
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලනික චරිත, මැති ඇමතිවරු සිදුකළ ප්‍රකාශ ලෙස දක්වමින් අසත්‍ය සටහන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය අපට දකින්න ලැබෙනවා. දේශපාලනික අරමුණ මුල් කරගනිමින් මෙවැනි අසත්‍ය සටහන් ප්‍රචාරය වීම සිදුවන බව නොරහසක්.ඒ අනුව මේ දිනවල එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් සමාජ සටහනක් සංසරණය වන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ශා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“මාලිමාව දේශපාලනය දන්නේ නැහැ. එසේ දන්නවා නම් රු. 72,000 ඖෂධය රු. 320ට දෙන්නේ නෑ. එතුළින් අවාසි දෙකක් සිදුවෙනවා.
1. ආනයනකරුවන්ගේ ලාභය අඩුවීම
2. රෝගීන් ඖෂධ ගණන් නොගැනීම
මෙම තත්වය රටේ සෞඛ්‍ය රැකගැනීමට තර්ජනයක්.”
වජිර අබේවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, වර්තමාන සෞඛ්‍ය තත්වයට ජාතික ජන බලවේගය ගන්නා තීරණ තර්ජනයක් බවට ප්‍රකාශයක් සත්‍ය ලෙස ම සිදුකළා ද? අප ඒ සම්බන්ධයෙන් සිදුකළ කරුණු පරීක්ෂණයක් මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වජිර අබේවර්ධන සිදුකළ බවට සඳහන් ප්‍රකාශය සහිත සමාජ මාධ්‍ය සටහන පළකර තිබුණේ පසුගිය අප්‍රේල් 30 වන දිනයි.
ඒ අනුව අප්‍රේල් 30 වන දිනට පෙර වජිර අබේවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඖෂධ සම්බන්ධයෙන් ජාතික ජනබලවේග රජය ගත් තීරණයක් මෙරට සෞඛ්‍යයට තර්ජනයක් බවට කිසියම් ප්‍රකාශයක් සිදුකර තිබේ ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
එහිදී මෙම 350ට ලබාදිය හැකි ඖෂධයක් 75,000ක මුදලකට ලබාදීමේ කතාබහ ඇති වූයේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට බැවින් මෙම වසරේ මුල සිට ම වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා මෙම ඖෂධ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වීමක් සිදුකර තිබේ ද යන්න කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
එහිදී අමාත්‍යවරයා සිදුකළ අදහස් දැක්වීම් පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීම් කෙරෙහි අප අවධානය යොමු කළ අතර අප මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඔහු සිදුකළ අදහස් දැක්වීම් පිළිවෙලින් පරීක්ෂාවට ලක්කරනු ලැබුවා.
ඒ අනුව පසුගිය ජනවාරි 3 වන දින එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දැක්වීමක් සිදු කර තිබූ අතර එහිදී ඔහු අදහස් දක්වමින් පවසන්නේ, තලතා අතුකෝරල මහත්මිය එකසත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය ලෙස පත්කිරීම සම්බන්ධයෙනි. එනම්, ඉතිහාසයේ පළමු වතාවට පක්ෂයක මහලේකම් ලෙස කාන්ත්වක් පත්කිරීම සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වීම සිදුකරනවා. එම අදහස් දැක්වීම මෙතනින්.
එමෙන් ම පසුගිය ජනවාරි 26 එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වුණු ප්‍රාදේශීය මාධ්‍ය හමුවකදී ද එම මහතා දැක්වූ අදහස් මාධ්‍ය ඔස්සේ වාර්ත කර තිබූ අතර එහිදී ඔහු නව රජය විවේචනය කරමින් අදහස් දැක්වීමක් සිදුකරන නමුත් ඖෂධ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් වාර්තා කර නොතිබුණි. එම අදහස් දැක්වීම මෙතනින්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පසුගිය ජනවාරි 27 ද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර එහිදී ද ඔහු එක්සත් ජාතික පක්ෂයට පක්ෂව සහ රටේ භාණ්ඩ මිල ඉහල යාම ඇතුළු නව රජයේ ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව ජනවාරි මාසයේදී හෝ මෙම ඖෂධ සම්බන්ධයෙන් ප්‍රකාශයක් වජිර අබේවර්ධන මහතා සිදුකළ බවට මාධ්‍ය වාර්තා කිරීමක් සිදුව නොමැත.
ඉන් අනතුරුව මේ දක්වා ම වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් ද අප පරීක්ෂා කළ අතර ඔහු එහිදී නව රජය විවේචනය කරමින් අදහස් දැක්වීම් කළ ද ඔහු මෙම ඖෂධ මිල ගණන් සම්බන්ධයෙන් කිසිඳු අදහස් දැක්වීමක් සිදුකළ බවට වාර්තා වීමක් සිදුව නොතිබුණි. ඊට අමතරම පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන ද අදහස් දැක්වීම් සිදුකර තිබූ නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් එම අදහස් දැක්වීම් තුළ අන්තර්ගතව තිබුණේ නෑ. ඔහු පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මැයි මාසයේ ද පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් වජිර අබේවර්ධන මහතා ජන හමුවලදී සහ මාධ්‍ය වෙත ද අදහස් දැක්වීම් සිදුකර තිබූ අතර එම කිසිඳු කතාවක ද ඔහු ඖෂධ සම්බන්ධයෙන් නව රජයේ තීරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොතිබුණි. ඒ අනුව මැයි මාසයේ එම මහතා සිදුකළ අදහස් දැක්වීම් වාර්තා වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අවස්ථාව කුමක් ද?
ඉහත කරුණු පරීක්ෂාවට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සිදුකළ යැයි පැවසෙන මෙම ප්‍රකාශය සිදුකළ අවස්ථාව බවට ඇඟවෙන අයුරින් ඡායාරූපයක් භාවිත කර තිබූ බැවින් එම අවස්ථාව කුමක් ද යන්න සමබන්ධයෙන් ද අප පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවා.
Reverse Search Image ඔස්සේ සිදුකළ පරීක්ෂාවේදී පෙනීගියේ මෙම අවස්ථාව 2023.06.01 දින එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවකදී එම මහතා සිදුකළ අදහස් දැක්වීමක අවස්ථාවක් බවයි.
එම වීඩියෝව මෙතනින්.
වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය අංශය
අප මේ සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළ අතර එම මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවේ වජිර අබේවර්ධන මහතා සිදුකළ බවට සඳහන්ව සංසරණය වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය එකක් බවයි. එම මහතා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව එම මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ඖෂධ සම්බන්ධයෙන් නව රජය ගත් තීරණයක් මෙරට සෞඛ්‍යය අංශයට තර්ජනයක් බවට ප්‍රකාශයක් සිදුකළ බවට සංසරණය වන පුවත් අසත්‍ය වේ.
එම මහතා එවැනි ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදුකළ බවට කිසිඳු වාර්තා කිරීමක් ද නොමැත. එමෙන් ම සමාජ මාධ්‍යයේ එම මහතා එම ප්‍රකාශය සිදුකළ බවට දක්වා ඇති අවස්ථාව ද 2023 වසරේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක ඡායාරූපයක් වන අතර ඒ වන විට ජාතික ජන බලවේගය බලයට පත්වී නොමැත.
