එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ අවසන් ඡායාරූප අවස්ථා ද?

AI False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2025 ජුනි 12 වන දින අහමදාබාද්හිදී එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ඛේදජනක අනතුර පිළිබඳ තවමත් සිත්තුළින් පහව ගොස් නැති වටපිටාවක එම ව්‍යසනයට මොහොතකට පෙර ගුවන් යානය තුළදී ලබා ගත් ඡායාරූප අවස්ථාවන් බවට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර මෙහි ඇත්ත නැත්ත හෙළි කිරීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 

මේ ඡායාරූප වලින් එක් ඡායාරූප අවස්ථාවක් වූයේ ගුවන් අනතුරට පෙර ගුවන් යානයේ ඇතුළත දර්ශනයක් බවට පෙන්වමින් විශේෂයෙන් රාජස්ථානයේ වෛද්‍යවරයාගේ පවුලේ දරුවන් ගුවන් යානයේ  කලබල වී ඇති අයුරු ඉන් පිළිඹිමු කරයි.

Facebook | Archived Link

YouTube ඔස්සේ ද, මෙම ඡායාරූපය අනතුරට පත් ගුවන් යානයේ අවසන් ඡායාරූපය බවට දක්වමින් බහුලව සංසරණය වී තිබුණා.

එමෙන් ම මෙම අනතුරට මොහොතකට පෙර ලබා ගත් එහි හිටපු ගුජරාට් මහ ඇමති විජේ රූපානිගේ “අවසාන ඡායාරූපය” බව පවසමින් තව ත්, ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්. 

Facebook | Archived Link Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අවසන් ඡායාරූපයක් ගැන මාධ්‍ය වාර්තා නැහැ

එයාර් ඉන්දියා AI171 ගුවන් යානය අනතුරට ලක් වීමට පෙර ගුවන් යානයේදී ලබා ගත් අවසන් ඡායාරූපයක් ලෙසට ඉහත ඡායාරූප අවස්ථාව ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ඇතුළු කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය ධාරාවක් වාර්තා කර ඇති බවට අපට දැක ගන්නට නොලැබුණි. එවැනි ඡායාරූපයක් ඇත්නම් එය නිසැකවම මාධ්‍ය වාර්තා කරනු ඇත. 

එමෙන් ම ගුවන් සේවා විමර්ශකයින් හෝ පොලිසිය ඇතුළු කිසිදු නිල මූලාශ්‍රයක් අනතුර සිදු වූ ස්ථානයෙන් එවැනි ඡාරූපයක් ගෙන ඇති බවට කිසිදු තහවුරු කිරීමක් ද, සිදු නොකර තිබිණි. එසේ නම් මෙම ඡායාරූපය ලැබුණේ කෙසේ ද යන්න හෝ සඳහනක් මෙහි දක්වා නොමැති බව සැකයක් මතු කරනු ලැබේ.

 AI ඔස්සේ ජනනය කළ ඡායාරූපයක්

එමෙන් ම ‌මේ ඡායාරූපය කෘතිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණ කරන ඡායාරූප වල දැක්වෙන ලෙස මුහුණු පැහැදිලි නැති ස්වභාව, අස්වාභාවික ප්‍රකාශන දැක ගන්නට ලැබේ.

එයාර් ඉන්දියා ගුවන් යානයේ ආසන වල ඇති වර්ණ වන රතු සහ ලා දුඹුරු පැහැති තේමාව අනුව බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් සමඟ නොගැලපෙන පසුබිමක් මෙහි දක්නට ලැබේ.

ඒ අනුව අප මෙම සැකසහිත ඡායාරූප AI හඳුනාගැනීමේ මෙවලමකට යොමු කරනු ලැබුවා. ඉන් තහවුරු වූයේ මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

විජේ රූපානිගේ නොමඟ යවන “අවසාන ඡායාරූපය”

ගුජරාට්හි හිටපු මහ ඇමති විජේ රූපානිගේ “අවසාන ඡායාරූපය” අනතුරට ලක් වූ ගුවන් යානය තුළ ගත් බවට දක්වා තිබූ X (ට්විටර්) පණිවිඩයකට භාරතීය ජනතා පක්ෂයේ මජිඩ් ලඩානි විසින් මෙම ඡායාරූපය පැරණි ඡායාරූපයක් බවට දක්වා තිබුණා.

ඔහු විසින් යොමු කර තිබූ එම ඡායාරූපයේ දැක්වෙන්නේ,  ලීනා ගෝස්වාමි නම් කාන්තාවකගේ ෆේස්බුක් සටහනක තිර රුවකි.(Screen shot)එම ඡායාරූපයේ දැක්වෙන්නේ එම කාන්තාව විසින් 2021 වසරේ ජුනි 12 වන දින ඇය සහ හිටපු මහ ඇමති විජේ රූපානි එකම ගුවන් යානයක සිටියදී ලබා ගත් ඡායාරූපයක් බවට සඳහන් කර තිබුණි.

Archived Link

India Today කණ්ඩායම ලීනා ගොස්වාමි සම්බන්ධ කර ගෙන ඇති අතර ඇය සඳහන් කරන්නේ ඉහත ඡායාරූපය මෑතකදී ලබා ගත් ඡායාරූපයක් නොවන බවත් එය සත්‍ය වශයෙන්ම 2021 ඔක්තෝබර් 12 වන දින ලන්ඩන් බලා යන එයාර් ඉන්දියා ගුවන් ගමනේදී ගන්නා ලද්දක් බවයි. ඇය තම ෆේස්බුක් සටහනේ “ඔක්තෝබර්” වෙනුවට “ජූනි” යනුවෙන් වැරදීමකින් ලියා ඇති බව සඳහන් කරමින් ඇය පවසන්නේ 2021 ඔක්තෝබර් 12 වන දින තමා විසින් ලබා ගත් ඡායාරූපය තම පුතාට WhatsApp ඔස්සේ යොමු කළ බව ත්, එම WhatsApp තිර රුවක් India Today මාධ්‍ය කණ්ඩායම වෙත ඇය යොමු කර තිබුණි. එම වාර්තාව මෙතනින්.

ඉහත දක්වා ඇති පළමු ඡායාරූපය ගුවන් යානයේ “කළු පෙට්ටි”(Black Box) වලින් ලබාගෙන ඇති බවට ඇතැමුන් අදහස් දක්වා තිබුණු හෙයින් කළු පෙට්ටිවලට ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීමේ හැකියාව තිබේද යන්න පිළිබඳව ද, අප කරුණු පරීක්ෂා කළෙමු.

කළු පෙට්ටි මගින් සිදු කෙරෙන්නේ කුමක්ද?

කොක්පිට් හඬ පටිගත කිරීම (Cockpit Voice Recorder-CVR):: කොක්පිට් ශ්‍රව්‍ය ග්‍රහණය කරයි (නියමු සංවාද, එන්ජින් ශබ්ද, අනතුරු ඇඟවීම්)

පියාසර දත්ත පටිගත කිරීම (Flight Data Recorder-FDR):: තාක්ෂණික පියාසැරි දත්ත සටහන් කරයි (වේගය, උන්නතාංශය, පාලන යෙදවුම් ආදිය)

කළු පෙට්ටි ක්‍රියා කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

මෙම උපකරණ දෙකෙන් එකක්වත් මගී කුටියේ දර්ශන ඇතුළුව නිශ්චල රූප හෝ වීඩියෝ දර්ශන පටිගත නොකරයි. නියමු කුටියේ වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍ර එකතු කිරීමට යෝජනා වී තිබුණද, පෞද්ගලිකත්වය සහ නියාමන ගැටලු හේතුවෙන් වාණිජ ගුවන් යානාවල මේවා ක්‍රියාත්මක කර නොමැත. ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තාවක් මෙතනින්.

එබැවින්, ගුවන් යානය ඇතුළත සිට මගීන්ගේ හෝ කාර්ය මණ්ඩලයේ අනතුරට ලක් වන අවස්ථාවේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් කළු පෙට්ටිවලින් පැමිණිය නොහැක. පුද්ගලික කැමරාවලින් හෝ දුරකථනවලින් ගනු ලැබු ඡායාරූප නොවන්නට ඒ කිසිවක් AI171 ගුවන් යානයේ බවට සත්‍යාපනය කිරීමට නොහැකි වේ.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ අවසන් ඡායාරූප අවස්ථා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply