නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක්?

Misleading Social

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ගනු ලැබූ තීරණ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි ප්‍රකාශයන් කිහිපයක් ගත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නොමිලේ පෙළ පොත්, නොමිලේ පාසැල් නිල ඇදුම්, නොමිලේ දිවා ආහාර මෙන් ම පාසලින් නොමිලේ උපත් පාලන කොපු ලබා දෙන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණා.

 

Fb | Fb | Fb | Fb |

සත්‍ය වශයෙන් ම මෙවැනි තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇත් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

දරු උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන බවට ප්‍රධාන මාධ්‍ය පුවත් වාර්තා කර ඇත්ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් ඒ ආකාරයෙන් පුවත් වාර්තා කර නොතිබුණු බැවින් අප අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි තීරණයක් ගෙන ඇත්ද යන්න එම අමාත්‍යාංශයේ නිවේදන හරහා ද, පරීක්ෂා කළ ත්, ඒ පිළිබඳ කිසිදු දැන්වීමක් සඳහනක් දැක ගන්නට නොලැබුණි.

පසුගිය අගෝස්තු 28 වන දා Daily Mirror ඉංග්‍රීසි මාධ්‍ය පුවත් වෙබ් අඩවියේ පළ වී තිබූ පාසල් විෂය මාලාවට කොන්ඩම් භාවිතය ඇතුළත් කිරීමට පියවර(Condom use to be included in school curriculum) යන ශීර්ෂ පාඨයෙන් පළ වී තිබූ පුවත් ලිපියක් වෙත අපගේ අවධානය යොමු වුණි.

එහි දක්වා තිබුණේ, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය වන විනෝ ධර්මකුලසිංහ මහත්මිය විසින් සිදු කළ සාකච්ඡාවක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් පාලන වැඩසටහන, කොන්ඩම් භාවිතය, පූර්ව නිරාවරණ වැළැක්වීම (PrEP) සහ පශ්චාත් නිරාවරණ වැළැක්වීම (PEP) ඇතුළු HIV/STI වැළැක්වීමේ පියවරයන් සම්බන්ධ ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට නිර්දේශ කර ඇති බව ත්, එම තීරණය අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට HIV/STI වැළැක්වීමේ ක්‍රම ඇතුළත් කිරීමට නියමිත බව ත්, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පාසල් සිසුන්ට වයසට ගැළපෙන සහ විද්‍යාත්මක පදනමක් සහිත නිවැරදි තොරතුරු ලබා දීම බව ඇය පෙන්වා දී තිබුණා. දැනට පවතින විද්‍යා සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළපොත්වල HIV වැළැක්වීම සඳහා “වගකීම් සහගත ලිංගික හැසිරීම්” පමණක් සඳහන් කර ඇති අතර, නිශ්චිත ජෛව වෛද්‍ය විද්‍යාත්මක වැළැක්වීමේ ක්‍රම පිළිබඳව විස්තර නොකරන බවත්,ජාතික ඒඩ්ස් කවුන්සිලයේ IEC, Advocacy, සහ Condom Promotion කමිටුව විසින් මෑතකදී සිදු කරන ලද සමාලෝචනයකින් අවධාරණය කර ඇත්තේ මෙම තොරතුරු නොමැතිකම නිසා සිසුන් වැළැක්වීමේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොලබන බවට ඇය පවසා තිබුණා. කෙසේ වෙතත්, මෙම නව සංවර්ධනයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ත් එහි පැහැදිලිව සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link  මෙම වාර්තාව පිළිබඳ ඇතැම් සිංහල වෙබ් අඩවි වාර්තා ද, සඳහන් කර තිබු‌‍ණේ මෙලෙසින් සහ මෙලෙසින්.

නමුත් මෙහිදී උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා හැරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් මෙම වාර්තාවේ හෝ දැක ගන්නට නොලැබුණි.

ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්යාපාරය

මේ පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය වන විනෝ ධර්මකුලසිංහ මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

වෛද්‍යවරිය පෙන්වා දුන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන මෑතකදී නිර්දේශ කළේ කොන්ඩම් භාවිතය, පූර්ව නිරාවරණ වැළැක්වීම (PrEP) සහ පශ්චාත් නිරාවරණ වැළැක්වීම (PEP) ඇතුළු වැළැක්වීමේ පියවර සිසුන්ට විධිමත් ලෙස හඳුන්වා දිය යුතු බවට නිර්දේශ කළ අතර ජාතික අධ්‍යාපන ආයතනය ඒ අනුව 10 ශ්‍රේණියේ විද්‍යා පෙළපොතට විෂය නිර්දේශයේ පවතින හිඩැස් පියවීම සඳහා වයසට ගැළපෙන, සාක්ෂි මත පදනම් වූ දැනුම ලබා දීම අරමුණු කර ඇත බවට යෝජනා කළ ත්, ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මීට එකඟතාවය පළ කර නොමැති බව සඳහන් කළා. කෙසේ නමුත් ඔවුන් ඉදිරිපත් කරන නිර්දේශ වල හෝ පාසල් සිසුන්ට උපත් පාලන කොපු ලබා දීම කළ යුතු බව ට හෝ නිර්දේශයක් ඉදිරිපත් නොකළ අතර මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා දිය යුතු බවට පමණක් නිර්දේශ කර ඇති බව ත් සඳහන් කළා. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ අසත්‍ය තොරතුරු පළ වන බව ඇය පවසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශය

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද, අප ඉහත සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ, උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා හැරීමට කටයුතු කරන බවට පළ වන පුවත් සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ත්, එවැනි තීරණයක් හෝ ගෙන නොමැති බවත් ය. HIV සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) වැළැක්වීමේ පියවර පන්ති කාමර තුළ ඉගැන්වීමට 10 ශ්‍රේණියේ  පාසල් විෂය මාලාවට කොන්ඩම් භාවිතය හඳුන්වා දීම පිළිබඳ සාකච්ඡා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පැවති නමුත් කිසිදු තීරණයක් මේ සම්බන්ධයෙන් ගෙන නොමැති බව ත්, අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මේ අතර වත්මන් රජය විසින් රු.5000 ක මුදලක් ළමුන්ට විනෝද වීම සඳහා ලබා දෙන බවට පළ වන සටහන් පිළිබඳව ද, ඉහත දක්වා ඇති ඇතැම් සටහන් වල සඳහන් කර තිබූ බැවින් ඒ පිළිබඳව පරීක්ෂාවට ලක් කලා. එහිදී පෙනී ගියේ පසුගිය සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක මහතා විසින් සිදු කරන ප්‍රකාශයක් මෙම සටහන් සඳහ උපයෝගි කර ගනෙ ඇති බවයි. අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන්නේ, ඔහු විසින් අගමැතිනි හරිනි අමරසූරිය‌ට වරකදී පැවසුවේ උසස්පෙළ විභාගය අවසන් වුණාම හැකි නම් ළමුන්ට රු.5000ක් ලබා දෙන්න චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්න යනුවෙන් සඳහන් කරනු ලබනවා. එම අවස්ථාව මෙතනින්.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය හේතුකොට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ අවසන් පාසල් දරුවන්ට රු.5000ක මුදලක්  “රූම් යාම” ට වත්මන් රජය විසින් ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණා. 

මෙවැනි තීරණයක් අධ්‍යපාන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බව ත්, අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළා.

 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

 

 

 

Avatar

Title:නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply