දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය ඊශ්‍රායල – ඉරාන වෙතයි. සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ, ක්‍රියාත්මක යුද්ධයේදී එක් පාර්ශවයක් ප්‍රහාර එල්ල කළ පසු අනෙක් පාර්ශවය ඊට ප්‍රතිප්‍රහාර ලෙස කුමන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරයි ද? එය කෙබඳු ආකාරයේ ප්‍රහාරයක් ද? එහි ප්‍රබලත්වය කෙසේ ද? දෙරට අතර යුද්ධය බිහිසුණු තැනකට පත්ව ඇති නිසාම සහ නිරන්තරව සමාජ මාධ්‍ය ඔස්සේ අලුත් වීඩියෝ දැකගත හැකියි. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සියල්ල සත්‍ය ඒවා ලෙස පිළිගන්නා ආකාරයක් දැකගත හැකියි. එලෙස සංසරණය වන වීඩියෝවක් පිළිබඳව සිදු කළ සොයා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
” ඒ ප්‍රහාරයේ දරුණු බව සියල්ලම ක්ෂණිකව අළු බවට පත් වෙනවා” යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම වීඩියෝව මුහුදු කලාපයක් තුළ දී නෞකා දෙකක් ඉලක්ක කර කිසියම් ප්‍රහාරයක් එල්ල වන ආකාරයක් පෙන්නුම් කරන අතර පසුව විශාල දුම් වළාවකින් එම ප්‍රදේශයම වැසී යන ආකාරයක් දක්නට ලැබේ. මේ දිනවල ත්‍රීවෘ වෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී එල්ලවන මිසයිල ප්‍රහායක් ය යන්න හැඟවෙන පරිදි අදාළ දර්ශන පෙළ පළ කර ඇති බව පෙනේ.
සත්‍ය ලෙසම මෙය ඉහත සමාජ මාධ්‍ය සටහනෙන් පෙන්වීමට උත්සාහ කරන පරිදි ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ වීඩියෝවක් දැයි අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම වීඩියෝව තුළ ප්‍රහාරය කවුරුන් විසින් කාට එරෙහිව එල්ල කරන ලද්දක් ද යන්න සඳහන්ව නොමැත. තව ද යම් හෙයකින් මෙවැනි දරුණු ප්‍රහාරයක් එතරම් සමීපව කැමරා කාචයකට හසු කරගත්තේ කෙසේද යන්නත් ප්‍රශ්නකාරී ය. කෙසේ වෙතත් මේ දිනවල දරුණුවටම යුද තත්ත්වය උත්සන්නවී ඇති ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළව නෞකා ඉලක්ක කර එල්ල කරන ලද මෙවැනි වීඩියෝවක් ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේදැයි අප පරීක්ෂා කර බැලුවා. දෙරට අතර යුද්ධය ඇරඹුණු පසුගිය 13 වැනිදා සිට මේ දක්වා කිසිදු ආකරයකින් නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ බවක් ජාත්‍යන්තර හෝ දේශීය මාධ්‍යක් මේ දක්වා වාර්තා කර නොමැත. ඒ අනුව යුද්ධයට අදාළව පළ කර ඇති මෙවැනි දර්ශන කිසිදු ගනයේ පිළිගත් මාධ්‍ය ධාරවක් විසින් වාර්තා කර නෙැමැත.
ඒ අනුව අප මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කිරීමට පියවර ගත්තා. එහිදී මෙම දර්ශන පෙළ youtube ඔස්සේ පළ කර තිබෙනු දැක ගත හැකිවූයේ මේ අයුරිනි.
කෙසේ වෙතත් මෙම වීඩියෝව විවිධ මාතෘකා යටතේ නොයෙකුත් youtube ගිණුම් ඔස්සේ විවිධ අරමුණු වෙනුවෙන් පළ කර තිබෙනු දැකගත හැකි වුවක් පිළිගත හැකි ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවට අයත් youtube නාලිකාවක් ඔස්සේ මෙය ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළ වීඩියෝවක් බව සඳහන් කරමින් පළ කර තිබෙනු දක්නට නොහැක. මේ අතර මෙම දර්ශන පෙළේ යම් යම් අවස්ථාවල අස්වාභාවික තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් අප මෙම දර්ශන AI ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට වූ අනුමානය මත මෙම වීඩියෝවේ රූප රාමු AI පරීක්ෂක මෙවලම් වෙත යොමු කළා.
ඒ අනුව මෙය කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට අපට තහවුරු වුණා.
අප මෙහි රූප රාමු තවත් AI පරීක්ෂක මෙවලම් වෙත යොමු කළ අතර එහිදී ද තහවුරු වූයේ, මෙය කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.
ඉරාන – ඊශ්‍රායල යුද්ධය අවසන් ද?
මුළු ලොවක් සලිත කරවමින් පසුගිය 13 වැනිදා ඊශ්‍රායලය – ඉරානය අතර ආරම්භ වූ යුද්ධය මේ වනවිට අවසන් අදියරකට එළැඹ ඇති බවට වන සුබ පුවතක ඉඟියක් විදෙස් මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබේ. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බවට X(Twitter)ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශයත් සමගයි. අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහනින් වැඩිදුරටත් පවසා තිබුණේ, සමස්ත මැද පෙරදිගම විනාශ කරමින් වසර ගණනාවක් ඇඳීයාමට ඉඩ තිබූ බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පවසා තිබුණේ, දෙරටම හමුදා මෙහෙයුම් ක්‍රමයෙන් අත්හිටු වූ සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලය හෝ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නොමැති අතර ඉරානයේ විදේශ අමාත්‍ය Seyed Abbas Araghchi පවසන්නේ, ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර කරන බවයි.
මේ අතර ඉරානය ඊයේ (23) – කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ අතර පසුව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු නොවූ බවයි. මෙම ප්‍රහාර එල්ල වීමත් සමග කාටාර් රාජ්‍ය සිය ගුවන් කලාපය පවා වසා දැමීමට පියවර ගත්තා. මේ අතර කටාර් රාජ්‍යය පැවසුවේ, ප්‍රහාරය ජාත්‍යන්තර නීති බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බවයි. මෙලෙස ඉරානය එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කර දින 2කට පසුවයි.
ඉරානය – ඊශ්‍රායලය අතර හටගත් යුද්ධයට ක්‍රමක්‍රමයෙන් අමෙරිකාව, කටාර් වැනි ලොව තවත් පුමුඛ පෙළ රටවල් ඈඳෙමින් තිබෙන අතර ට්‍රම්ප්ට අනුව සටන් විරාමයක් ආරම්භ වුවහොත් එය සමස්ත ලෝකයටම සුබ පුවතක් වනු ඇති. එහෙත් පවසන ආකරයේ සටන් විරාමයක් සඳහා දෙරට එකඟ නොවුණ හොත් එය සමස්ත ලෝකයටම සුබ ලකුණුක් නොවනු ඇති. මේ සම්බන්ධයෙන් පළවන ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
“ඒ ප්‍රහාරයේ දරුණු බව සියල්ලම ක්ෂණිකව අළු බවට පත් වෙනවා“ යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් සකස් කරන ලද වීඩියෝවක් බව පැහැදිලියි. එමෙන්ම මෙය ඊශ්‍රායල – ඉරාන යුද ගැටුමට අදාළව අසත්‍ය දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ අරමුණින් පළ කර ඇති වීඩියෝවක් බව ද පැහැදිලි වේ.

Title:ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ බිහිසුණු බව පෙන්වන වීඩියෝවක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: False
