දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ ගිනි දැල් කෙමෙන් කෙමෙන් නිවී යමින් සටන් විරාමයකට ප්‍රෙව්ශ වන බවක් පෙන්නුම් කළ ද සමාජ මාධ්‍ය වේදිකාවල නම්, යුද මෙහෙයුම් තවම අවසන් වී ඇති බවක් පෙනෙන්නට නොමැත. යුද්ධයට අදාළ බව කියමින් විවිධ වීඩියෝ, ඡායාරූප මෙන්ම සටහන් ද තවදුරටත් පළ වෙමින් තිබෙන අතර ඒවා බහුලව පරිශීලකයින් අතරේ හුවමාරුවන ආකාරයක් ද දැකගත හැකියි. මෙලෙස හුවමාරු වන වීඩියෝවක නිර්වද්‍යතාව පිළිබඳ සිදුකළ සොයා බැලීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඉරාක සොල්දාදුවෙක් මරණයට පෙර මවට යැවූ වීඩියෝව“ යනුවෙන් සඳහන් යුද බිමකදී පටිගත කරන ලද්දක් බවට දැකගත හැකි සිංහල උපසිරැසි ද සහිත මෙම TikTok වීඩියෝව ෆේස්බුක් ඔස්සේ පළ කර ඇත්තේ, පසුගිය 22 වැනිදායි. කිසියම් ප්‍රහාරයකින් කඩා වැටුණු ගොඩනැගිල්ලක බිත්තියක් අසල තම ගිනිඅවිය ද පසෙකින් තබා ගනිමින් බිම වාඩි වී අදාළ සොල්දාදුවා මෙය වීඩියෝ කර ඇති බවත් පෙන්නුම් කරයි. තව ද මෙම දර්ශන පෙළට අනුව වෙඩි හඬ ඇසෙන අතර තමන් සමීපයේ සිටිමින් වෙඩි තබමින් සිටින තම සඟයා පිළිබඳව ද වීඩියෝව තුළ ප්‍රකාශයක් කරනු දකගත හැකියි.
වීඩියෝව ඔස්සේ, කෙහේ ගියත් මරණය තමා පසුපස පැමිණෙන බව පවසන අදාළ සොල්දාදුවා නිවසින් එවන ලද රස කැවිලි ලැබුණු බවත් එයට ස්තුති කරන බවත් පවසයි. තමාට යළි නිවසට පැමිණීමට හැකි වනු ඇතැයි, විශ්වාසයක් නොමැති බව පවසන ඔහු මවට පවසන්නේ පරිස්සමෙන් ඉන්නා ලෙසටයි. තව ද කඳුළු පිරි දෙනෙතින් යුතුව සිය සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ, මව හොඳින් රැකබලා ගන්නා ලෙසයි. සතුටින් ජීවත් වන්න යැයි කියමින් ඔහු සිය වීඩියෝව අවසන් කරන ආකාරයක් දැකගත හැකියි.
ඒ අනුව ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළ බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත වීඩියෝව සැබෑ ලෙසම යුද්ධයට අදාළ සත්‍ය වීඩියෝවක් දැයි අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
යුද බිමකදී සොල්දාදුවෙකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන ලද බව පෙන්වන මෙම වීඩියෝව සත්‍ය ලෙසම ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළ වීඩියෝවක් දැයි අප සොයා බැලුවා.
ඊශ්‍රායල – ඉරාන යුද්ධයට මැදිගත් වෙමින් මීට දින කිහිපයකට ඉහතදී අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට අමෙරිකාව Bunker Buster නම් අධිබල බෝම්බ යොදාගෙන සිදු කළ පහරදීම් සිදුකළේ ය. තොරතුරු මෙතැනින්
ඉන් පසු ඊට පළිගැනීමක් ලෙස ඉරානය කාටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත පසුගිය 23 වනදා මිසයිල ප්‍රහාර එල්ල කළ අතර කෙසේ වෙතත් ඉරාකයේ හමුදා කඳවුරුවලට එල්ලකළ ප්‍රහාරයට අදාළව මෙවැනි වීඩියෝවක් ජාත්‍යන්තර හෝ මෙරට මාධ්‍ය විසින් විකාශය කර තිබෙනු දක්නට නොමැත.
තවද මෙහිදී ඉරානය ඉරාකයේ හමුදා කඳවුරක් වෙත ප්‍රහාර එල්ල කළ බැවින් ආරාබි මනා ලෙස භාෂාව හසුරුවන සොල්දාදුවෙකු මෙම වීඩියෝව පටිගත කරන බව ප්‍රකාශ වීම ද පදනම් විරහිතයි. තව ද මෙම වීඩියෝව වෙඩි තබා ගැනීම් සහිත මුහුණට මුහුණු ගැටුමක තත්ත්වයක් පෙන්නුම් කරන බවින් එය කිසිසේත්ම ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළ වීඩියෝවක් බව පිළිගත නොහැක. මන්ද මෙහිදී ඉරානය ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත එල්ල කරනු ලැබුවේ, මිසයිල ප්‍රහාරයි. වැඩි විස්තර මෙතැනින්
කෙසේ වෙතත් තවදුරටත් කරණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කළේ ය. එහිදී 2017 වසරේදී YouTube පරිශීලකයෙකු විසින් ඉංග්‍රීසී උපසිරැසි සහිත වීඩියෝවක් සිය ගිණුම වෙත යොමු කර තිබෙනු දැකගත හැකි වුණා.
ISIS සංවිධානයට එරෙහි සටනේදී ඉරාක සොල්දාදුවෙක් සිය මවට සහ සහෝදරයාට යොමු කරන ලද මෙම වීඩියෝව පටිගත කිරීමෙන් පසු සොල්දාදුවා මිය ගොස් ඇති බවත් එහි සඳහන් කර තිබුණා. තවද මෙය සත්‍ය වීඩියෝවක් බව විශේෂයෙන් සඳහන් කර තිබෙනු දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් මෙවන් දරුණු ගැටුම් සහිත අවස්ථාවක වීඩියෝ පටිගත කිරීමක් සිදු කරයි ද? සහ ඔහු සිය ඔහු ජංගම දුරකතනයකින් මෙය වීඩියෝ කළා නම්, එම ඉරියව්වේ සිට සහ අනෙකුත් සොල්දාදුවන් සිටින ස්ථානයට වඩා පහත් ස්ථානයක සිට මෙවැනි දර්ශන ලබා ගත හැකි ද, යන සැකය මත අප තවදුරටත් මෙම දර්ශන පෙළ පිළිබඳව ගැඹුරින් සොයා බැලුවා. එහිදි අනාවරණය වූයේ මෙය යුද ගැටුමක සැබෑ දර්ශනයක් නොව 2017 වසරේ අගෝස්තු 15 වැනිදා යූටියුබ් වෙත මුදා හරින ලද Dialing නම් කෙටි චිත්‍රපටයේ කොටසක් බවයි.
විනාඩි 17ක කාලයක් පුරා දිවෙන අරාබි භාෂාවෙන් නිර්මාණය කරන ලද මෙම කෙටි චිත්‍රපයට Bahaa Al-Kazemi විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටයක් බව තහවුරු වුණා. යුද්ධයේදී සිය පුත්‍රයා අහිමි වීම පිළිගැනීමට සූදානම් නැති මවකගේ සිදුවීමක් වටා ගෙතුණු මෙම කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ, 2015 වසරේදී ය.
තවත් YouTube ගිණුමක අදාළ කෙටි චිත්‍රපටය පළ කර තිබූ ආකාරය මෙතැනින්
මෙහි සොල්දාදුවාගේ චරිතයට පණ පොවන Menhel Abbas නම් කලාකරුවා ද 2019 වසරේදී ඉංග්‍රීසි උපසිරැසි සහිතව සමාජමාධ්‍ය ඔස්සෙ සංසරණය වූ වීඩියෝ කොටසක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබෙන අයුරු දැකගතහැකි වූයේ, මෙලෙසයි.
පුත්‍රයා මියගිය බව පිළිනොගන්නා මවක් වටා ගෙතුණු ” Dialing“
2015 වසරේදී Bahaa Al-Kazemi විසින් අධ්‍යක්ෂණය කරන ලද Dialing කෙටි චිත්‍රපටය සඳහා Manhal Abass, Hani Al Qurashi, Haider Hameed යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබේ. විනාඩි 17ක කාලයක් දිවෙන මෙම කෙටි චිත්‍රපටයට පාදක වී ඇත්තේ, ISIS සමග සටන් කරන තම පුත්‍රයාගේ (ඉරාක සොල්දාදුවෙක්) මියයාමෙන් කම්පනයට පත් මවකගේ කතාවක්. ඔහු මියගොස් ඇති බව තහවුරු කෙරෙන සාධක තිබියදීත් ඇය තම පුතා මියගොස් ඇති බව පිළිනොගන්නා අතර භාවිත කරන අයුරු හෝ නොදන්නා ඇය ජංගම දුරකථනයක් හරහා ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන අකාරයක් නිරූපණය කෙරේ. විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, “ඉරාක සොල්දාදුවෙක් මරණයට පෙර මවට යැවූ වීඩියෝව” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව ඊශ්‍රායල – ඉරාන යුද්ධය හෝ මීට අවුරුදු කිහිපයකට පෙර ඉරාක හමුදාව අයි.එස්. සටන්කාමීන් එරෙහි සටනේදී සොල්දාදුවෙකු සිය මවට යැවූ පණිවුඩයක් නොව මෙය අරාබි භාෂාවෙන් නිර්මානය කරන ලද “Dialing” නම් කෙටි චිත්‍රපටයේ කොටසක් බවයි.

Title:ඉරාක සොල්දාදුවෙක් මරණයට පෙර ඔහුගේ මවට යැවූ වීඩියෝවක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
