දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
2025 අගෝස්තු 15 වන දින ඇලස්කාවේ ඇන්කරේජ් හි පැවති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සමුළුවෙන් පසුව, පුටින් විසින් ද්විත්ව ශරීරයක් භාවිත කරන බවට රැල්ලක් අන්තර්ජාලය හරහා පැතිර ගියේය. රැස්වීමට පෙනී සිටි පුටින් සැබෑ රුසියානු නායකයා නොව පුටින් නිර්මාණය කළා අනුරුවක් බවට සටහන් සහ වීඩියෝවලින් කියැවුණු අතර, මුහුණේ ව්‍යුහය, සිනාමුසු හැසිරීම සහ ඇවිදීමේ විලාසය පිළිබඳ සංජානනීය වෙනස්කම් පෙන්වා දුන්නේය.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇලස්කාවේදී ට්‍රම්ප් හමුවූ පුද්ගලයා ඇත්ත වශයෙන්ම පුටින් නොව වංචාකාරයෙකු බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් මෑතකදී ප්‍රකාශ නිකුත් කර තිබේ.
මෙම සටහනේ දැක්වෙන පරිදි ට්‍රම්ප් හම්බවෙන්න ඇලස්කාවට ආවෙ ෆේක් පුටින් යනුවෙන් සඳහන් වන අතරන් එයට ප්‍රධානම හේතුව තමයි පුටින්ගෙ මුහුණෙ තිබුණ ඉරියව් සහ හැසිරීම් රටාවෙ වෙනස සහ රුසියානු රූපවාහිනිය එකම වෙලාවකදි උත්සව දෙකකදි පුටින්ව පෙන්වීම නිසාත්.එකම වෙලාවකදි රුසියාවෙ නගර දෙකක පෙනීසිටින්නෙ කොහොමද? යන ගැටලූ උද්දීපනය කර ඇත.
මේ සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් ද කතාබහක් නිර්මාණය වී ඇති බවට සඳහන් සටහන් කිහිපයක් හමුවිය.
මෙම සටහනේ දැක්වෙන පරිදි ද පුටින්ගේ මුහුණේ ඉරියව්වේ එකිනෙකට වෙනස් බව පෙන්වා ඇත.
මේ අනුව මේ සම්බන්ධව විමර්ශනය කිරීමක් සිදු කරන ලදී.
Fact Check (කරුණු විමර්ශනය කිරීම)
යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක “ආර්ථික ව්‍යාපෘති” සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡාවක් පසුගිය දා ඇලෙස්කාවේදී පවත්වන ලදි. මෙම රාජ්‍යතාන්ත්‍රික හමුව සඳහා පැමිණි රුසියානු ජනපති පුටින්ගේ ක්‍රියා කලාපයන් සහ හැසිරීම් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ කතිකාවතක් නිර්මාණය වී තිබිණි. මෙම සාකච්ඡාව සඳහා පැමිණි රුසියානු ජනාධිපති පුටින් නොවන අතර ඔහු ලෙස නිර්මාණය කරන ලද තවත් චරිතයක් බවට අදහස් පැතිරවීමත් සමගයි.
මේ සම්බන්ධව පළව තිබූ අදහස් අප විසින් විමර්ශනය කරන ලදී.
සමුළුව පිළිබඳව නිල වශයෙන්ම සිදුකරන ලද වාර්තා.
එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ කඳවුරේ පැවති ට්‍රම්ප්-පුටින් සමුළුව ඉහළ ආරක්ෂාවක් සහ මාධ්‍ය සහභාගීත්වයක් සහිත නිල රාජ්‍ය තාන්ත්‍රික හමුවක් විය. සීඑන්එන්, රොයිටර්, සීබීඑස් සහ අල් ජසීරා වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ ආයතන රුසියානු නිලධාරීන් සමඟ පුටින්ගේ පෞද්ගලික පැමිණීම තහවුරු කළේය. ට්‍රම්ප් සහ පුටින් අතර මුහුණට මුහුණ සිදුවූ සාකච්ඡා සහ උත්සවයේ අධි ආරක්ෂිත ස්වභාවය සහ පුළුල් මාධ්‍ය ආවරණය සැලකිල්ල යන ප්‍රධාන සාධක මුල් කරගනිමින් මේ පිළිබඳව පරීක්ෂා කරන ලදී. නමුත් මෙවැනි කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් තුළින් පුටින්ගේ ද්විත්ව චරිතය පිළිබඳව තොරතුරු වාර්තාකර නොමැත.
පුටින් විසින් ඔහුට සමාන තවත් ද්විත්ව ශරීරයක් භාවිතා කරන බවට ඉතිහාසය තුළ සඳහන්ව ඇති අවස්ථා.
පුටින් විසින්ම ඔහුට සමාන ද්විත්වයන් ශරීරයක් භාවිතා කරන බවට ඇති අදහස අලුත් දෙයක් නොවේ. මෙය වසර ගණනාවක් පුරා බොහෝ වාරයක් මතු වී ඇත, විශේෂයෙන් වැදගත් ජාත්‍යන්තර රැස්වීම් අතරතුර, මෙම ප්‍රකාශ පතුරුවන පුද්ගලයින් සාමාන්‍යයෙන් පුටින්ගේ පෙනුම හෝ චලනයන්හි කුඩා වෙනස්කම් පෙන්වා දෙයි. ඇලස්කා සමුළුවෙන් පසු, සමාජ මාධ්‍ය පරිශීලකයින් අසාමාන්‍ය ලක්ෂණ කිහිපයක් දුටු බව කියා සිටියහ. සම්පූර්ණ මුහුණක්, වෙනදාට වඩා සිනහවක් සහ පුටින්ගේ සුවිශේෂී ඇවිදීමේ විලාසය නොමැති වීම වැනි කාරණා බොහෝ දුරට මෙහිදී ඉස්මතු කරන ලදී.
කෙසේ වෙතත්, මුහුණු හඳුනාගැනීමේ විශේෂඥයින් පැහැදිලි කරන්නේ මෙම පැහැදිලි වෙනස්කම් සාමාන්‍යයෙන් සිදුවන්නේ ආලෝකකරණය, විවිධ කැමරා කෝණ සහ සිදුවීමේ නිශ්චිත සන්දර්භය වෙනස් වීම නිසා මිස වෙනත් කෙනෙකු පුටින් ලෙස පෙනී සිටීම නිසා නොවන බවයි. මෙතනින්
පුටින්ගේ ශරීරය පිළිබඳව සංසන්දනය කිරීම
සමුළුවේ ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණයන් මගින් පුටින්ගේ දන්නා පෙනුමට ගැලපෙන ස්ථාවර ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර, මුහුණේ ප්‍රමාණය, කටහඬ සහ අභිනයන් ඇතුළු පුටින්ගේ රූප පිළිබඳ මීට පෙර අවස්ථාවලදී ස්වාධීන අධ්‍යයනයන් මගින් ප්‍රසිද්ධ පෙනී සිටීම් ඔහු කටයුතු කරන ආකාරයත් සමඟ ඉතා ඉහළ සමානකමක් පෙන්නුම් කර ඇති අතර, මෙවැනි ආකාරයේ නිල සිදුවීම් වලදී පුටින් විසින් ඔහුගේ ශරීරයට සමාන වෙනත් ශරීරයක් සහිත ශරීරයක් භාවිතය කිසි විටෙකත් තහවුරු කර නොමැතිඅතර ඒ සඳහා වූ විශ්වාසදායක ජෛවමිතික, ඡායාරූප සාක්ෂි හෝ බුද්ධි වාර්තාකරණයක් නොමැත.
මේ සම්බන්ධව අප විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමේ දී 2024 දී, ස්වාධීන රුසියානු-ලැට්වියානු මාධ්‍ය ආයතනයක් වන මෙඩූසා, පුටින්ගේ පෙනුම විශ්ලේෂණය කිරීම සඳහා ඇමසන් රෙකොග්නිෂන් මුහුණු ගැළපුම් මෘදුකාංගය භාවිතා කර ඇති බවටත් ඔවුන්ගේ පරීක්ෂණවලින් පෙනී ගියේ “ද්විත්ව” යැයි කියනු ලබන පුද්ගලයින් 99.6–99.9% සමානකමක් පෙන්නුම් කළ බවයි, එය එකම පුද්ගලයෙකුගේ ආකාරයන් යටතේ ඡායාරූප ගත කර ඇති බවට ප්‍රබල සාක්ෂියකි. මෙතැනින්
රුසියානු රජය විසින් ඉදිරිපත් කර ඇති නිල දැනුම් දීම.
පුටින්ගේ යැයි කියනු ලබන පුටින්ට සමානයින් ශරීරයක් සහිත පුද්ගලයා පිළිබඳ ප්‍රකාශ ක්‍රෙම්ලිනය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ඒවා පදනම් විරහිත කටකතා බව පවසයි. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් එම සිදුවීම ව්‍යාජ සහගත සිදුවීමක් බවත් එවැනි සිදුවීම් ප්‍රතික්ෂේප කරනු ලබන බවත් සඳහන් කර ඇති අතර තවදුරටත් ඔහු විසින් දක්වා ඇත්තේ “පුටින් බංකරයක වාඩි වී සිටියදී ඔහු වෙනුවට වැඩ කරන බොහෝ ඔහු වැනි ශරීරයක් සහිත පුද්ගලයන් සිටින බවට පලවන අදහස් ව්‍යාජ සහගත බවත් අපගේ ජනාධිපතිවරයා කෙබඳු දැයි ඔබටම පෙනේ. ඔහු සැමවිටම සිටි අතර දැන් ක්‍රියාකාරී වන බවත් ඔහු අසල වැඩ කරන අයට ඔහු සමඟ ඉදිරියට යා නොහැකි බවත් ඔහුගේ ශක්තියට ඊර්ෂ්‍යා කළ හැක්කේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි, ඔහුගේ සෞඛ්‍යය ප්‍රාර්ථනා කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ඔහු කිසිදු බංකරයක වාඩි නොවේ. මෙයද බොරුවකි.” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත. මෙතනින්
මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ද අවධානය යොමු වී ඇති ආකාරය අපට දැක ගැනීමට හැකි විය. පුටින් විසින් FAKE පුටින් කෙනෙක් නිර්මාණය කර ඇති බවට සාක්ෂි නොමැති බවත් මෙම සිදුවීම වැරදි සහගත සිදුවීමක් බවත් සනිටුහන් කරමින් මේ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් වාර්තාවක් අපට හමු විය.
එමෙන්ම Fact crescendo අප ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ඇලස්කා සමුළුවේදී පුටින් ශරීර ද්විත්වයකින් ආදේශ කරන ලද බවට කරන ප්‍රකාශය පදනම් විරහිතය.විශේෂඥ විශ්ලේෂණය සහ නිල ප්‍රකාශ මත පදනම්ව,මෙම රූප රාමු වලින් පෙන්වන පරිදි රුසියානු ජනාධිපති පුටින්ගේ ශරීරයට සමාන තවත් ශරීරයක් නිර්මාණය කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමත් සමාජගත කර තිබූ ඡායාරූපයන්වල පවතින ගැටලු සහගත තත්ත්වයන් මත මෙම තොරතුරු අසත්‍ය බවට අප විසින් සොයාගන්නා ලදී.
