ව්‍යාඝ්‍රයන් කුඩා දරුවාට හීලෑ වුණා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන වීඩියෝ මේ වන විට බොහෝ සෙයින් නිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සිදුවන අතර ඇතැම් වීඩියෝ සත්‍ය එකක් ද ව්‍යාජ එකක් ද යන්න හඳුනාගැනීමට පවා තරමක් අපහසු වන අවස්ථා ද පවතිනවා.  මෙම වීඩියෝ පළ කිරීම තුළ සමාජ මාධ්‍ය ගිණුම් තුළ රීච් වැඩි කරගැනීමට ද බොහෝදෙනා නැඹුරුවීම ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

මේ දිනවලද එවැනි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

බලන්න කොච්චර දරුණු සතෙක් වුනත් පූස් පැටියෙක් තරමටම හීලෑ වුන විදිහ” යනුවෙන් සඳහනක් සහිත වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.

එම වීඩියෝව මිලියන දෙකකට වැඩි නැරඹුම් වාර සහිත වූ අතර එහි දැක්වෙන්නේ කුඩා දරුවෙක් සත්ත්වෝද්‍යානයක ආරක්ෂිත වැටකින් තොර ස්ථානයක වාඩි වී සිටින අතර එහිදී ව්‍යාඝ්‍රයන් සිටින කුටියකට ඉහළ සිට ඔහුව වැටෙන ආකාරයයි. අනතුරුව එම ව්‍යාඝ්‍රයින්ගෙන් එම දරුවාට හානියක් නොවන අතර කුඩා ව්‍යාඝ්‍රයෙක් එම දරුවාට වඩාත් සමීප වන ආකාරයයි. 

Facebook

ඇතැම් පිරිසක් මෙය විශ්වාස කර තිබූ බව එම වීඩියෝව සඳහා පළකර තිබූ අදහස්වලින් පෙනී යනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය සිදුවීමක් නොවන බව මෙම වීඩියෝවේ රූප රාමු අතර වෙනස්කම් තුළින් පෙන්වාදිය හැකිය.

බැලූ බැල්මට මෙය සත්‍ය එකක් බවට පෙනී ගියත්, ඉතා හොඳින් බැලීමේදී මෙහි කුඩා දරුවාගේ ටී ෂර්ට් එකෙහි ඇති ලාංඡන රූප රාමු අතර මාරු වීමේදි වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය.

එපමණක් නොව පසුපස සිටින මිනිසුන්ගේ ඡායාරූප පවා එකෙනෙක වෙනස් බව මෙම රූප රාමු ද්විත්වය සන්සන්දනයේදී දැකගත හැකි ය.

එමෙන් ම සාමාන්‍යයෙන් ව්‍යාඝ්‍රයන් සිටින කුටියකට කුඩා දරුවෙක් වැටුනහොත් අදාළ සත්ත්වෝද්‍යානයේ බලධාරීන් මෙන් ම නරඹන්නද කුඩා දරුවා බේරා ගැනීමට උත්සහකරනු ලබනවා. එනමුත් මෙහි එවැනි ප්‍රායෝගික තත්වයක් දැකිය නොහැකිය. එමෙන් ම කුඩා ව්‍යාඝ්‍රයා කුඩා දරුවාට අවසානයේ සමුදීමට ද පැමිණේ. එවැනි ප්‍රායෝගික නොවන තත්වයක් අපට මෙහි දැකගත හැකි ය.

එමෙන් ම කිසිඳු විදෙස් මාධ්‍යයක හෝ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා කිරිමක් ද නොමැති බව අප කළ පරීක්ෂණයේදී පැහැදිලි විය.

කෙසේ වෙතත් මෙය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ එකක් ද යන්න අප පරීක්ෂා කිරීමක් කළා. ඒ අනුව මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර සංස්කරණය කරන ලද එකක් බව පැහැදිලි විය.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

කුඩා දරුවෙක් සත්ත්වෝද්‍යානයක ආරක්ෂිත වැටකින් තොර ස්ථානයක වාඩි වී සිටින අතර එහිදී ව්‍යාඝ්‍රයන් සිටින කුටියකට ඉහළ සිට ඔහුව වැටීමෙන් අනතුරුව ඔහුට ව්‍යාඝ්‍රයන්ගෙන් හානියක් නොවී ව්‍යාඝ්‍රයන් එම කුඩා දරුවාට සමීප වන ආකාරය දැක්වෙන වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් බව තහවුරු වනවා.

Avatar

Title:ව්‍යාඝ්‍රයන් කුඩා දරුවාට හීලෑ වුණා ද?

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *