ඊඩ්ල්වයිස් ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹුවද?

Misleading Social

ස්විට්සර්ලන්තයේ සිට මෙරටට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණි බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“Edelweiss ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයියනුවෙන් සඳහන් කරමින් සටහනක් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

Facebook | Archived Link Archived Link

මෙම තේමාවෙන් පළ වූ තව ත් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

 

සත්‍යවශයෙන් ම ස්විට්සර්ලන්තයේ ඊඩ්ල්වයිස් ගුවන් සේවය ඉතිහාසයේ පළමු වරට සූරික් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹුවාද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම leisure ගුවන් සේවයක් සහ ස්විස් ජාත්‍යන්තර ගුවන් සමාගමේ සහෝදර සමාගමක් වන ඊඩ්ල්වයිස් ගුවන් සේවය ගුවන් ගමන් 2011 වසරේ සිට මාලේ හරහා බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත එඩෙල්වයිස් එයාර් ගුවන් ගමන් ආරම්භ වී ඇති බව දැක ගන්නට ලැබෙනවා.

lankaaviator.com | Archived Link

මේ අතර ඊඩ්ල්වයිස් ගුවන් සේවය මගින් 2018 වසරේ මෙරට ආරම්භ කරන බවට එම ගුවන් සේවය විසින් 2017 වසරේ මාධ්‍ය දැන්වීමක් පළ කර ඇති බව දැක ගන්නට ලැබුණා.

flyedelweiss.com | Archived Link

මේ අතර මෙරට මාධ්‍ය වාර්තා සහ අනෙක් වෙබ් ලිපි මගින් ද, පෙන්වා දෙන්නේ,  2018 නොවැම්බර් 3 වන දින සිට සූරික් සහ කොළඹ අතර සෘතුමය ගුවන් ගමන් වාර ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් ලබා දෙනු බවයි. සූරික් සහ කොළඹ අතර නගර දෙක සෘජුවම සම්බන්ධ කරමින් ඊඩ්ල්වයිස් එයාර් බස් A340-300 ගුවන් යානයක් සතියකට දෙවරක් පියාසර කරනු ඇති බව ත්, නව සම්බන්ධතාවය ස්විට්සර්ලන්ත සහ අනෙකුත් යුරෝපීය සංචාරකයින්ට පහසුවෙන් සහ සුවපහසුවකින් ශ්‍රී ලංකාවට ළඟා වීමට ඉඩ සලසන බව ත්, එම ලිපි මගින් වැඩි දුරටත් පෙන්වා දෙනවා. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව මගින් ද, 2018 වසරේ නොවැම්බර් 04 වන දා ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර වූ පළමු සෘජු ගුවන් ගමන පිළිබඳ ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Lin

2019/2020 ශීත ඍතුවේ දී ඊඩ්ල්වයිස්හි සූරික් සිට කොළඹ දක්වා ගුවන් ගමන් කාලසටහනට සතිපතා ගුවන් ගමන් තුනක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින දක්වා වැඩි කරන බවට එම සමාගම විසින් එම වසරේ මාධ්‍ය නිවේදනයක් පළ කර තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ලැබූ විරාමයෙන් පසුව 2021 වසරේ සිට නැවත සූරික් සිට කොළඹ දක්වා ගුවන් ගමන් වාර අරඹා තිබූ බවට එහ ආයතනය විසින් සෑම වසරකම ගුවන් ගමන් වාර පිළිබඳ මාධ්‍ය නිවේදන පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්,  මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. මෙරට මාධ්‍ය වාර්තා කිහිපයක් මෙතනින් ,මෙතනින් සහ මෙතනින්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් ද, 2021 වසරේ යළි ක්‍රියාත්මක වූ එඩෙල්වයිස්හි සූරික් සිට කොළඹ දක්වා ගුවන් ගමන පිළිබද දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

2022, 2023 සහ 2024 වසරේ ඊඩ්ල්වයිස් සමාගමේ සුරීක් සහ කොළඹ අතර ගුවන් ගමන් වාර පිළිබද පළ වූ සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

2025 මෙම වසරේ ශීත ඍතුවේ ආරම්භයත් සමඟ ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් ස්විට්සර්ලන්තයේ ඊඩ්ල්වයිස් ගුවන් සේවය, සුරීක් සහ කොළඹ අතර ගුවන් ගමන් පසුගිය ඔක්තෝම්බර් 28 වන දා ආරම්භ කර තිබුණා. එයාර්බස් A340-300 මාදිලියේ ගුවන්යානයක් (WK64) යොදා ගනිමින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර මෙම ජල ආචාර පවත්වමින් පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ විසින් කටයුතු කර ඇති බව ත්, අඟහරුවාදා සහ සෙනසුරාදා මෙහි ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිත බවට Aviation Voice ෆේස්බුක් පිටුව මගින් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව මගින් ඒ පිළිබඳව පළ කර තිබුණේ මෙලෙසින්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් ද, සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.


Facebook

කෙසේවෙතත් මීට පෙර ඊඩ්ල්වයිස් එයාර් බස් සූරික් සිට කොළඹ දක්වාත්, කොළඹ සිට මාලදිවයින දක්වාත්, මාල දිවයින සිට නැවත සූරික් වෙත ගමන් ගන්නා ත්‍රිකෝණාකාර ගමන් මාර්ගය වෙනුවට 2025 ඔක්තෝබර් 26 සිට බලපැවැත්වෙන පරිදි, ඊඩ්ල්වයිස් එයාර් බස් සූරික් සිට කොළඹ දක්වාත්, කොළඹ සිට සූරික් දක්වා සෘජු ගුවන් ගමන් සිදු කරන බවට දක්වා තිබුණේ, මෙලෙසින් සහ මෙලෙසින්.

එමෙන්  United Ventures නමැති ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන් සේවයේ මෙරට නියෝජිත ආයතනය ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, ඊඩ්ල්වයිස් එයාර් බස් සූරික් සිට කොළඹ දක්වාත්, කොළඹ සිට සූරික් දක්වා සෘජු ගුවන් ගමන් සිදු කිරීමට ආරම්භ කළේ, මෙම වසරේ සිට බවයි. මීට පෙර සුරිච් සිට කොළඹට පැමිණි ගුවන් යානය, නැවත සුරිච් වෙත ගියේ මාලේ වෙත ගොස් එතැන් සිට සුරිච් වෙත බවත් දැන් එම ආපසු ගමන ද සෘජුව සිදුවන බවත් ඔවුන් තහවුරු කර සිටියා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ

අප මේ පිළිබදව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඉහත ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා නොමග යන සුළු බව ත්, ඉතිහාසයේ ප්‍රථම වතාව නොව බොහෝ කලකට පෙර සිට මෙම ස්විස්ටර්ලන්තයේ සූරික් සහ කොළඹ අතර නගර දෙක සෘජුවම සම්බන්ධ කරමින් සීත සෘතුවේදී ඊඩ්ල්වයිස් එයාර් බස් ක්‍රියාත්මක වන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Edelweiss ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය වේ. බොහෝ කලකට පෙර සිට මෙම ස්විස්ටර්ලන්තයේ සූරික් සහ කොළඹ නගර දෙක අතර ගුවන් වාර සීත සෘතුවේදී ඊඩ්ල්වයිස් එයාර් බස් ක්‍රියාත්මක වී ඇති බවයි. ඒ බවට ඊඩ්ල්වයිස් මාධ්‍ය නිවේදන, පුවත් වාර්තා, ඡායාරූප අවස්ථා දැක ගන්නට ලැබෙන අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මාධ්‍ය අංශය ද, අප කළ විමසීමේදී එය තහවුරු කළා.