දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මෙන් ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බවට ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිට ජනතාවට දුන් පොරොන්දු අතර විය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් වරප්‍රසාද ඉවත් කිරීමට ගත් තීන්දුව නැවත හකුළා ගත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ තීන්දුව රජය විසින් හකුලා ගත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා.
එමෙන් ම ඇතැම් සටහන් මේ පිළිබඳ පුවත් පතක ලිපියක් පළ වී ඇති බවට දක්වමින් ද, පළ කර තිබුණේ මෙලෙසින්.
මෙම තේමාවෙන් තව ත් සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.
|
|
|
|
|
|
මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය ජූලි 31 වන දා 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබුණා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම පනත් කෙටුම්පත පළ කර ඇති බව ත්, මෙම පනත 2025 අංක දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබෙන අතර 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මෙයින් ඉවත් කරනු ලබන බවත් සඳහන්.
624-2025_Sමෙම පනත් කෙටුම්පත හකුලා ගත් බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂාවට ලක් කළා.
නමුත් අපට මෙම පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු එවැනි පුවතක් හෝ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි පුවත් ලිපියක් මෑතකදී වාර්තා වී ඇති බවට දැක ගැනීමට නොලැබුණි.
නමුත් ඉහත පෙන්වා ඇති සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගෙන ඇති පුවත් ලිපියේ ඡායාරූපය පසුගිය ජූනි 16 වන දා එනම් මෙම කෙටුම්පත ගැසට් කිරීමට මසකටත් පෙර ලංකාදීප පුවත් පතේ පළවූ ලිපියක් බවයි.
ඒ ඔස්සේ කළ පරීක්ෂාවේදී සත්‍ය වශයෙන් ම “හිටපු ජනපති වරප්‍රසාද කැපිල්ල: රජයේ තීන්දුව අකුළා ගනී” යන ශීර්ෂ පාඨයෙන් පසුගිය ජූනි මාසයේදී ලිපියක් පළ වී තිබුණා.
මෙම ලිපියේ, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණය අකුළාගනී යනුවෙන් එම පුවත වාර්තා කර තිබුණා. එහි වැඩිදුරටත් සඳහන් වූයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ Sunday Times ලබා ගත් ලිපි ගොනුවකින් අනාවරණය වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පත්තර කියවන වැඩසටහන් වාර්තා කර තිබුණේ මේ අයුරින්.
මේ පිළිබඳ අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ධාරා සියල්ලේම වාගේ ද එවකට මේ පිළිබඳ වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් මෙම ලිපිය සහ ඒ ඔස්සේ පළවූ අනෙකුත් පුවත් පසුගිය ජූනි මස දී පළ කර තිබුණත්, ජූලි 31 වන දා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබූ මෙම පනත් කෙටුම්පත පළ කර තිබූ බැවින්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව, ඉවත් කර ඇත්ද යන්න පිළිබඳ අප අධිකරණ අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ඔවුන් පැවසුවේ මෙය අසත්‍ය තොරතුරක් බවත්, හෙට දිනයේ(07) මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු වර කියවීමට නියමිත බවයි.
එමෙන් ම හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ගැන සමාජයේ නොයෙකුත් කතා මතුවෙද්දී බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණේ, ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය යුතු බවටයි. අප ඒ පිළිබඳව ද පරීක්ෂා කරනු ලැබුවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණි
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (2) වගන්තියේ දක්වා තිබෙනවා.
එසේ නම් හෙට(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත කුමක්ද?
මෙම කෙටුම්පතේ දක්වා ඇත්තේ,
(අ) ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
(ආ) ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
(ඇ) ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුගේ ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප් වේ.
ඒ අනුව මෙහි දැක්වෙන්නේ, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත වේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව, රජයේ පනත් කෙටුම්පත් පිළිබඳව අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිවලට අනුව සිදු කළ හැකි බවයි අප කළ විමසීමේදී නීති විශාරදයින් පෙන්වා දුන්නේ.
පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය
පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව ප්‍රකාර ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් දින 7 කට පසුව එය න්‍යාය පත්‍රයට ඇතුළත් කර 50(1) ස්ථාවර නියෝගය ප්‍රකාරව පළමුවැනි වර කියවීම සිදු කෙරේ. ඒ අනුව හෙට දිනයේ මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වරට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ පාර්ශව පවසනවා.
එසේම පළමුවර කියවීමෙන් දින 14 ක් ඉක්මවීමෙන් පසුව ස්ථාවර නියෝග 50(1) සහ 55(1) ප්‍රකාරව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා නියමු කරනු ලැබේ. දෙවැනි වර කියවීමේ දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීමේදී ස්ථාවර නියෝග 56 ප්‍රකාර විවාදයට භාජනය කරනු ලැබිය හැකිය. විවාදය අවසානයේදී පනත් කෙටුම්පත ස්ථාවර නියෝග 47 ප්‍රකාරව ඡන්දයකින් (කටහඬ අනුව; බෙදීම – පේළි අනුව/නම් අනුව – විද්‍යුත් ඡන්ද සටහන් කිරීම මගින්) සම්මත කරනු ලැබේ. මේ පිලිබඳ වැඩිදුර විස්තර මෙතනින්
ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද
හිටපු ජනාධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් ඇතුළු වරප්‍රසාද කිහිපයක් හිමි වේ. ඒ අතර නිල නිවෙසක්, කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, ලේකම්වරයෙක්, ආරක්ෂක පිරිස සහ නිල රථ එයට අයත්ය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තියට අනුව පසුව ගන්නා යම් යම් නීතිවලින් පෙර ලබාදුන් වැටුප හා විශ්‍රාම වැටුප අහෝසි කළ නොහැකි බව එහි සඳහන්ය. එය රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බවත් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැකි වුවද එම වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු කළ නොහැකි බවද එම වගන්තිවල සඳහන් වේ.
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත
1986 අංක 4 දරන පනත 2 වැනි වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ සහ ඇයගේ ජීවිත කාලය ඇතුළත වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු වේ.
යම් හෙයකින් උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථෝචිත පරිදි ඔහුට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු යැයිද එහි සඳහන්.
පනතේ 3 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තාට තත්කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන දීමනාවක් සෑම හිටපු ජනාධිපතිවරයකුටම ගෙවිය යුතුය. එසේම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තකුගේ මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවිය යුතුය. එසේම නිල ප්‍රවාහන සහ අදාළ පහසුකම් සැලසිය යුතු බවද පනතේ සඳහන්ය.
4 වැනි වගන්තියට අනුව හිටපු ජනාධිපතිවරයකු මියගිය අවස්ථාවකදී ඔහුට ලැබීමට හිමිකම තිබූ හෝ ජනාධිපති ධුරය දැරීම නතර වූ අවස්ථාවේදී ඒ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට හිමිකම තිබූ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ඇගේ ජීවිත කාලයේදී ගෙවිය යුතුය. එසේම 5 වැනි වගන්තිය අනුව මෙම විශ්‍රාම වැටුප් සහ ගෙවීම් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බව දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 22 වන දා කැබිනට් තීරණ දැනුම්දීමේදී ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පළ කළ අදහස් පහතින්.
අමාත්‍ය බිමල් රත්නායක
ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි, හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද කප්පාදු බවයි.
එමෙන් ම පසුගිය අගෝස්තු 01 වන දා මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙම පනත් කෙටුම් හෙට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, මෙම කෙටුම්පත පිළිබඳ අධිකරණයට යම්කිසි පුද්ගලයෙකු පැමිණිලි කළහොත් අධිකරණය මගින් මෙය විභාග කරන බව ත් එසේ වුවහොත් සති තුනක පමණ ප්‍රමාදයක් මෙය සම්මත කිරීමට කාලය ගත වන අතර අධිකරණ තීරණයක් නොමැති නම් මෙම පනත් කෙටුම්පත සැප්තැම්බර් මස දී විවාද කොට සම්මත කිරීමට හැකි බව සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Title:හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ තීන්දුව රජය හකුලා ගත්තද?
Fact Check By: Pavithra SandamaliResult: False
