අලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් තමන් වැරදි නොවන බවට පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

වනඅලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් ඈත අතීතයේ පටන් කතා බහට ලක් වන කරුණක් මේ පිළිබඳ කුමන ආණ්ඩුවකින් විසඳුම් ලබා දුන්නද, ඒවා තවමත් මෙම අනතුරු වළක්වා ගැනීමට පිටුවහල් වී නොමැති බව දිනෙන් දින දුම්රියේ ගැටී මිය යන අලි මනාවට උදාහරණ වේ. මෙවනන් වටපිටාවකදී වත්මන් පරිසර අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක ඇත්ත නැත්ත සොයා අප කරුණු පරීක්ෂාවක් කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“කෝච්චිවල අලි හැප්පෙන එකට මම වැරදි නෑ. වැරදි අලියයි කෝච්චියයි” යනුවෙන් වනජීවි අමාත්‍යවරායා ප්‍රකාශ කළ බවට සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන් හුවමාරු වී තිබූ තව ත් අවස්ථා පහතින්.

මෙවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා සිදු කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අමාත්‍යවරයා මේ අයුරින් ප්‍රකාශයක් කළ බවට වාර්තා කර ඇති බවක් දැක ගන්නට නෙැලැබුණි.

අමාත්‍යවරයා විසින් මෑතක දී සිදු කළ ප්‍රකාශයන් ද, අප පරීක්ෂා කළ ත්, ඔහු විසින් මෙම ප්‍රකාශය කළ බවට කිසිවක් සඳහන් වන්නේ නැහැ.

මෙම ඡායාරූප අවස්ථාව පිළිබඳ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ, මෙම ඡායාරූපය 2024 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් රුවන්වැල්ලේ පැවති ව්‍යාපාරික හමුවකදී දම්මික පටබැදි මහතාගේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

Facebook | Archived Link

ඒ අනුව එම වකවාණූවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නොමැති බව ත්, ධම්මික පටබැඳි මහතා මන්ත්‍රීවරයෙකු ලෙස හෝ තේරී පත් වී නොමැති බව දැක ගන්නට ලැබේ. එහෙයින් ඔහුට එම වකවාණුවේ පරිසර අමාත්‍ය ලෙස විෂය පඨයක් වගකීම පවරා නොමැති බව පැහැදිලි වේ.

කෙසේවෙතත් අප මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ අමාත්‍යවරයා විසින් අලීන් දුම්රියේ ගැටීම් සම්බන්ධයෙන් ඉහත ආකාරයෙන් ප්‍රකාශයක් කර නොමැති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ ගැවසෙන වන අලින් වල්සපුගල අලි කළමනාකරණ රක්ෂිතය දෙසට පලවා හැරීම සඳහා මේ වන විට පරිසර අමාත්‍යාංශය විසින් සැලසුමක් දියක් කර තිබුණා. කෙසේවෙතත් මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමාජයේ දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද, අමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් සටහන් හුවමාරු වන බවට දක්නට ලැබෙනවා. එවැනි සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. වන ඇලි දුම්රියේ ගැටීම සඳහා පිළියමක් ගෙන නොමැති බවට ද, මේ අයුරින් චෝදනා කර තිබුණා.

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක යන පිරිසගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවෙන් විසඳුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මසදී ද, පවත්වා තිබුණා.‍

එහිදි මූලිකව, වනජීවී නිලධාරීන් හා දුම්රිය රියදුරු නිලධාරීන් ඒකාබද්ධතාවයෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා දීමටත්, දුම්රිය මාර්ගයේ සිල්බර අතර හිස්තැන් පිරිවීම වැනි ක්‍රියාමාර්ග ගත් බව සඳහන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කොට එහි මූලික අත්හදා බැලීම් ද සිදු කරන බව ත්, මාස දෙකක් තුළ Thermal Camera වනඅලි වැඩිපුර ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශවල දුම්රිය කිහිපයක සවි කිරීමට ද වනඅලින්ට දුම්රිය මාර්ග හරහා ගමන් කිරීම පහසු කිරීමට තවදුරටත් දුම්රිය මාර්ගවල කලු ගල් ඇතිරීම කරගෙන යාමටත් දෘෂ්‍යතාව වැඩි කිරීම සඳහා කටයුතු කිරීම සහ ඒ්වා වසර පුරා නඩත්තු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම මෙන් ම මාසිකව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ වාර්තා ලබා ගැනීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණය වී ඇති බව වාර්තා වන්නේ මෙලෙසින්. Archived Link නමුත්, මෙම ගැටලුව සඳහා මෙතෙක් තිරසාර විසඳුම් ප්‍රායෝගිකව ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “කෝච්චිවල අලි හැප්පෙන එකට මම වැරදි නෑ. වැරදි අලියයි කෝච්චියයි” යනුවෙන් පරිසර අමාත්‍යවරායා ප්‍රකාශයක් කළ බවට පළ වන සටහන් අසත්‍ය බවයි. අමාත්‍යවරයා විසින් ඒ අයුරින් ප්‍රකාශයක් කර නොමැති බව දැක ගන්නට ලැබෙන අතර, පරිසර අමාත්‍යාංශය ද, ඒ බව තහවුරු කරයි.

Avatar

Title:අලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් තමන් වැරදි නොවන බවට පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply