දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගී වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තාවක් පසෙක විනෝද වෙමින් සිටින බවක් හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා.
ඇත්තට මෙම වීඩියෝවේ සිටින්නේ ජනපති අනුර ද ? මේ ගැන අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තාවක් සමගින් සතුටින් සිටින බවක් හඟවමින් කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.
“සැපේ ඉන්නෙ ගොවිපුතා සැපේ ඉන්නෙ…..අවුලක් නෑ හොරා කාලා නෙමෙයිනෙ ජනාධිපති වැය ශීර්ෂයෙන්නෙ….අපේ බදු මුදලින්නෙ…..” යනුවෙන් විස්තරයක් ද සහිතව පළ වූ මෙම සටහන් හේතුවෙන් මෙහි සිටින්නේ ජනපති ද කියා බොහෝ දෙනෙක් විමසා තිබුණා.

මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙසට අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත වීඩියෝව පරීක්ෂා කිරීමේදී එහි TikTok හසුරුවක් දැක ගන්නට ලැබුණු අතර ඒ ඔස්සේ කළ පරීක්ෂාවේදී එම වීඩියෝවේ මුල් වීඩියෝව, Sayumi Kaitlyn Perera නමැති TikTok ගිණුමකින් පළ කර තිබෙණු දැක ගන්නට ලැබෙනවා.
එමෙන් ම එහි මේරි බර්නාඩ් නමැති තම මව සම්බන්ධයෙන් සටහනක් ඇය විසින් දක්වා තිබුණා.
මෙම වීඩියෝව සඳහා ද, බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණේ, මෙහි සිටින පුද්ගලයා අනුර කුමාර දිසානායක බවට හා ඔහුට සමාන බවට දක්වමින්.

එම දියණියගේ මව වන මේරි තේරීස් බර්නාඩ් නමැති කාන්තාවකගේ Instagram ගිණුමක ද, මෙම වීඩියෝව පළ කර ඇති බව දැක ගන්නට ලැබුණා. එහිදී ඇය විසින් විවාහ මංගල්‍යයකට සහභාගි වීමෙන් පසු සිය පවුලේ අය සමඟ විනෝද වන අයුරු බව ට එම වීඩියෝවට සටහනක් ද, එක් කර ඇති බව ක් මෙලෙසින්. Archived Link
එමෙන් ම එහි ඇය විසින් පළ කර තිබූ තව ත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී ඉහත වීඩියෝවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ලෙසට නොමග ගොස් ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා බව දැක ගන්නට ලැබෙනවා. ඇය විසින් සිය පවුලේ ඡායාරූපයක් පළ කර තිබූ අවස්ථාවක් පහතින්.

එමෙන් ම ඇයව දුරකතන මාර්ගයෙන් අපට සම්බන්ධ කර ගැනීමට හැකි වූ අතර ඇය පැවසුවේ තමන් මේරි තේරීස් බර්නාඩ් බවත්, ඇයගේ ස්වාමි පුරුෂයා රොෂාන් නිලංග පෙරේරා බවත්, තමන් සහ තමන්ගේ ස්වාමි පුරුෂයා සමග සිටින වීඩියෝවක්, නොමග යන අන්දමින්, එහි සිටින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව ඒත්තු ගන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බවයි.
එම වීඩියෝව පසුගිය සැප්තැම්බර් 20 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ Honey Beach Club පරිශ්‍රයේ දී විවාහ මංගල උත්සවයකින් පසුව ලබාගත් බවත් සඳහන් කරමින්, ඇය සිය සැමියා සහ දියණියන් ද සමඟ එම අවස්ථාවේ ලබා ගත් වෙනත් වීඩියෝවක් ද, අප වෙත මෙසේ යොමු කරනු ලැබුවා.
එමෙන් ම මෙම වීඩියෝවේ සිටින්නේ, ජනාධිපති අනුර කුමාර හෝ ඔහුගේ බිරිඳ නොවන බවත්, ජනාධිපති මාධ්‍ය අංශය ද, තහවුරු කරනු ලැබුවා. එමෙන් ම ජනපති අනුර, මේ වන විටත් එක්සත් ජාතීන්ගේ 80 වැනි සමුලුව ඇමතීම සඳහා අමෙරිකාවට ගොස් සිටිනු ලැබේ. ඒමෙන් ම ජනපති එම සැසිය ඇමතුවේ මෙලෙසින්.
Also Read : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නර්ථනයේ යෙදෙන අවස්ථාවක්ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, කාන්තාවක් සමග විනෝද වෙමින් සිටින අවස්ථාවක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව නොමග යන සුළු වීඩියෝවක් බවයි. මේරි තේරීස් බර්නාඩ් නමැති කාන්තාවක් සමඟ වීඩියෝවේ සිටින්නේ ඇයගේ ස්වාමි පුරුෂයා වන රොෂාන් නිලංග පෙරේරා නමැති පුද්ගලයෙකු වේ.

Title:ජනපති අනුර, කාන්තාවක් සමඟ විනෝද වෙමින් සිටින දර්ශන පෙළක් ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
