දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පත් වූ බුද්ධශාසන අමාත්‍යවරයා බෞද්ධාගමිකයෙකු නොවන බවට දක්වමින් ඒ ඔස්සේ කාලීන සිදුවීමක් ද, අළළා පළ වූ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරික්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මෙහෙණින් වහන්සේලාට පුද්ගලයන් කිහිප දෙනෙක් පරුෂ වචනයෙන් බනින අයුරු දැක්වෙන වීඩියෝවකට “බුද්ධශාසන ඇමති බෞද්ධ නොවුනම රටේ තත්වය මේකයි” යනුවෙන් සඳහන් කැප්ෂන් එකකින් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වුණා.
මේ පිළිබඳව අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය 02 වන දා කෙරවළපිටිය ප්‍රදේශයේ මෙහෙණින් ආරාමයක පැවති කඨින පිංකම අතර තුර බීමතින් පැමිණ මෙහෙණින් වහන්සේට තර්ජනය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.
පැවැත්වෙන කඨීන පිංකම හේතුවෙන් ශබ්දය වැඩි බව ට පවසමින්, අවට නිවෙස් වලට ද, එය කරදරයක් බවට පවසමින් මෙම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයන් දෙදෙනෙකු මෙහිණින් වහන්සේ පරුෂ වශයෙන් බනින බව දැක ගන්නට ලැබේ.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීමත් සමගින්, පොලීසිය විසින් මෙලෙසින් මෙහෙණින් වහන්සේට බනින පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් යොමු කර තිබුණා.
කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාම අසල වූ සිදුවීමක් බව ත්, මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරී ලෙස හැසීරීමේ චෝදනාව යටතේ වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එහි සඳහන්.
අප මෙහි වත්මන් තත්ත්වය පිළිබඳ දැන ගැනීමට පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසූ අතර ඔවුන් සඳහන් කළේ, මේ වන විට අත්අඩංගුවට පත් වූ දෙදෙනාට ඇප ලබා දී ඇති බවයිත
කෙසේ වෙතත් ඉහත වීඩියෝවේ පෙන්වා දී තිබුණේ, මෙරට බුද්ධශාසන අමාත්‍යවරයා බෞද්ධ නොවන බව ත්, ඒ හේතුවෙන් මෙවැනි ක්‍රියාවන් බෞද්ධ ආගමට විරුද්ධව සිදු කෙරෙන බවයි.
නමුත් මෙරට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වරයා වන ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා බෞද්ධ ආගමිකයෙකු වන අතර ඒ බවට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද, ඔහුගේ ආගම ලෙස බෞද්ධ ලෙස සඳහන් වී ඇති අයුරු ද, දැක ගන්නට ලැබේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ද, අප කළ විමසීමේදී පවසා සිටියේ අමාත්‍යවරයා බෞද්ධාගමිකයෙකු බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි බෞද්ධාගමට තර්ජනයක් වී ඇති බවට පළ වන පුවත් ද, නොමග යන සුළු බවයි.
මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද?
මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බුද්ධ ශාසන අමාත්‍යවරයා, බෞද්ධාගමිකයෙකු නොවීම හේතුවෙන් බුද්ධාගම, බෞද්ධයා අනතුරේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වරයා වන ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා බෞද්ධ ආගමිකයෙකු වේ. ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වෙන සිදුවීම සම්බන්ධයෙන් කලහකාරී ලෙස හැදිරුණු පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණ.


