දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලිට්‍රෝ ගෑස් මිල අද(17) රාත්‍රියේ සිට සංශෝධනය වන බව ත්, ඒ අනුව මිල රු. 1257කින් ඉහළ යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර එම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළට” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සටහන් හුවමාරු වී තිබූ තව ත් අවස්ථාවන් පහතින්.


මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද(17) දිනයේ වැඩිවන බවට දැනුම් දී ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කරනු ලැබුවා.
එමෙන් ම කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් අද(17) මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළ දමන ඇති බවට වාර්තා කර නොතිබුණි.
අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් පුවත් වාර්තා වී තිබුණේ, ඔක්තෝම්බර් 01 වන දා අතර, ඒ එම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය සඳහන් කළ පුවතයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් බව ත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතින බව ත්, එහි සඳහන් වී තිබුණා. එම පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම ලිට්‍රෝ නිල ෆේස්බුක් පිටුවේ ද, ඒ සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
තව දුරටත් මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අප ලිට්‍රො ගෑස් සමාගමෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් ලිට්‍රෝ ගෑස් මිල අද දිනයේ සංශෝධනය වන බවට පුවත අසත්‍ය බව ත්, මෙම වැරදි තොරතුරු මහජනතාව අතර අනවශ්‍ය සමාජ කැළඹීමක් සහ ව්‍යාකූලත්වයක් ඇති කර ඇති බව ත් ය.
2024 ජූලි මස සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් වී නොමැති බව ත් අඛණ්ඩව වසරකට අධික කාලයක් අඛණ්ඩව වෙළෙඳපොලේ අඩුම මිල ස්ථාවරව පවත්වාගෙන යන බව ත්, සඳහන් කළා.
ඒ අනුව, මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයට අදාළ 12.5Kg ගෘහස්‌ථ ගෑස් සිලින්ඩරයක මිල රු.3690ක් බවට පෙන්වා දිය හැක. අනෙකුත් දිස්ත්‍රික්ක වලට අදාළ ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳ පහතින්.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ ගොස් ඇති බවට 2021 ඔක්තෝම්බර් මස පළ වූ පුවතක් නැවත මේ වසරේ(2025) දී නැවත සමාජ මාධ්‍ය තුළ පළ කිරීම තුළින් මෙම සටහන නොමග ගොස් තිබුණා. 2021 වසරේ ඔක්තෝම්බර් මස රුපියල් 1,257 කින් ලිට්‍රෝ ගෑස් මිල වැඩි වූ බවට පළ වූ පුවතක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ලිට්‍රෝ ගෑස් මිල (17) දින සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළ යන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බව එම සමාගම පවසනවා. එම සමාගම වසරක වැඩි කලක් සිටි මිල සංශෝධනය නොකොට මිල ස්ථාවරව අඛණ්ඩව මේ වන තෙක් පවත්වාගෙන ඇති අතර ඒ අනුව වත්මන් ලිට්‍රෝ ගෑස් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් වේ.
Title:අද මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ. 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.1257කින් ඉහළට ?
Fact Check By: Pavithra SandamaliResult: False


