ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාරට ස්වර්ණවාහිනියේ නව පත් වීමක්?

Missing Context Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රටේ කීර්තියක් අත්කරගත් ජනප්‍රිිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැන කියා ගැනීම සඳහා සමාන්‍ය ජනතාව ද දක්වන්නේ, දැඩි කැමැත්තක්  මෙන්ම උනන්දුවකි.  ඒ නිසාම ඔවුන් හා සම්බන්ධ සුළු හෝ පුවතක් ඉතා ශීඝ්‍රයෙන් ඇතැම් අවස්ථාවල නොමගයවන සුළු ආකාරයෙන් පවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු කළ විමසා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ස්වර්ණවාහිනියට යනුවෙන් සඳහන් කරමින්  සිරස සහ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවල ලාංඡන ද සහිතව මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතාගේ ඡායාරූපයක් ද සහිතව පළකර ඇති මෙම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ, මීට පෙර සිරස මාධ්‍ය ජාලයේ සේවය කළ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ස්වර්ණවාහිනී ආයතනය හා එක්ව ඇති බවයි. එහි ලක්ෂපති ආරයේ වැඩ සටහනක් ද  නිර්මාණය වීමට නියමිත බවට වාර්තා වන බව ද එහි සඳහන් ය.

Facebook | Archived Link

චන්දන සූරියබණ්ඩාර මහතා ස්වර්ණවාහිනිය සමග එක්ව ඇති බවත් ඉදිරියේදී ලස්සන වැඩසටහන් ටිකක් බලාගන්න පුළුවන් වෙයි යනුවෙන් සඳහන් කරමින් තවත් ෆේස්බුක් සටහනක් මෙලෙස සංසරණය වුණා. බොහෝ දෙනෙක් ඔහු ස්වර්ණවාහිනියේ නව පත්වීමක් භාර ගෙන ඇති බවට අදහස් පළ කර තිබුණා.

Facebook | Archived Link

Facebook

මේ අතර චන්දන සූරියබණ්ඩාර මහතා ස්වර්ණවාහීනි ආයතනය හා එක්වී ඇති බවට පළ වී තිබූ  තවත් ෆේස්බුක් සටහන් අතරින් කිහිපයක් පහතින්

Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link

ඉහත සමාජ මාධ්‍ය සටහන් අධ්‍යනයේදී බැලූබැල්මට පෙනි යන්නේ, මීට පෙර සිරස මාධ්‍ය ජාලයේ සේවය කළ, පසුව ජනාධිපති මාධ්‍ය උපද්ශකවරයකෙු ලෙස සේවයට එක් වූ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා මේ වනවිට ස්වර්ණවාහීනි ආයතනය හා එක්වී ඇති බවයි. එය කුමන ආකරයේ එක්වීමක් ද යන්න සමාජ මාධ්‍ය සටහන් අනුව පැහැදිලි නොවන අතර ඇතැම් සටහන්වල ඔහු එහි වැඩසටහන් සිදුකිරීමට සූදානම් වන බව ද සඳහන් ය.

ඒ අනුව චන්දන සූරියබණ්ඩාර මහතා තවදුරටත් ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස කටයුතු නොකරන්නේ ද සහ ඔහු සැබෑ ලෙසම ස්වර්ණවාහිනී ආයතනය හා එක්ව ඇත්දැයි විමසමින් ලද පාඨක ඉල්ලීම් මුල්කර ගනිමින් අප ඒ පිළිබඳව කරුණු විමසීමක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සිරස ලක්ෂපති වැඩසටහන ඔස්සේ, අතිශය ජනාදරයට පත්වූ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා ස්වර්ණවාහීනී ආයතනය හා එක්ව ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූයේ, ඔහු ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා ලෙස කටයුතු කරන පසුබිමක් තුළදී ය. ඒ අනුව අප මූලිකවම සූරියබණ්ඩාර මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කළ අතර ඔහුගේ  සමාජ මාධ්‍ය ගිණුම්වල තමන් ස්වර්ණවාහීනි ආයතනය හා එක්වූ බවට වූ කිසිදු තොරතුරක් ඇතුළත් කර නොතිබිණ. මේ අතර මෙරට ප්‍රධාන පෞද්ගලික රූපවාහිනී නාලිකවක් වන ස්වර්ණවාහීනී ආයතනයේ නිල සමාජ මාධ්‍ය ජාලාවල හෝ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා සිය ආයතනය හා එක්වූ බවට කිසිදු තොරතුරක් වාර්තා කර නොතිබිණ.

ඒ අනුව මේ පිළිබඳව අප තවදුරටත් සිදු කළ කරුණු විමසීමේදී ජාතික රූපවාහිනියේ අද (29) රාත්‍රී 10.00ට විකාශය වීමට නියමිත මහජන දිනය වැඩසටහන සඳහා චන්දන සූරියබණ්ඩාර මහතා ද සහභාගී වන බව සඳහන් කරමින් එහි නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබෙනු දැකගත හැකි විය. එහි සූරියබණ්ඩාර මහතා හඳුන්වා දී තිබුණේ, ස්වර්ණවාහිනී ආයතනයේ තනතුරක් හොඹවන අයෙකු ලෙස නොව ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙසයි.

Facebook | Archived Link

ඒ අනුව සූරියබණ්ඩාර මහතා පූර්ණ කාලීනව ස්වර්ණවාහිනිය හා එක්ව නොමැති බව යම් දුරකට තහවුරු වන අතර අප මේ පිළිබඳව කරණු තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් සහ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.

ජනාධිපති මාධ්‍ය අංශය

මේ අතර ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරින් ඉවත්ව සවර්ණවාහිනීය සමග එක්වූවා දැයි, බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් විමසා සිටි අතර ඒ අනුව අප මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ, ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා තවදුරටත් ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරන බවයි. සූරියබණ්ඩාර මහතා ජනාධිපති උපදේශක ලෙස සිදුකරන සේවයට කිසිදු වේතනයක් හෝ දීමනාවක් ලබා නොගන්නා බවත් ඔහු උපදේශකවරයෙකු ලෙස ස්වේඡා සේවයක් සපයන බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.  කෙසේ වෙතත් ඔහු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් මෙහෙයවීම සඳහා එක්වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ද සඳහන් කළේ ය. ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලබන්නේ,  පසුගිය පෙබරවාරි 25 වනදා සිටයි.

මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා

ඒ අනුව සමාජ මාධ්‍ය ජලාවල සංසරණය වන තොරතුරුවල නිර්වද්‍යතාව සම්බන්ධව අප සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු ප්‍රකාශ කළේ, තමන් ස්වර්ණවාහීනි ආයතනය හා පූර්ණ කාලීනව එක් නොවූ බවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා පමණක් එම නාලිකාව හා එක්වන බවත් ය. කෙසේ වෙතත් තමන් ජනාධිපති මාධ්‍ය උපදේශක ධුරයෙන් ඉවත්ව නොමැති බව සඳහන් කළ සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, තමන් ජනාධිපති මාධ්‍ය උපදේශක ධුරයේ කටයුතු කරන්නේ, දීමනා ලබා ගැනීමකින් තොරව බවයි. ඒ අනුව තවදුරටත් තමාගේ වෘත්තිය මාධ්‍ය කටයුතු සිදුකිරීම බව සඳහන් කළ සූරියබණ්ඩාර මහතා කියා සිටියේ, තමාගේ ආයතනයක් ද පවත්වා ගනිමින් මාධ්‍ය කටයුතුවල ද නිරත වන බවයි. මේ අතර පසුගිය ජනවාරි මාසයේදී සිරස මාධ්‍ය ආයතනයෙන්  විශ්‍රාම ගිය බව ද චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

අප ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලාවෙන් ද, මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් පිළිතුරු දීමෙන් වැළකී සිටියා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වූයේ, ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පූර්ණ කාලීනව ස්වර්ණවාහීනි ආයතනය හා එක්ව නොමැති බවත් ඔහු වැඩසටහනක් කිරීම සඳහා පමණක් ස්වර්ණවාහිනිය හා එක්වන බවත් ය. මීට පෙර සිරස මාධ්‍ය ජාලයේ සේවය කළ චන්දන සූරියබණ්ඩාර මහතා තවදුරටත් ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ඇති. 

Avatar

Title:ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාරට ස්වර්ණවාහිනියේ නව පත් වීමක්?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *