දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෝටර් බයිසිකලයක් යනු තරුණයෙකුගේ මෙන්ම තරුණියකගේ සිහිනයක් වන අතර වාහන ආනයනය සීමා ඉවත් කිරීමත් සමඟ මෙරටට ගෙන්වා ඇති නවතම වර්ගයේ Honda Dio 110CC මෝටර් බයිසිකල් අලවි වන මුදල සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් පළවීමත් සමග ඒ පිළිබඳව සිදුකළ පරීක්‍ෂාව.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
2025 වර්ෂයේ නිෂ්පාදිත Honda Dio 110cc වර්ගයේ මෝටර් බයිසිකල් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ දිනවල කතිකාවතක් නිර්මාණය වී ඇත.
මෙහි සඳහන් වන අන්දමට Honda Dio 100cc STD වර්ගයේ යතුරුපැදී රුපියල් 900,000 වන අතර Honda Dio 100cc DLX වර්ගයේ යතුරුපැදී රුපියල් 930,000 පමණ මුදලකට මිලදී ගැනීමට හැකියාවක් පවතින බව සඳහන් කර ඇත.
එමෙන්ම මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී සමාජ මාධ්‍ය ජාලා තුළින් මෙම Honda Dio 100cc වර්ගයේ යතුරුපැදී වල මිල ගණන් ප්‍රමාණය පිළිබඳව නොයෙකුත් ආකාරයේ සටහන් නිකුත් කර ඇති ආකාරය දැකගැනීමට හැකියාවක් ලැබිණි.
මෙහි දැක්වෙන පරිදි නවතම වර්ගයේ Honda Dio 100cc වර්ගයේ යතුරුපැදී සඳහා රුපියල් 685,000 මුදලකට මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවට සඳහන් කරමින් සංසරණය වීම නිසා මෙම මිල ගණන් හා සම්බන්ධව පවතින ප්‍රතිචාරයන් සඳහා අවධානය යොමු කිරීමේ එකිනෙකට වෙනස් වීම මත ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අප විසින් කටයුතු කරන ලදී.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2021 වර්ෂයේ සිදුවන ගෝලීය වසංගත තත්ත්වයකට ලංකාව ගොදුරු වීමත්, 2022 වසර වන විට ආර්ථික වශයෙන් සිදුවන පසුබෑමත් යන ප්‍රධාන කාරණා දෙක පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සීමා කරන ලදී. 2024 වර්ෂයේ අගභාගයේ සිට නැවත වටයකින් වාහන ආනයනය සීමා ඉවත් කිරීමට කටයුතු කළ ද වාහන ආනයනයේ සීමා කිරීම තුළින් පැවති පැරැණි මෙම වර්ගයේ යතුරු පැදි වල මිල ගණන් වල තොරතුරු අපට හමුවන ලදී. මෙතනින්
ඒ අනුව අප සිදු කළ අධ්‍යයනය තුළින් පැහැදිලි වූයේ මෙම වර්ගයේ 2019 වර්ෂයේ නිෂ්පාදිත යතුරු පැදි රුපියල් 700,000 කට ආසන්න මුදලකට සහ 2012-2018 වර්ෂයේ නිෂ්පාදිත යතුරු පැදි රුපියල් 400,000 – 650,000ත් අතර මුදලකට විකුණුම් මිල තීරණය කර ඇති බවයි.
2025 වර්ෂයේ නිෂ්පාදිත Honda Dio 110cc වර්ගයේ යතුරු පැදි මෙතරම් මිලකට අලෙවි වනවාද, යන්නට විමර්ශනය කරන ලදී.
මේ සම්බන්ධව පවතින තත්ත්වය මත නවතම වර්ගයේ Honda Dio 100cc යතුරු පැදි වල මිල ගණන් පිළිබඳව HONDA ආයතනයේ නිල ෆේස්බුක් ගිණුම අප විසින් අධ්‍යයනය කරනු ලැබීය.එම අධ්‍යයනය කිරීමේදී වර්ගයේ යතුරු පැදිවලින් නවතම මිල ගණන් සහිත සටහනක් අපට හමු විය.
ඒ අනුව මෙහි සඳහන් වන පරිදි ඩිජිටල් මීටරය සහිත ඉදිරිපස L.E.D ලයිට් පද්ධතියකින් සැකසූ Dio DLX 110cc 735,000 වන අතර ඩිජිටල් මීටරය නොමැති Analogue Meter සහිත Dio STD 110cc රු: 685,000 බවට නිල වශයෙන් සනිටුහන් කර තිබුණි.
මේ සම්බන්ධව අපි තවදුරටත් කරුණු විමර්ශනය කිරීම සඳහා මෙරට HONDA වර්ගයේ වාහන සඳහා බලය ලත් stafford motor company ආයතනය දුරකථනය මගින් සම්බන්ධ කරගත් අතර එහිදී ඔවුන් විසින් ප්‍රකාශ කර සිටියේ Honda Dio 110cc STD වර්ගයේ යතුරු පැදි 685,000 ක් වන අතර Honda Dio 110cc DLX වර්ගයේ යතුරු පැදි 735,000 ක් වන බවත් සමාජයේ පැතිරී ඇති මීට වඩා වැඩි මුදලින් අලෙවි වන බවට සඳහන් වන නවතම Honda Dio 110cc වර්ගයේ යතුරු පැදිසම්බන්ධව අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි.
එමෙන්ම අප විසින් මේ සම්බන්ධව තවදුරටත් අධ්‍යයනයේ දී මෙම Honda Dio 110cc වර්ගය යතුරු පැදි වල නවතම මිල ගණන් ලෙස අධික මුදලක් යොදමින් සමාජගත කර තිබූ සටහන සහිත ෆේස්බුක් ගිණුමෙහි මේ වන විට සැබෑ Honda Dio 110cc වර්ගයේ යතුරු පැදි වල මිල ගණන් ඉදිරිපත් කර ඇති ආකාරයක් අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
ඒ අනුව මෙම ෆේස්බුක් ගිණුමෙහිම සඳහන් කර තිබූ Honda Dio 2025 වර්ෂයේ නිෂ්පාදිත යතුරු පැදි වල මිල ගණන් සම්බන්ධයෙන් සටහන අසත්‍ය බවට මේ තුළින් ද පැහැදිලි වේ.
එමෙන්ම මේ වන විට නවතම මාදිලියේ බයිසිකල් වෙළඳපළට නිකුත් කළ ඇති බවට මේ වන විට දිවයින පුරා HONDA අලෙවි නියෝජිත ආයතන තුළ Honda Dio 110cc වර්ගයේ යතුරු පැදි පවතින බවට තොරතුරු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අන්දම දැක ගත හැකි විය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) : ඒ අනුව ඉහත සඳහන් Honda Dio 2025 වර්ෂයේ නිෂ්පාදිත යතුරු පැදි වල මිල ගණන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වී ඇති අසත්‍ය ප්‍රචාරය පිළිබඳව අප විසින් කළ විමර්ශනය තුළින් පැහැදිලි වූයේ Honda Dio 100CC STD වර්ගයේ යතුරු පැදි 920,000 ක් නොවන අතර එම යතුරු පැදිය 685,000ක් වේ. එමෙන්ම, Honda Dio 110cc DLX වර්ගයේ යතුරු පැදි 930,000 ක් නොවන බවත් එය 735,000 ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාවක් පවතින බවට අප සිදුකළ විමර්ශනය තුළින් පැහැදිලි විය. මෙම සිදුවීම් ඔස්සේ පැරණි මාදිලියේ යතුරු පැදි වල වටිනාකම අවම වීම මත මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරා ඇති බවට පැහැදිලි වේ.
