ජපාන ක්‍රිකට් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා බස්නාහිර පළාත් කණ්ඩායම පරාජයට පත්වුණා ද ?

Misleading

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය වසර කිහිපයේ සමස්තයක් ලෙස ලංකාවේ ක්‍රිකට් යම්කිසි පසුබෑමක් පෙන්නමු කළද, අදටත් ක්‍රිකට් පිලිබඳව ප්‍රේක්ෂක කතාබස් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා.

මෙවන් පසුබිමක, සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමක්, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා මේ දිනවල සහභාගි වී ඇති බවත්, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ජපාන කණ්ඩායම හමුවේ 20/20 තරගයක් පරාජයට පත් වී ඇති බවත් හඟවමින් හුවමාරු වන සටහනක් ගැන සමාජ මාධ්‍ය තුළ  කතිකාවතක් නිර්මාණය වී ඇත.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

තරඟ ප්‍රතිඵලයක ඡායාරුපයක් උපුටා දක්වමින් “ජපානෙනුත් කාලා ලොන්තයො ටික” යන තේමාවෙන් හුවමාරු වන සටහන් පෙළක් මඟින් ඒත්තු ගන්වා තිබුනේ ජපාන කණ්ඩායම සමග පැවැති 20/20 තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායමක් පරාජයට පත්වී ඇති බවක්. 

Facebook | FB | FB 

මෙහි දැක්වෙන ප්‍රතිඵල සටහන් අනුව හැඟී යන්නේ ජපාන කණ්ඩායම හමුවේ මෙහිදී පරාජය වී තිබෙන්නේ බස්නාහිර පළාත් දකුණු කණ්ඩාම බවයි.

කෙසේ නමුත් මෙම සටහන් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අපහාසාත්මක මෙන්ම උපහාසාත්මක ප්‍රතිචාරද ලැබී තිබු අතර ඇතැම් පරිශීලිකයින් විසින් සිය අදහස එක් කරමින් මෙහි තරග වැදී ඇත්තේ වයස අවුරුදු 19ක් පහළ කණ්ඩායමක් බව ද පෙන්වා දී තිබෙනු දැක ගන්නට ලැබෙනවා.

Facebook

මෙම ප්‍රතිචාරයන් අනුවද මෙහි මේ පිළිබඳව විමර්ශනය කිරීමට කටයුතු කරන ලදී. 

Explainer (කරුණු පැහැදිලි කිරීම) 

අගෝස්තු 1 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුනේ නැගෙනහිර ආසියා-පැසිෆික් (EAP) සහ ආසියානු කලාපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සඳහා පුහුණුවක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජපන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණු කඳවුරක් සංවිධානය කර ඇති බවත්, ඒ අනුව ජපාන කණ්ඩායම, පුහුණු තරග 7කට සහභාගී වනු ඇති බවයි. එම නිවේදනය මෙතනින්

ජපන් කණ්ඩායමේ සූදානම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුළුල් සහයෝගයක් ලබා දෙමින් මෙම පුහුණු තරග සඳහා ප්‍රතිවාදීන් ලෙස 19න් පහළ පළාත් සංචිත හතරක්, තරඟ පන්දු, නිලධාරීන් සහ ක්‍රීඩාංගණ පහසුකම් යනාදිය ඇතුළත් බවත්, පුහුණු තරඟ හතෙන් තරඟ පහක් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ද තරඟ දෙකක් කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවටත් අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත. 

මේ පිළිබඳව පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක

එමෙන්ම මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රුද්‍රිගෝ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කළ ගත් අතර ඔහු ද තහවුරු කර සිටියේ මෙම තරගාවලිය සඳහා ජපානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ මෙරට අවුරුදු 19න් පහළ පළාත් කණ්ඩායම් හතරක් සහභාගී වන බවයි.

එසේ සහභාගී වන පළාත් කණ්ඩායම් ලෙස western province under 19 south, western province under 19 north, western province under 19 south outer ,western province under 19 north outer යන කණ්ඩායම් අගෝස්තු මස 2,3,5,6,7,9 සහ 10 යන දිනයන්හි තරග පැවැත්වෙන බව ඔහු විසින් සඳහන් කරන ලදී.

තවදුරටත් ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක  විසින් සඳහන් කරන ලද්දේ ICC ආයතනයේ පූර්ණ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකාව වැනි රටවල් වලින් ජපානය වැනි තවමත් පූර්ණ සාමාජිකත්වය දරන්නේ නැති ක්‍රිකට් කණ්ඩායම් හි ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දීමක් ලෙස මෙවැනි පුහුණු තරග මාලාවක් නිර්මාණය කළ බවයි.

තරග ප්‍රතිඵල සටහන් කිරීමේ දී ලංකාව නියෝජනය කරන්නේ 19න් පහළ පළාත් කණ්ඩායම් බව සඳහන් කර නොතිබීමෙන් සිදුවූ නොමඟ යෑමක්!

ඒ අනුව මෙතෙක් පැවති තරග පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමේදී ජපාන ක්‍රිකට් කණ්ඩායම සමග මෙතෙක් තුනක් පවත්වා ඇති බවත් එම තරගවල ප්‍රතිඵල ජපාන ක්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමෙහි පළකර ඇති අයුරුත් අපට නිරීක්ෂණය විය.

පසුගිය අගෝස්තු මස 2 දා පැවති පළමු T20 තරඟයේ ජයග්‍රහණය බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට හිමිවී තිබෙනවා. මේ සම්බන්ධව ජපාන ක්‍රිකට් ආයතනයේ ෆේස්බුක් ගිණුමෙහි පළකර ඇති සටහන මෙතනින්. නමුත් මෙහි ලංකාව නියෝජනය කළේ වයස අවුරුදු 19 පහළ පළාත් කණ්ඩායමක් බව ජපාන ෆේස්බුක් සටහනේ සඳහන් වී නොතිබුණි. අදාළ තොරතුරු සමඟින් මෙම පුවත පළකර තිබු ලංකාවේ ෆේස්බුක් සටහනක් මෙතනින්.

එමෙන්ම ආන්දෝලනයට තුඩු දී ඇති දෙවන තරගය පිළිබඳව  අධ්‍යයනය කළ විට අපට පැහැදිලි වූයේ පසුගිය අගෝස්තු මස 3 දින ජපාන කණ්ඩායම හා වයස අවුරුදු 19න් පහළ බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම අතර පැවැති මෙම දෙවන 20/20 තරඟය ජපන් ජාතික ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බවයි. එම සටහන පහතින්.

Facebook

ඒ අනුව දෙවන 20/20 තරඟයේදී බස්නාහිර පළාත් දකුණු අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු අටක් දැවී ලකුණු 113 රැස් කරගෙන ඇති අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජපාන් ජාතික කණ්ඩායම පන්දු වාර පහළවයි පන්දු දෙකකදී (15.2) සිය ජයග්‍රාහී ඉලක්කය ළඟා කරගෙන ඇත. 

කෙසේනමුත් මෙම ප්‍රතිඵල පළකිරීමේ දී මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අදාළ කලාපයේ අවුරුදු 19න් පහළ කණ්ඩායම් බව සඳහන් කර නොතිබීම හේතුවෙන්, මෙම පුහුණු තරඟ පිළිබඳව විස්තර නොදත් පාඨකයින් නොමඟ ගොස් ඇති බව දැකගන්නට ලැබෙනවා.

මෙම ප්‍රතිඵලය ගැන විස්තර සහිතව Sports 1st හි පළකර තිබු සටහන පහතින්.

එසේම මෙම පුහුණු තරග මාලාවේ අද ( අගෝස්තු 5) තරගය බස්නාහිර පළාත් (North Outer) සමඟ පැවති අතර එහිදී ජයග්‍රණය ලබාගෙන තිබෙන්නේ අවුරුදු 19න් පහළ පළාත් කණ්ඩායමයි. එම විස්තර මෙතනින්.

YouTube නාලිකාවක් තුළින් මේ සම්බන්ධව තොරතුරු දක්වා ඇති වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ජපන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා බස්නාහිර පළාත් ක්‍රිකට් කණ්ඩායමක් තරග කොට පරාජය වී ඇති බව හඟවමින් හුවමාරු වී තිබුනේ නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි. මෙහිදී තරග වැදී තිබුනේ වයස අවුරුදු 19න් පහළ බස්නාහිර පළාත් දකුණු පාසල් නියෝජනය කල ක්‍රීඩකයින් වන අතර එම තොරතුරු ප්‍රතිඵලය ඇතුළත් වූ සටහනේ සඳහන් නොවීම ඔස්සේ මෙම නොමඟ යැවීමට මුල්වී තිබුණා.

Avatar

Title:ජපාන ක්‍රිකට් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා බස්නාහිර පළාත් කණ්ඩායම පරාජයට පත්වුණා ද ?

Fact Check By: Lakshan  

Result: Misleading


Leave a Reply