ බටන් එක සඳහා ලියාපදිංචි වීමට අයිතමයි යාවත්කාලීන කර ඇත. දැන්ම ප්‍රයිවසි සෙටින්ග් වෙත ගොස් ලියාපදිංචි වන්න.”
යනුවෙන් සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්. එහි මෙම Play button ලබාගැනීම සඳහා facebook ප්‍රයිවසි තුළ Option එකක් ද ඇති බවට සඳහන් එහි තිර රූපයක් ද පළකර තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ සඳහන් පරිදි මෙටා සමාගමෙන් සිය පරිශීලකයින් සඳහා Play Button ලබාදීමට තීරණයක් ගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් නිවැරදි කරුණු පරීක්ෂණයක් අප සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙටා සමාගමෙන් සිය පරිශීලකයින් ඔවුන්ගේ ගිණුම්හි පරිශීලයින් ලක්ෂයේ 100,000 සීමාව පසු කළ විට එය අගයමින් Silver Play button Award හෝ පරිශීලකයින් ලක්ෂ 500,000 පසු කළ විට එය අගයමින් Gold Play button Award ලබාදීමට තීරණයක් ගෙන තිබේ නම් ඒ සම්බන්ධයෙන් අනිවර්‍යෙන් ම මෙටා සමාගම විසින් සිය පරිශීලකයින් දැනුවත් කිරීම සිදුවන අතර ඒ සඳහා විශාල මාධ්‍ය ආවරණයක් ද ලැබෙනවා.
එනමුත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් කිසිඳු නිල තීරණක් ගෙන නොමැති බව අප කළ පරීක්ෂාවේදී පෙනී ගියා. මෙටා සමාගමේ නිල ෆේස්බුක් පිටුවේ හෝ එවැනි තීරණයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුව නොතිබුණි. එමෙන් ම කිසිඳු විදෙස් මාධ්‍යයක් ඔස්සේ හෝ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වන යාවත්කාලීන තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවල හෝ එවැනි තීරණයක් සම්බන්ධයෙන් කිසිඳු නිල වාර්තා කිරීමක් ද සිදුව තිබුණේ නෑ.
ඒ අනුව පැහැදිලි වන්නේ මෙටා සමාගමෙන් දැනට නිල වශයෙන් ෆේස්බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින් ප්‍රමාණය වැඩිවීමේදී එය අගයමින් Play Button ලබාදීමක් සිදු නොවන බවයි.
එනමුත් තමන්ගේ අභිරුචිය පරිදී තම පරිශීලයින් වැඩි වීමේ සංධිස්ථාන වෙනුවෙන් තමන්ට මුදල් ගෙවා එවැනි Play Button නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. විවිධ මිල ගණන් යටතේ එවැනි Play button නිර්මාණය කරන ආයතන පවතිනවා. එවැනි ආයතනයක වෙබ් අඩවියක් මෙතනින්.
කෙසේ වෙතත් ෆේස්බුක් තුළ Play button Award සඳහා Option එකක් තිබෙන බවට තිර රුවක් ද සඳහන් කර තිබූ බැවින් එවැනි නව යාවත්කාලීන කිරීමක් ෆේස්බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම්හි සිදුකර තිබේද යන්න සබන්ධයෙන් ද පරීක්ෂා කළා.
එනමුත් ඉන්ස්ටර්ග්‍රෑම්හි එවැනි යාවත්කාලීන කිරීමක් නොමැති අතර ෆේස්බුක් තුළ ද එවැනි යාවත්කාලීන කිරීමක් දැකගත නොහැක.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් තිරරුව ද පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එය සංස්කරණය කරන ලද තිර රුවක් බවයි.
එමෙන් ම එම තිර රුව හොඳින් පරීක්ෂා කිරීමේදී පෙනී යනවා Facebook Play button Award යනුවෙන් සඳහන් නව යාවත්කාලීන කිරීම ලෙස සඳහන් කර ඇති Option එක වෙනත් Font එකක් භාවිතයෙන් සකස් කර ඇති බව.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ,Youtube සමාගමෙන් මෙන් ම Meta සමාගමෙන් ද සිය පරිශීලකයින් අගයමින් Facebook සහ Instagram සඳහා Play button ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට සංසරණය වන තොරතුරු අසත්‍ය බවයි.
නිල වශයෙන් මෙටා සමගමෙන් මෙතෙක් ගිණුම්වල පරිශීකයින් වැඩිවීමේ සංධිස්ථාන අගයමින් Play Button Award ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට ලබාදීමක් සිදුනොවේ.

Title:Meta සමාගමෙන් Facebook සහ Instagram පරිශීලකයන්ටත Play Button ලබාදීමට තීරණයක් ?
Fact Check By: Piumika LakshaniResult: False
