
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් කටයුතු පසුගිය 26 වන දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනු ලැබුණා.
එතුමියගේ අවමංගල්‍ය අවස්ථාවේ ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඇතැම් කලාකරුවන්ගේ හැසිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට බඳුන් වන අවස්ථා ද අපට දැකගත හැකි විය.
එවන් පසුබිමක, මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව කලාකරුවන් පිරිසක් සාදයක් පවත්වා ඇති බවක් හඟවමින් වීඩියෝවක් හුවමාරු වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
‘After Funeral’ යනුවෙන් සඳහන් කරමින් කලාකරුවන් පිරිසක් සුදු ඇඳුමින් සැරසී ගී ගයමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පළකර තිබුණේ මේ අයුරින්.
“මාලනී ළඟ අඬපු ය නේද මේ” යනුවෙන් ද මෙම වීඩියෝව බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු අයුරු මෙලෙසින්.
තව ද යූ ටියුබ් ඔස්සේ ද මෙම වීඩියෝව පළකර තිබුණේ, “මාලිනී ෆොන්සේකා මල ගෙදර මගුල් ගෙයක් කරපු කාලකන්නි” යනුවෙන් සඳහන් කරමිනි.
මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්වසයෙන් අනතුරුව කලාකරුවන් නටමින් සහ ගයමින් විනෝද වන අයුරු බව හැඟවෙන අර්ථකතනයන් සමඟ මෙම වීඩියෝ පළකිරීම හේතුවෙන් බොහෝ දෙනා එය සත්‍ය බවට විශ්වාස කරමින් ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් සිය අදහස් දක්වා තිබුණා.
එබැවින් මෙම අවස්ථාව මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසු පැවැත් වූ සාදයක් ද යන්න සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් ඔස්සේ, කලාකරුවන් මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව සාදයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා කර නොතිබුණු බැවින් අප මේ අවස්ථාව කුමක් ද යන්න සම්බන්ධයෙන් විමසා බැලීමක් කළා.
ඒ අනුව මෙම වීඩියෝවේ සිටින කලාකරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර එහිදී නිල්මිණී තෙන්නකෝන් මහත්මියගේ ෆේස්බුක් ගිණුමේ පසුගිය මැයි 12 වන දින එනම් වෙසක් පොහෝදිනයේ ඇය සජීවීව මෙම සාදය ෆේස්බුක් ලයිව් (Facebook Live) ඔස්සේ ඇයගේ ගිණුමේ පළකර ඇති ආකාරය අපට දැකගත හැකිවිය.
මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වන්නේ,මැයි 24 වන දින වන අතර ඒ අනුව මෙම සාදය මාලනී ෆොන්සේකා මහත්මිය ජීවතුන් අතර සිටින අවදියේ පැවැත්වූ සාදයක් බව පෙනී යනවා.
නිල්මිණී තෙන්නකෝන්
නිල්මිණී තෙන්නකෝන් මහත්මිය විසින් මෙම වීඩියෝව සංසරණය වීමේදී ඊට අදහස් දක්වමින් පවසන්නේ, මෙම සාදය සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ රඟ පෑ නලු නිළියන් සඳහා එහි අධ්‍යක්ෂකවරයා විසින් එම ටෙලි නාට්‍යය සාර්ථකව නිමාවීම නිමිත්තෙන් පසුගිය කාලයේ පැවැත් වූ සාදයක් බවයි.
(Archive)
එමෙන් ම ඇය සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබමින් පවසන්නේ, කලාකරුවන්ගේ පැරණි වීඩියෝ ගෙන වැරදි පණිවිඩ සමාජගත නොකරන ලෙසයි.
සුදු පාට ඇඳුම් අඳින්නේ මළගෙවල්වල පමණක් නොවන බැවින් මෙවැනි පණිවිඩ සමාජගත කරමින් අසීලාචාර සමාජයක් ගොඩනැඟීම සිදුනොකරන ලෙස ඇය ඉල්ලා සිටිනවා.
ඇය මේ බව සඳහන් කරන්නේ, වැරදි අර්ථකතනයක් සහිතව ඔවුන්ගේ වෙනත් සාදයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම සම්බන්ධයෙන් ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා තැබූ සටහන උපුටා දක්වමින්.
‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක තිලිණ බොරලැස්ස
‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක තිලිණ බොරලැස්ස ද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, වැරදි අර්ථකතනයක් ලබාදෙමින් සමාජ මාධ්‍යයේ හුවමාරුවන්නේ, වෙසක් පෝය දින ඔවුන් ලබාදුන් දන්සල අවසානයේ ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍ය කණ්ඩායමේ පැවැත් වූ සුහද හමුවක වීඩියෝවක් බවයි.
ඔහු තබා තිබූ සටහන මෙසේ ය.
“Page කිහිපයක පලකර ඇති මේ විඩ්යෝව සම්බන්ධවයි.
මෙවර වෙසක් පෝයට අපි විසින් ලබා දුන්න දන්සල අවසානයේ සිකුරු ඇවිත් නාට්‍ය කණ්ඩායම එම නාට්‍යයේ අවසානයට සුහද හමුවක් පැවත්වුනා . එහි විඩියෝ අපේ කණ්ඩායමේ කලාකරුවන්ගේ facebook ගිනුම් වලින් අරගෙන වැරදි title දාලා විවිධ page වලින් නැවත post කරලා තියෙනවා.
Page reach වෙයි හැබැයි කරපු වැඩේ බාල වැඩක්……” (Fb|Archive)
වෙසක් පොහෝ දින ඔවුන් ලබාදුන් දන්සලෙහි වීඩියෝ ද නිල්මිණී තෙන්නකෝන් මහත්මිය ඇයගේ ෆේස්බුක් ගිණුමේ සජීවී විකාශයක් ලබාදී තිබුණේ මෙල්සින්.
එම වීඩියෝ පළ කිරීමේදී “අද වෙසක්.දෙරණේ විකාශනය වුණු විකාශනය වෙන සිකුරු ඇවිත්,සිත නිදි නෑ,අපි දන්සලක් දුන්නා.” යනුවෙන් ද ඇය සඳහන් කර තිබුණා.
එම වීඩියෝවේ ද ඇය සහ අනෙකුත් නලු නිළියන් සාදයේදී ඇඳ සිටි ඇඳුමින් ම සැරසී සිටින අයුරු ද දැකගත හැකිවනවා.
සන්දසි මෙත්මති
‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පිනියක් වන, සන්දසි මෙත්මනිද මෙම වැරදි අයුරින් සංසරණය වන මෙම වීඩියෝව සඳහා අදහස් දැක්වීමක් සිදුකරමින් පවසන්නේ, මෙය මැයි මාසය මුලදී’ සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ අවසානයේ සිදුකළ සාදයක් බවයි.
අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධයෙන් තබා තිබූ සටහන ම උපුටා දක්වමින් ද ඇය ද මේ සම්බන්ධයෙන් ඇයගේ ගිණුමේ අදහස් දැක්වීමක් සිදුකර තිබුණේ මෙලෙසින්.
ඇන්ජෙලෝ ගමගේ
සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ කලු පැහැති ඇඳුමකින් සැරසී ගීත ගායනා කරනු ලබන ඇන්ජෙලෝ ගමගේ ද වැරදි අයුරින් සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ, මෙය මාලනී ගොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව පැවැත්වූ සාදයක් නොවන බවත්, එය මැයි 12 වන දින පැවැත් වූවක් බවත් ය.
ඔහු මේ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.
Also Read: නිර්ධා උයන්හේවාගේ නිල ගිණුමකින් පළවූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද ?
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු කාලාකරුවන් පැවැත් වූ සාදයක් බවට සඳහන් කරමින් හුවමාරුවන වීඩියෝව නොමඟ යවන සුළු වීඩියෝවකි.
එම වීඩියෝව මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසු පැවැත්වූවක් නොවන අතර ඇය ජීවත්ව සිටියදී එනම්, ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යය සාර්ථකව අවසන් වීම නිමිත්තෙන් එහි අධ්‍යක්ෂවරයා ඇතුළු එම නාට්‍යයේ නළු නිළියන් එක්ව, මැයි 12 වන දින පැවැත් වූ සාදයක වීඩියෝවකි.

Title:නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ අමංගල්‍ය උත්සවයෙන් පසු කලාකරුවන් සාදයක් පැවැත්වුවා ද?
Fact Check By: Piumika LakshaniResult: Misleading
