හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වනවා. මෙලෙසින් අත්අඩංගුවට ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් කර ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, සටහන් පළ වී තිබූ අතර මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අත්අඩංගුවට පත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට ඇප ලැබුුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳව වාර්තා කර තිබුණේ මේ අයුරින්.

මේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙසින් අත්අඩංගුවට ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප හිමි වී ඇති බව ට මෙලෙසින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිර තිබූ තව ත් ප්‍රධාන  මාධ්‍ය වාර්තා වල ඒ මහතාට ඇප ලැබුණු බවට වාර්තා කර නොතිබුණි.

කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප කොළඹ අධිකරණ වාර්තාකරුගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ මෙම තොරතුර අසත්‍ය බව ත්, රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබී නොමැති බව ත්, ඔහුව ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළ බවයි.

මෙලෙසින් හිටපු ජනපති අත්අඩංගුවට පත් වූයේ පසුගිය සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීමට රුපියල් ලක්ෂ 166ක මුදලක් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතායි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතායි.

හිටපු ජනපති රනිල්ට ඇප ලබා දීමට නොහැකි වූ හේතු ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු පිළිබඳ Newsfirst පුවත් වාර්තා කර තිබුණේ මේ අයුරින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණා. එමෙන් ම මේ වන විට ඒ් මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය ලබා දී ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ. මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඉහත සඳහන් ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබුණු බවට පුවත් වාර්තා කර තිබූ ඇතැම් මාධ්‍ය ආයතන එම පුවත නිවැරදි කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(22) දින අත්අඩංගුවට පත් වූ අතර ඒ මහතා ඇප මත මුදා හැර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ද පළ කර තිබූ අතර සටහන් අසත්‍යයි. වික්‍රමසිංහ මහතා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි.

Avatar

Title:හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply